නහරයක් පුපුරා සුගීෂ්වර බන්ධනාගාර රෝහලට..


 හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ලෙස සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රුපියල් කෝටි 22කට අධික රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ විශ්වාසය කඩකිරීම සම්බන්ධ චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඔහුගේ පාදයේ පැවති ‘වෙරිකෝස්’තත්ත්වය උත්සන්න වී නහරයක් පුපුරා යාම හේතුවෙනි.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ, මෙම තත්ත්වය හමුවේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් දරුණු බැක්ටීරියා ආසාදනයක් වර්ධනය විය හැකි බවයි. 

එමගින් පාදය ඉවත් කිරීමට පවා සිදුවීමේ බරපතළ අවදානමක් පවතින බවට නීතිඥවරු අනතුරු අඟවති.

මෙම රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබිණි.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, බන්ධනාගාරගත රැඳවියෙකුගේ අභ්‍යන්තර පරිපාලන හෝ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් සෘජු නියෝග නිකුත් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි.

එම බලය බන්ධනාගාර පාලනාධිකාරිය සතු වන්නක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත සෘජුව යොමු කරන ලෙස නියෝග කළේය.

මෙම නීතිමය ක්‍රියාපටිපාටියෙන් අනතුරුව, උද්ගත වූ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (21) පස්වරුවේ ඔහුව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සුගීෂ්වර බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලයේදී විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර තිබේ.





Former President Gotabaya Rajapaksa's Secretary Hospitalized Due to Health Emergency

In a concerning development, Sugishwara Bandara, the former personal secretary to President Gotabaya Rajapaksa, has been admitted to prison hospital following a sudden health crisis.

Bandara is currently held in remand custody on charges linked to the fraudulent misappropriation of over 2.2 billion rupees of government funds and breach of trust.

The urgency of his hospitalization stems from a worsening condition related to varicose veins, which led to a rupture in his leg.

Legal representatives maintaining watch over Bandara have informed the court that failure to provide adequate medical treatment could lead to a severe bacterial infection.

They cautioned that there exists a significant risk of amputation if his condition deteriorates further.

In light of these medical concerns, his attorneys filed a motion at the Colombo Magistrate's Court, requesting that the General Prison Commissioner be directed to provide immediate medical attention.

However, the magistrate, Pasan Amarasinghe, rejected this request, stating that the court lacks the legal authority to issue direct orders regarding internal prison administration or health facilities. He clarified that such powers reside solely with the prison management.

Following this judicial process, and considering the emerging health crisis, prison officials took action yesterday afternoon (21) to transfer him to the prison hospital.

Sugishwara Bandara has served not only as the personal secretary to former President Gotabaya Rajapaksa but also was the Director General of Special Projects during the tenure of former President Ranil Wickremesinghe.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. පසන් අමරසේන ගේ කකුල් කපලා ඌට කවන්න ඕනී

    ReplyDelete
    Replies
    1. මූ පසන් අමරසේන...ඔස්ට්‍රලියාවේ ඉන්නවා බාලගේ අමරසේන, සුදන්ත අමරසේන කියන ජපන් බෙට්ටෝ දෙන්නෙක්. මුන් ඔක්කොම අඩු කුලේ සක්කිලි නෑදෑයෝද?

      Delete
    2. අපිලට තේරෙනවා බොලාලා ඉන්න අමාරුවා.... :D කකුල් වන වෙලා අබ්බගාතයෙක් උනත් කරන්න දෙයක් නෑ.... එක් සිරකරුවෙකුට විතරක් විශේෂ වරප්‍රසාද තියෙන්න බෑ...

      Delete
    3. namalge bettak kawwanam hari...oy thiyenne beti kanna nathi lede...

      Delete
    4. උඹ නාමල්ගෙ බෙටිකාල අත්දැකීමෙන්ද ඔය කියන්නෙ?
      ඊට වැඩිය සියගුණයක් කොටාගෙ බෙටි රසයි ගුණයි කියලයි උගේ වහල්ලු කියන්නෙ.
      මොකද කොටා කෝච්චියේ ටොෆී, සිගරැට් විකුනපු කාලෙ කාපු පානුයි පරිප්පු වෙනුවට දැන් ඌ කන්නෙ හැම්, බේකන්, ඩෙවල  බීෆ් වගේ රජ බොජුන්ලු. උඹත් කාල බලල වෙනස කියපන් මේ උඩින් කොමෙන්ට් දාපු වහලට.

      Delete
  2. Kaputu Kaak Kaak Kaak!

    ReplyDelete
  3. බල නහරයක් වත් කැපුවද ?

    ReplyDelete
  4. හොඳ වැඩේ සක්කිලි බණ්ඩාරට

    ReplyDelete
  5. පොන්සියෙක් වගේ උගේ මූ​න

    ReplyDelete
    Replies
    1. පසන් අමරසේනගෙ නේද?

      Delete
  6. තුප්පහිගේ දේවසිරිAugust 22, 2026 at 7:02 PM

    තව ලෙඩ ගොඩක් ඇති.

    ReplyDelete
    Replies
    1. තුප්පහිගේ හරිනිAugust 22, 2026 at 10:50 PM

      ලෙඩ නැත්තෙ කාටද?
      පොලු බස්සනව වෙනුවට මාසෙ මාරුවෙච්ච ගෑණුන්ගෙ හුජ්ජ වලේ අතුල්ලල, අතුල්ලල මටත් අඳුරගන්ඩ බැරි ලෙඩ හැදිල.

      Delete
Previous Post Next Post