ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කොන්දේසියක් වන 'දේපළ බද්ද', එළඹෙන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වා දීමට රජය පියවර ගත යුතු බව එම අරමුදල අවධාරණය කර සිටියි.
මෙම දේපළ බද්ද ප්‍රධාන වශයෙන්ම පැනවීමට යෝජනා වී ඇත්තේ දෙවැනි හෝ අමතර නිවසක් හිමි පුද්ගලයන් ඉලක්ක කර ගනිමිනි.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කරන නිශ්චිත කාලසීමාව සහ එහි ව්‍යුහය පිළිබඳව රජය මේ වන විටත් වැඩිදුර අධ්‍යයනයක නිරතව සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
සාමාන්‍යයෙන් දේපළ සඳහා බදු අයකිරීම විධිමත් බදු ක්රමයක අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එමගින් දේශීය ආදායම් ශක්තිමත් කර ගැනීමට විශාල දායකත්වයක් ලැබෙන බව මූල්‍ය අරමුදලේ මතයයි.
ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ එකක් බවට පත් කිරීම සඳහා "මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක්" සකස් කරන ලෙස ද ඔවුන් රජයට නිර්දේශ කර ඇත.
බදු ගෙවන පිරිස වැඩි කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ අනවශ්‍ය බදු සහන ඉවත් කිරීම මෙම උපායමාර්ගයේ ප්‍රධාන අංග වේ.
දේපළ බද්ද යනු පුද්ගලයෙකු සතු ඉඩම්, නිවාස සහ ගොඩනැගිලි වැනි නිශ්චල දේපළවල වටිනාකම මත පදනම්ව අය කරනු ලබන සෘජු බදු ක්රමයකි.
දැනට මෙරට පළාත් පාලන ආයතන මගින් වාරික වශයෙන් දේපළ තක්සේරු බදු අය කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ ජාතික මට්ටමේ පුළුල් දේපළ බද්දකි.
මෙම බදු ක්‍රමය මුලින් 2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, ඒ සඳහා ප්‍රධාන බාධක දෙකක් මතු වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අදාළ නෛතික කරුණු ඉන් එකක් වන අතර, අනෙක් බාධකය වන්නේ මෙරට ජනතාවගේ දේපළ පිළිබඳ නිවැරදි තක්සේරු දත්ත ඇතුළත් ජාතික දත්ත පද්ධතියක් නොමැති වීමයි.
කෙසේ වෙතත්, රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වන්නේ පවතින ආදායම් මාර්ග හරහා දැනටමත් නියමිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වී ඇති බැවින්, නව දේපළ බද්දක් හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සඳහා මෙවැනි ව්‍යුහාත්මක බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි.
ඒ අනුව, අදාළ දත්ත පද්ධති සකස් කරමින් මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස මූල්‍ය අරමුදල රජයට දැනුම් දී ඇත.
IMF Urges Sri Lankan Government to Implement Property Tax Within Six Months
The International Monetary Fund (IMF) has emphasized the necessity for the Sri Lankan government to introduce a property tax, a key condition of the funding program provided to the country, within the first six months of the upcoming year.
This proposed property tax primarily targets individuals who own second or additional homes, as part of a broader initiative to enhance local revenue generation.
Currently, the government is engaged in detailed studies to determine the specific timeframe and structure for implementing the tax. The IMF has noted that establishing an efficient property tax system is essential for strengthening domestic income.
In line with these recommendations, the IMF has urged the government to develop a "mid-range income strategy" aimed at refining Sri Lanka's tax system to ensure it is both efficient and equitable.
Central to this approach is broadened taxpayer participation, improved tax administration, and the removal of unnecessary tax exemptions, which the IMF believes will significantly bolster revenue.
A property tax is a direct levy based on the value of immovable property owned by individuals, such as land, houses, and buildings.
While local government bodies currently impose property assessment taxes, the IMF is advocating for a more expansive national property tax system.
Although the initial plans suggested implementing this tax in 2025, two major obstacles have emerged. The first pertains to legal considerations regarding the 13th Amendment to the Constitution, while the second is the lack of a national data system containing accurate property valuation information.
Despite these challenges, government officials have stated that current income channels are sufficient to meet existing revenue targets, thereby diminishing the immediate urgency for introducing a new property tax.
Nevertheless, the IMF asserts that such strategic tax reforms are vital for achieving long-term economic stability.
Accordingly, the organization has advised the government to lay the groundwork necessary for the effective implementation of the tax, including establishing the required data systems.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලාලා හිරු වැහැවුවා වාගේ බැරිද දන්නෙ නැහැ මුගෙ කට වහන්න... IMF Mouth
ReplyDelete