වතුකරය පිටි මිලෙන් රත්වෙයි.. රොටි සහනාධාර ඉල්ලයි...


පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ හැටන් ඇතුළු වතුකරයේ ජනතාව ජීවන අර්බුදයකට මුහුණ දී සිටිති.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම මිල වැඩිවීම තමන්ට දරාගත නොහැකි බව එම ප්‍රදේශවල ජනතාව මැසිවිලි නගති.

වතුකරයේ ජනතාව පෙන්වා දෙන්නේ තමන්ගේ ප්‍රධාන ආහාරය සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ පාන් පිටි බවයි.

විශේෂයෙන්ම වතු සේවයට යන විට රැගෙන යන ප්‍රධාන ආහාරය වන ‘රොටි’ සකස් කර ගැනීමට පිටි අත්‍යවශ්‍ය වන බැවින්, මෙම මිල ඉහළ යාම තමන්ගේ දෛනික ආහාර වේලට සෘජුවම බලපාන බව ඔවුහු පවසති.

"අපේ ප්‍රධාන ආහාරය රොටි. වත්තට වැඩට යනකොට අපි අරන් යන්නෙත් රොටි. දැන් තියෙන පඩියෙන් ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. මෙහෙම පිටි මිල වැඩි වුණාම අපි කොහොමද දරුවන්ට කන්න දෙන්නේ? මේක හරියට කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්," යැයි වතු කම්කරුවෝ කිහිපදෙනෙක්ම සිය අදහස් දක්වමින් පැවසූහ.

දැනට ලැබෙන වැටුප පවතින ඉහළ ජීවන වියදම හමුවේ පවුලේ නඩත්තුවට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පවසන එම ජනතාව, රජය වහා මැදිහත් වී තමන්ට සහනදායී මිලකට පාන් පිටි ලබා දීමට පියවර ගත යුතු බව අවධාරණය කරති.

වතුකරයේ ජනතාවගේ සුවිශේෂී ආහාර රටාව සහ ආර්ථික තත්ත්වය සලකා බලා, තමන්ට පිටි සහනාධාරයක් ලබා දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.

- මනුර සුදත් සෙල්ලහේවා





Rising Flour Prices Push Plantation Workers into Deeper Crisis

The price of flour has surged by Rs. 17 per kilogram, plunging the residents of Hatton and surrounding plantation areas into a severe economic crisis. Locals express their dismay, stating that they can no longer afford the increasingly costly essential goods amid existing economic hardships.

Residents highlight that flour is a crucial component of their primary diet, with many relying on it to prepare 'roti', a staple food they take with them when heading to work in the plantations. The recent hike in flour prices directly impacts their daily meals, they argue.

"Roti is our main food. When we go to work, we take roti with us. It is becoming extremely difficult to survive with the current salary levels. With the flour prices rising like this, how are we supposed to feed our children? It's like being trapped in a tightening noose," shared several plantation workers, voicing their concerns.

The community emphasizes that their current wages are insufficient to cover the high cost of living, compelling them to call for immediate government intervention to ensure access to flour at a reasonable price.

In light of the unique dietary habits and economic circumstances of those in plantation areas, they kindly urge authorities to provide flour assistance as a means of relief.

- Manura Sudath Sellahawwa



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. පචයට අල්ලපු ඇල්ලිල්ලට ඔහොම වෙලා මදි😂😂

    ReplyDelete
    Replies
    1. pachayata alluwe pennama hora kapuhinda

      Delete
    2. Allapu allillata thummulleta rewi rewi yanawa kiyala thama danna aya kiyanne. hoda wade paddata

      Delete
    3. කෝ අර අම්බිගා දේවිය සහ පෝල්රාජ් දේවිය?
      උන් දෙන්නා හාමුදුරුවොන්ට අංචි අදින්න ගේම් ගහන අස්සේ උන්ගේ ඡන්ද දායය ගොන් හැත්ත විඳවනවා.

      Delete
    4. එහෙම කියන්න එපා. උන් හරි අසරණයි.
      දවසට පඩිය 800, 1200යි. කොහොම ජීවත් වෙනවද මන්දා.
      රුපියල පවා උන්ට දරුණුවට දැනෙනවා. පව් ඉතින්.

      Delete
    5. දැන් අම්බිකාට සරුයි. අර වතු දෙමළ පාට ගිහින් පින් පාට වෙලා, මහත් වෙලා.
      අර වතු දෙමල පොලිස් ඇමතියත් දැන් මහතයි ආවට වඩා. ඇට සැකිලි වගේනේ පාර්ලිමේන්තුවට ආවේ.

      Delete
  2. මාලිමාවට ගොට්ට අල්ලා අරගල කල සැමට සොබාදහම නඩු අසමින් සිටී.
    නේපාලයෙත් අරගල කරපු අයට සොබාදහම ලොකු දඬුවමක් දීලා. හරිම කනගා‍ටුයි. ඒත් පුදුම විදියට දිට්වා එක වගේමයි. මිනිස්සු මේවගෙන් වත් ඉගෙන ගන්නේ නැහැ. නේපාලෙත් ගෙවල් ගිනිතියලා, මිනී මරලා උන් සතු‍ටු වුනා. සැමරුවා. දැන් රටම මළ ගෙයක් වගේ. ලංකාවෙත් 860ක් මැරුණා දිට්ව එකෙන්. පාඩුව ඩොලර් බිලියන 5කට වැඩියි. නේපාලෙත් ඒ වගේමයි.

    ReplyDelete
    Replies
    1. ඕක අපිටත් නොතේරුනා නෙමේ. ඒත් කොමෙන්ට් දාලා කුණුහරුප අහගන්න බැරි නිසා සද්ද නැතුව හිටියා. උන්ට හොඳ නම් අපිට මොකෝ.

      Delete
    2. බංගලිදේසෙ ගොන් වහන්සෙලටත් තේරීගෙන එනවා. එහේ නම් අරගල අගමැට්ටට ගෙදරත් යන්න වෙනවා. ඊට පස්සෙ ආවේ ලංකාවෙ වගේ දේශපාලනේ නොකරපු ගොන් මැට්ටෙක් නෙමේ. එහේ ආවේ කලීඩා සියාගේ පුතා. ඒත් ඌටත් සාපේ වැදිලා. ආර්ථිකේ හොම්බෙන් යන්නේ. හොඳට හැදීගෙන ආපු රට ලෙල්ලටම වැටිලා. ගාමන්ට් ටික එහෙත් වැහීගෙන යනවා.

      Delete
  3. අය්යා, perchase 5 ගානේ දෙනව නේද?

    ReplyDelete
  4. දැන් අනුරයා ඇවිල්ලා රොටි හදලා කවයි උඹලට. බලන් හිටපල්ලා.

    ReplyDelete
Previous Post Next Post