ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර නොගැනීම හේතුවෙන්, සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් නිසි උසස්වීම් නොලබාම විශ්‍රාම ගැන්වීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයචෝදනා කරයි.
නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.
නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් පවතිද්දී අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වූ ධම්මික ගනේපොල මහතාට නිසි උසස්වීම් ලබා නොදීම හේතුවෙන් ඔහු වයස අවුරුදු 63 දී විශ්‍රාම ගිය බවයි.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට පත්වීමට පූර්ණ සුදුසුකම් සපුරා තිබූ අයෙකු බවත්, එවැනි දක්ෂ විනිසුරුවරයෙකුගේ සේවය නිසි ලෙස ඇගයීමට ලක් නොකිරීම අධිකරණ පද්ධතියට සිදුවූ විශාල පාඩුවක් බවත් එම සංගමය අවධාරණය කරයි.
එමෙන්ම, 1996 වසරේ සිට අධිකරණ සේවයේ නියුතු අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ද මෙම මස අවසානයේදී විශ්‍රාම යාමට නියමිතව ඇත.
හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් 2025 ජූලි මාසයේදීම ගුරුසිංහ මහතාගේ නම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා නිර්දේශ කර තිබුණද, ජනාධිපතිවරයා මෙතෙක් ඒ පිළිබඳව ක්‍රියා කර නොමැති බව නීතිඥ සංගමය පවසයි.
2025 මැයි මාසයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පවතින බවත්, මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතර බැගින් පවතින බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.
මෙම පුරප්පාඩු මසක් ඇතුළත පුරවන බවට ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 12 වැනිදා ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බව ද එම සංගමය සිහිපත් කරයි.
රජයට හිතවත් පුද්ගලයන් මෙම තනතුරුවලට පත් කිරීම සඳහා හිතාමතාම මෙම පුරප්පාඩු පවත්වාගෙන යන්නේද යන සැකය මතුවන බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතල තර්ජනයක් බවත් නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
විනිසුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද කිරීම හරහා ඔවුන් දැඩි පීඩනයකට ලක්වන අතර, එය සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටම අහිතකර ලෙස බලපාන බව එම ලිපියේ දැක්වේ.
Concerns Raised Over Supreme Court Vacancies and Delayed Promotions
The Sri Lanka Bar Association has expressed alarm over the lack of action by President Anura Kumar Dissanayake to fill existing vacancies in the Supreme Court, resulting in qualified senior judges retiring without receiving their rightful promotions. This issue was brought to light in a letter addressed to the President by the Bar Association.
The Association highlighted that amidst four vacancies in the Supreme Court, Dhamika Ganephola, a senior judge at the Court of Appeal, was forced to retire at the age of 63 without receiving the appropriate elevation he was entitled to. He was fully qualified to serve as a Supreme Court judge, and the failure to recognize the services of such a capable judge represents a significant loss to the judicial system, according to the Association.
Additionally, R. Gurusinha, the most senior judge of the Court of Appeal, is also set to retire at the end of this month after years of service since 1996. Although former Chief Justice Murdu Pranandha recommended Gurusinha’s name for a Supreme Court position in July 2025, the Bar Association asserts that the President has yet to take any action regarding this recommendation.
The Bar Association further revealed that as of May 2025, there will be vacancies in the Supreme Court, with a total of four vacancies currently existing in both the Supreme and Appeal Courts. They reminded that a promise made by the President on August 12 to fill these vacancies within a month has not been fulfilled.
The Association has raised concerns that the intentional delay in filling these positions suggests an attempt to appoint politically friendly individuals, posing a grave threat to the independence of the judiciary. They noted the negative impact that delaying promotions can have on judges, contributing to overall injustice in the judicial process.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

it is very clear - Lapaya plots the game
ReplyDeleteමොකද ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නේ දේවගැති සූරයාගේ බෝර්න් අගේන් න්යායපත්රයට අනුව වැඩ කරන විනිසුරුවරු පමණයි.
Delete71 සහ 88-89 දී කැරැල්ලකින් බලය අල්ලා ගන්න බැරි වුන ජවිපෙ මෙදා පාර කැරැල්ලකින් බලය අත හරිනවා. ඔහොම යං. කාදිනල්ගේ, ඉෂාරගේ, ධම්මිකගේ, ඩඩ්ලිගේ ඉල්ලීම් ඉටු කළාට ඉන්දියාවේ හෝ කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු නොකළ නිසා ජවිපෙ ආයුෂ කෙටියි.
Delete2025 ජූලි මාසයේදීම ගුරුසිංහ මහතාගේ නම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා නිර්දේශ කර තිබුණද, ජනාධිපතිවරයා මෙතෙක් ඒ පිළිබඳව ක්‍රියා කර නොමැති බව නීතිඥ සංගමය පවසයි.
ReplyDeleteLAPAYA FILTER KARALA GANNE
මේ කාරණා ටික, දයාසිරි ජයසේකර පසු ගිය දා පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කළා - මේ ප්‍රවෘතිය සියලු මාධ්‍ය වලින් හංගලා තියෙන්නේ.
ReplyDeleteඒ අය විශ්‍රාම යාමට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයට පත් නොකළේ ඇයි කියන එක විසින් ආණ්ඩුවේ ඇත්ත න්යායපත්රය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වෙනවා.
පරිණත විනිසුරුවරු රඳවා ගන්න ඕනේ නම්, ඒ අය ශ්‍රේෂාඨාධිකරණයට පත් කළා නම්, ඒ අය දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහනවා.
ෂ්රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් තිබියදීත්, නඩු කඩිනම් කරන්න ඕනේ කියන ආණ්ඩුව, විශ්‍රාම යන විනිසුරුවරු විශ්‍රම යා නොදී අධිකරණ පද්ධතිය තුල රඳවා ගත යුතුයි කියන ආණ්ඩුව, මේ අභියාචනාධිකරණ විනිසුරුවරු ශ්‍රේෂාඨාධිකරණයට පත් නොකර , විශ්‍රාම යන්න ඉඩ හරිනවා.
මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නේ දේවගැති සූරයාගේ බෝර්න් අගේන් න්යායපත්රයට අනුව වැඩ කරන විනිසුරුවරු පමණයි.
ආණ්ඩුවට උවමනා තීන්දු දෙන විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයට ආවොත් එයාව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනවා - එහෙම නැත්නම් පත් කරන්නේ නෑ - ඕක තමයි ඔතන යන සෙල්ලම.
මොකද ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ව්‍යවස්ථා ජිල්මාර්ට් එකක් හරහා ආණ්ඩුවේ කාලය දීර්ඝ කර ගන්න
ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය තීන්දු ලබා දෙන විනිසුරුවරුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පිරවීම අවශ්‍යයි.
ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන, 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි නොවී ඉන්න ආණ්ඩුව සමග එකඟ වී සිටින, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර ආදින්ගේ පාර්ලිමේන්තු විපක්ෂයට තරු පේන්නේ අන්න එදාටයි.
හොර ගල් අහුලන විපක්ශය සූදානම් වෙන්න තව වසර 100ක් විපක්ශයෙ ඉන්න
ReplyDeleteවිපක්ෂය කියන්නේ සජිත් හෝ නාමල් හෝ නොවෙයි. මාලාමාවුන්ට සැබෑවටම විරුද්ධව අවි අතට ගන්න අයයි සැබෑ විපක්ෂය. ඒකට වසර 100 ක් නොවේ තව සුමාන 100 ක් ඇති.
Deleteවෙන කරන්න දෙයක් නැහැ, කරන්න තියන එකම දේ බලපෑම් කල හැකි සියලුම ජාත්‍යන්තර සන්විධාන සහ රටවල් දැනුවත් කරපල්ල. අරුන් හොරු මුන් හොරු කියල ප්‍රජාතන්ත්‍රවාදෙට කෙලවගෙන රටට කෙලවගෙන නිදහට කෙලවගෙන සොම්බියො වෙන්නෙ නැතුව.
ReplyDeleteපිස්සෙක් රජ වුනත් එකයි. රජා පිස්සා වුනත් එජයි.
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් එළිවෙන jameta
ReplyDelete😁😁😁
This is the true situation. Why the so called opposition of the parliament point out these facts to the general public ?. Are they sleeping while these terrorists bury democracy in Sri Lanka ?.
ReplyDelete