සංචාරකයන් දෙදෙනෙකුගේ සිරුරු ගසක එල්ලෙමින් තිබියදී හමුවේ...


මෙරට සංචාරයක නිරතව සිටි විදේශීය ජාතිකයන් දෙදෙනෙකුගේ සිරුරු මාතර, තිහගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට කොහොඹ ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව තිහගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 57 හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ ජාතිකයෙකු සහ 52 හැවිරිදි වියේ පසු වූ ස්කොට්ලන්ත ජාතිකයෙකු බව පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

මොවුන් දෙදෙනා වැලිගම, ගුරුබැවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි පිරිසක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම විදේශිකයන් දෙදෙනා සියදිවි නසාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබේ.

මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත තිහගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.





Two Foreign Nationals Found Dead in Matara

In a shocking discovery, the bodies of two foreign nationals were found hanging from a coconut tree in a temple area of Thihagoda, Matara. Local police reported the grim find, which has left the community in disbelief.

Authorities have identified the deceased as a 57-year-old French citizen and a 52-year-old Scottish national. Initial investigations suggest that both individuals were part of a group staying at a nearby tourist hotel in the Welligama, Gurubebila region.

Preliminary investigations indicate a strong suspicion of suicide, though the reasons behind their tragic decision have yet to be revealed, as stated by a senior police officer involved in the case.

The bodies are scheduled for postmortem examinations to determine the exact cause of death. Under the guidance of Senior Police Officer Wasantha Kumara, a team from Thihagoda police is conducting further inquiries into the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. Did they meet Randa Dissanayaka FCID

    ReplyDelete
  2. මේ ආණ්ඩුවේ පහස ලබන කදිනල්ගේ රතු බලකායේ බවුද්ද ආගම විනාස කිරීමේ කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙස විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට කොහොඹ ගසක එල්ලා ජාත්‍යන්තරය බවුද්ද ආගමට එරෙහිව යොදා ගැනීමේ උපක්ක්‍රමයක්

    ReplyDelete
    Replies
    1. 22 න් දික්වෙන උතුමාන්ලා තීන්දු දෙවි කාඩිනල් සතුටු වෙන

      Delete
  3. මෙහෙ ඇවිල්ලා බෙල්ලෙවැල දාගන්න උන්ට පිස්සු නෑ
    යකුනෙ..
    කවුරු හරි උන් දෙන්නව මරලා එල්ලලා..

    ReplyDelete
  4. සියදිවි නසා ගන්න විහාරස්ථානයක බෝමළුවක් තෝරා ගැනීම...
    කෙටි මගකින් ස්වර්ගයට යාමට මිනීමරාගෙන සියදිවි නසාගත් සහරාන් පන්නයේ මෝඩ වැඩක්
    හෝ බුද්ධාගම අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් වීමට හැක.

    ReplyDelete
Previous Post Next Post