නුවර-නුවර එලිය හෙට පාසැල් වහයි..


 බලපා ඇති දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි සියලුම පාසල් හෙට (04) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇති අතර, ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මතුව ඇති ගංවතුර සහ නායයෑමේ අවදානම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.

විශේෂයෙන්ම පවතින අවදානම් තත්ත්වය හමුවේ සිසුන්ගේ සහ ගුරු මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම නිවාඩුව ලබා දීමට පියවර ගත් බව පළාත් අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.





Schools in Kandy and Nuwara Eliya to Remain Closed Due to Severe Weather

In response to the ongoing severe adverse weather conditions, authorities have announced the closure of all schools in the Kandy and Nuwara Eliya districts tomorrow, October 4th.

This decision was officially communicated by the Central Province Education Secretary, who cited heavy rainfall leading to flooding and drowning risks as the primary factors behind this precautionary measure.

Education officials highlighted that this closure aims to ensure the safety of both students and teaching staff amidst the current hazardous weather situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post