කුඹුරු ඉඩම්වල බඩ ඉරිගු වවන්න ගොවීන් උනන්දු කරවනවා..


 ගොවීන් මුහුණ දෙන ගැටලු සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා අවධාරණය කළේ ගොවියාගේ ආදායම වැඩිකිරීම සඳහා පවතින එකම විසඳුම අක්කරයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය ඉහළ නැංවීම බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වලව කලාපයේ ඇතැම් ගොවීන් අක්කරයකට වී බුසල් 240ක් වැනි ඉහළ අස්වැන්නක් ලබාගන්නා බවයි.

එවැනි ඉහළ අස්වැන්නක් ලබාගන්නා ගොවියෙකුට දැනට පවතින වී මිල ප්‍රමාණවත් වුවද, අක්කරයකට බුසල් 80ක් වැනි අඩු අස්වැන්නක් ලබාගන්නා ගොවියෙකුට එම මිල ප්‍රමාණවත් නොවන බව ඔහු සඳහන් කළේය.

අස්වැන්න වැඩි වන විට කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අඩු වන බැවින් ගොවියාට වැඩි ලාභයක් ඉතිරි වන බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

රටේ බඩඉරිඟු අවශ්‍යතාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් වුවද, දැනට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් පමණක් බවයි.

මෙම හිඟය පියවා ගැනීම සඳහා සුළු වාරිමාර්ග පද්ධති යටතේ පවතින කුඹුරු ඉඩම්වල වී වගාව වෙනුවට බඩඉරිඟු වගා කිරීමට ගොවීන් උනන්දු කරවන බවත්, මහා පරිමාණ වාරිමාර්ග සහ මහවැලි කලාප තුළ වී වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හුදෙක් පුරන් කුඹුරු අස්වැද්දීම යන සංකල්පයෙන් ඔබ්බට ගොස්, පවතින ඉඩම් ප්‍රමාණය තුළ උපරිම අස්වැන්නක් ලබාගත හැකි උපායමාර්ගික වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී අවධාරණය කළේය.





Minister Highlights Need to Increase Rice Yields for Farmer Income Improvement

In response to a question raised in Parliament regarding the challenges faced by farmers and the current state of the agricultural sector, Agriculture Minister Lal Kantha emphasized the necessity of enhancing rice yields per acre as the sole solution to increasing farmer income.

He further pointed out that some farmers in the Walawa region are achieving remarkable harvests of 240 bushels per acre. However, he noted a disparity in the benefits of current rice prices, stating that for farmers yielding only 80 bushels per acre, the price is inadequate.

With increased yields, the cost of production per kilogram decreases, resulting in higher profits for farmers, according to the Minister.

Discussing the country's rice requirements, he revealed that while the annual need is approximately 800,000 metric tons, current production is only around 300,000 metric tons.

To address this shortfall, farmers have been encouraged to cultivate rice in wetlands under minor irrigation systems instead of the traditional crops, and there are efforts underway to enhance productivity in large-scale irrigation schemes and the Mahaweli region.

Emphasizing a departure from merely stabilizing existing rice yields, Minister Lal Kantha highlighted the government's initiatives to implement strategic programs aimed at maximizing yields within the current land areas.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. Transformer pupurawapu un kohida Goda mada deke wenasa danne :P

    ReplyDelete
  2. ගොවිබිම් මුඩුබිම් කරලා, වී ගොවිතැන වෙනුවට වෙනත් වගාවන් හදුන්වලා දීලා, වී ගොවියා විනාශ කරලා, ගොවිබිම් මුඩුබිම් කරලා පිටරට කොම්පැනි වලට ලංකාවේ ඉඩම් විකිනීම තමා එකම අරමුන. රැවටෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒ මොනවද බං උඹ ගහන්නේ? නිකම් ගල් අරක්කු ගහල නම් ඔහොම ආතල් ඔලුවට එන් නෑ.

      Delete
  3. බඩඉරිඟු වලින් කුකුල් කෑම හදන්නෙ මුං කුකුල්ලුද

    ReplyDelete
Previous Post Next Post