ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිම තුළ ද ඔස්ට්‍රේලියාවේ පවතින ආකාරයේ නිදහස්, සාමකාමී සහ නීතිය අකුරටම ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය කර දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති "ව්‍යවසායකයන්ගේ රාත්‍රිය 2026" (Entrepreneurs' Night 2026) විශේෂ හමුව අමතමිනි.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොහෝ පිරිසක් මෙරටින් බැහැරව ඔස්ට්‍රේලියාව වැනි රටවල් කරා සංක්‍රමණය වූයේ නිදහස් අධ්‍යාපනයක්, ස්වාධීන ජීවන රටාවක් සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් අපේක්ෂාවෙන් බවයි.
එම අපේක්ෂාවන් ඉදිරි කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ද සැබෑ කරන බවට ඔහු මෙහිදී සහතික විය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ පවතින ප්‍රධාන ගැටලු වන මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටින බව හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය. ආයෝජකයන්ට සහ ව්‍යවසායකයන්ට බියෙන් තොරව කටයුතු කළ හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම හරහා රටේ අනාගත පරපුරට සුන්දර මව්බිමක් උරුම කර දෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Sri Lankan Minister Promises Peaceful Environment for Nationals Abroad
The Minister of Industries and Commerce, Sunil Handunnetti, has assured the Sri Lankan diaspora residing in Australia that efforts are underway to establish an environment within their homeland similar to the freedom, peace, and rule of law they enjoy in Australia.
Speaking at the "Entrepreneurs' Night 2026," an event held in Melbourne, the Minister emphasized the aspirations of many Sri Lankans to migrate to countries like Australia in search of quality education, an independent lifestyle, and an environment where the law is applied equally to all.
He confidently stated that these aspirations will soon be realized within Sri Lanka, ensuring that the country moves towards greater stability and opportunity.
Handunnetti noted the government's ongoing measures to tackle significant issues faced in the Asian region, particularly the illicit drug trade and underground activities. Creating a secure environment where investors and entrepreneurs can operate without fear is a top priority for the government, which aims to confirm the supremacy of the law and bequeath a vibrant homeland to future generations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

It is a big කුච්චන්
ReplyDeleteමූ ලංකාවත් කාන්තාරයක් කොරන්න වගේ යන්නෙ
DeleteOka aulk na ithin. Me rataval vala inna godak jeppo inne higana suburb vala unge loke patt podi. Un suddo inna rich paththak dakalaavth na. Me lagadhi Aussi vala e vage inna dial ekak mata hamaba vela kiyanava unge paththe paraval vala thara danavalu marulu. e kiyanne un lanakve toilet ekak hadhuvama bus ekak parata dammaam choon venne boruvta nemei e thamai unge loke. Lanka hityath Aussi hitiyath kohe hitayath unge loke oka. Lanajve eun ithin ova dahnne na un hithanne pita rataval vala hama area ekakma eka vage kiyala,.
ReplyDeleteඅපි ලංකාවේ හිටියේ ලංකාවක් දකින්න මිස්සක්.
ReplyDeleteතොපි රට කනවා
ලංකාව ඕස්ට්‍රේලියාව කරනවා කියලා මුන් කැලෑ වලට කැන්ගරුවන් ටිකක් අතහරැලා දායි. මුන් එහෙමට බඩු ටිකක්.
Deleteමූ කටෙන්ද පුකෙන්ද කතාකරන්නේ? නීතිය හැමෝටම සමාන බව අගේට පේනවා. උඹලට එක නීතියකුය් විපක්ෂයට එක නීතියකුය්. උඹලා පුළුවන් තරම් හොරකම් කරනවා, අධිකරණයට අපහාස කරනවා. ඒවාට ගන්න ක්‍රියාමාර්ග මොනවද?
ReplyDeletePahugiya desapakala lankawa singaporuwak karanawa kiwwa. Anthimata bankoloth una. Meka australiyawak karanawa kiyanawa. Mama hithanne meeta passe lankawa bangawelama yayi wage.
ReplyDeleteහීනෙන් සහ බොරුවෙන් තමයි.
ReplyDeleteපුලුවන් නම් මුන් ඔස්ට්‍රේලියාවේ ගිහින් බස් පුච්චල, ට්‍රාන්ස්පෝමර් පුපුරවල වැඩ වර්ජන කරල, කප්පම් අරගෙන, බොරු කියල, පුලුවන් නම් ඔස්ට්‍රේලියාව ලන්කාවෙ මට්ටමට ගෙනැත් වැඩේ කෙරුව කියයි.
ReplyDeleteඉස්සෙල්ලා බිග් කුච්චන් ඉංග්‍රිසි නැතුව , හරියට ඉංග්‍රිසි වචනයක් කතාකරන හැටි මූට උගන්න වෙනවා 😆👌😆
ReplyDeleteවෙලාවට පොර ඕක සිංහලෙන් කිව්වෙ. 😂😂😂
ReplyDelete
ReplyDeleteකූඨ කුමණ්ත්රණිකලෙසට බළය අවභාවිතා කරනා බැවින්ද,..
වැඩිහිටි තරැණ ප්‍රජාව ඇතුළුව සියළු දේශීය ඖෂධ පිළිබඳව දහසකත් ඵක්‍ක් බළා පොරොත්තු තබා ගනිමින්,.. කන්සා වගාව, නීත්යාණුකූළව භාවිතා කිරීමේ අපේකෂාවන් භංගතවයට පත්ව ඇති මොහොතේ,.
කන්සා තහනම ඉවත්කිරීම සඳහා භාවිතා නොකරන බහුතර බළය හිමි මාළිමා පාළකයන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොතබනා ලෙසත්..
සමකාමී සමාජයක් සඳහා පිය නැගීමට දුරදක්නා ණුවනින් යුක්තව බහුතර බළය උපයෝගී කර ගෙන කන්සා තහනම ඉවත් කිරීමට කටයුතු නොකර බැවින්,.
වෙනත් කිසිඳු ධනාත්මක මානව හිතවාදී කාරණාවන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් තබා නොගන්නා ලෙසත්,.
සාමය සමාදානය සහ නිවහල් භාවය පවත්වාගෙන යෑම සඳහා..
මළිමා රජය බළයෙන් පහකිරීමට, කටයුතු කිරීම කළ යුතුම බවත්,.
ලැබෙන පළමු වාරයෙන් මාළිමාවේ මුගධයන් බළයෙන් නෙරපා පළවා හැරිය යුතු බවට සබුද්ධික සැමගේ අවධානය,.!
Recently, Minister Sunil Handunneththi has travelled all the way from Sri Lanka to Australia to talk so called Sri Lankan businessmen about major investment opportunities in the country. What exactly is expected to come out of this exercise? It seems completely disconnected from reality.
ReplyDeleteMy point is that these individuals do not appear to represent major businesses with the financial capacity to undertake large-scale investments in Sri Lanka. They may well be successful small-business owners—perhaps running a local shop, restaurant or similar enterprise—but that is very different from having the capital and resources required for major investment projects