කළු ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකක මගින් ලබාගත් දත්ත විශ්ලේෂණයට අනුව, කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් පවතී.
ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, අදාළ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් සහ මගීන් ද පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර, ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලීමක් කර තිබේ.
Risk of Minor Flooding Expected in Ratnapura Due to Heavy Rainfall
The Water Resources Department has issued a warning concerning the anticipated risk of minor flooding in certain low-lying areas in the vicinity of the Kelani River, attributed to ongoing heavy rainfall. The alert indicates that this condition may persist over the next few hours.
Analysis conducted by the department's hydrology division suggests that rising water levels in the Kelani River could potentially inundate several rural secretariats in the Ratnapura District.
Specifically identified are low-lying areas within the secretariats of Palmadulla, Nivitigala, Ratnapura, Kuruwita, Ayagama, and Elapatha. Residents in these locales are urged to remain vigilant in light of rising water levels.
Furthermore, the department emphasizes the importance of caution for drivers and pedestrians navigating these affected areas, encouraging them to remain aware of the situation and take necessary precautions to ensure their safety against potential disaster scenarios.
The Disaster Management Division has also called for necessary action to be taken in response to this developing situation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
