මත්කුඩු පානය කිරීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් උරණ වූ පුතෙකු සිය මව සමඟ ආරවුලක් ඇති කරගෙන, පසුව ඔවුන් පදිංචිව සිටි නිවසට ගිනි තබා පලාගොස් ඇති පුවතක් පමුණුගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
පමුණුගම, උස්වැටකෙයියාව, පුබුදුගම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය පවසයි.
සැකකරු සිය මවගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ඉල්ලා ඇති අතර, ඇය සතුව මුදල් නොමැති බව පැවසීමත් සමඟ දෙදෙනා අතර දැඩි බහින්බස් වීමක් සිදුව ඇත.
එම අවස්ථාවේදී ඇති වූ කෝපය පාලනය කරගත නොහැකි වූ සැකකරු, ලෑලිවලින් තැනූ සිය නිවසට ගිනි තබා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
මෙම ගින්නෙන් නිවස සහ එහි තිබූ සියලුම ගෘහ භාණ්ඩ ඇතුළු දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, පලාගොස් සිටින සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
Son Sets Family Home Ablaze After Argument Over Drug Money
A disturbing incident has come to light in the Pomunugama area, where a young man reportedly set his family home on fire following a heated argument with his mother over money for drug use. After the confrontation, both mother and son fled the scene.
Authorities indicate that the young man, who resides in the Uppuwathakeya and Pubudugama locality, has been heavily addicted to heroin. The conflict escalated when the son requested money from his mother to purchase drugs, but she informed him that she did not have any funds available.
This refusal sparked a violent dispute between the two, during which the young man lost control of his anger. In a fit of rage, he ignited the dwelling made from timber and subsequently escaped the area.
Officials confirmed that this fire completely destroyed the house and all furnishings within it. The Pomunugama police have launched an investigation into the incident and have initiated a special operation to capture the fleeing suspect.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔන්න තොපේ අප්පච්චි හදපු රට. වක්කඩේ රීල සරමෙන් අතපිහිඳගෙන ඇවිල්ලා රට කාල කාලා ම අන්තිමට ඉතුරු කරේ කුඩ්ඩොයි අයිස්කාරයොයි විතරයි
ReplyDeleteඅරගලේ හිටිය එවුන් දැක්කම තේරෙනවා කුඩ්ඩෝ, අයිස් ගංජා කාරයෝ කාගේ එවුන්ද කියලා 😀
Deleteඑතකොට එහෙමනම් තවමත් රට පාලනය කරන්නෙ අප්පච්චි.
Deleteකතා දෙකක් නෑ, ජෙප්පෙක්.
ReplyDeleteThis can't be in Srilanka. I don't think ice drug is now available here. Banku banku wanted only 2 full moon poya days to eradicate the drug issue.
ReplyDeleteNo one still knows what happend to ice container?
Deletegovt blamed for oppositions
mun hadanna ba ...allapu kudu thuyena kamarayakata dala wahanna ona kudu gahalama marenna.
ReplyDelete