අකිල විරාජ් අත්අඩංගුවට ගනී..

 

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ එහි පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ලෙස කටයුතු කරමින්, තම කාර්යය මණ්ඩලය
සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත්
ඉන්ධනහලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර
තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන්
රු.2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය
නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ
උපදේශක (විමධ්‍යගත පරිපාලන) අකිල කාරියවසම් යන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.



Former Minister Akila Viraj Kariyawasam Arrested by Bribery Commission

Akila Viraj Kariyawasam, a former minister, was apprehended earlier today by the Commission to Investigate Allegations of Bribery or Corruption. This significant development comes as part of ongoing investigations into corruption.

Kariyawasam is expected to be produced before the courts shortly.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. කෝ අර මනුවර්ණ කියන පරයා?

    ReplyDelete
  2. රතු මල්ලීAugust 5, 2026 at 2:30 PM

    කෙඳිරි ගාන්න එපා 😂😂

    ReplyDelete
    Replies
    1. කෙදිරි ගාන්නෙ ලපයනෙ වැඩ බැරුව. කාලකන්නි

      Delete
    2. කෙඳිරි ගෑවා කියල හනුමා ගෙදර එන්නෙ නෑ

      Delete
  3. අභීත ජනහිතකාමී අතිගරු අකිල විරාජ් කාරියවසම් මැතිඳුණි...මුලු කුලියාපිටිය ජනතාවම සැමදා ඔබ සමඟයි මැතිඳුණි..

    ReplyDelete
    Replies
    1. ලංකට් එක දාලද?

      Delete
    2. කුලියාපිටිය Volkswagen samagame sewakayin oba samagai

      Delete
  4. මෙච්චර කාලෙකට ප්‍රභූන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුනේ නෑ - දැන් තමයි ප්‍රභූන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතා ගෙන ඉන්න ඉතිහාසය නොදත් ඉතිහාස මහාචර්‍යවරයෙක් ඉන්නවා

    හැත්තෑ හතේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති වෙලා කළේ මැතිණි ගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු එක

    දේශපාලන න්‍යයපත්‍ර මත පදනම්ව විරුද්ධපක්ෂයේ දේශපාලනඥයන්ට එරෙහිව නීතිය සහ අධිකරණ බලතල අතකොලුවක් කර ගැනීම සහ තමන්ගේ අය මොන නීති විරෝධි වැඩ කළත් නොදැක්කා සේ සිටීම මේ රටේ බොහොම කාලෙක ඉඳන් සිද්ධ වෙන දෙයක්

    දැනුත් වෙන්නේ ඒකම තමයි

    හොරට පාස්පෝර්ට් හදා ගෙන ගිය අය, කන්ටේනර් පැන්නිලි, බාල ගල් අඟුරු වංචා, හැකර් ලා විදියට ගහන ගැහිලි, මේ ආදී අටෝ රාශියක් හොරකම්, දූෂණ, වංචා, සිදු වෙද්දි, ඒවා ගැන නිසි පරීක්ෂණ නැතුව විරුද්ධපක්ෂයේ අයගේ වැරදි හොයන එක තමයි මේ සිද්ධ වෙන්නේ

    ඉතිහාස මාචාඡාර්‍යවරු න් ට මේවා අලුත් දේවල් වගේ පෙනුනාට මේ රටේ මැරිලා ඉපදිලා නැති මිනිස්සුන්ට මේවා අලුත් දේවල් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හොරකම් කරපු උන්ට දඬුවම් දෙනකොට ගැට්ට කහන තවත් එවුන් ඉන්නවා වගේ

      Delete
  5. niyamai pakayawa arrest karapu eka oka educatio n minister una kale thamange lamayawa balenma colombo royal ekata damma e lamayawawa balen call ekaka grade 1 indewwa mu melo rak nathi samanal patiyek ranilage wanda pakaya hodawade thota muwath ara mahinda nandaya wage yawanda one at least 5 years walata

    ReplyDelete
Previous Post Next Post