පාස්කු මහ නඩුවේ තීන්දුව එයි.. රහස් ප‍්‍රකාශයක් අධිකරණයේ සීල් තබා සෙප්පුවකට..


2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රෛපුද්ගල විනිසුරු මඩුල්ල අද (24) තීරණය කළේය.

මෙම නඩුවේ විභාග කටයුතු අද දින අවසන් වූ අතර, ඊට අදාළ ලිඛිත දේශන ලබන මස 08 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයටම නියෝග කර තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම විය.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද දින රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම ප්‍රකාශය සටහන් කර ඇති අතර, ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගත වී තිබේ.

වවුනියාව යුද හමුදා බුද්ධි අංශය භාරයේ තිබී පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බුද්ධි වාර්තාවල අඩංගු තොරතුරු මත පදනම්ව මෙම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව CIDය අධිකරණයට දන්වා තිබුණි.

මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් මෙම රහස් ප්‍රකාශය මුද්‍රා තබා අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.





Final Ruling on 2019 Easter Sunday Terror Attacks Scheduled for September 22

The Colombo High Court today announced that the verdict in the case related to the series of terror attacks on Easter Sunday in 2019 will be delivered on September 22. The decision was made by the three-judge panel of judges led by Justice Madulla.

The hearings for this long-running case concluded today, with the judges instructing both parties to submit written submissions before August 8.

This timeline for the verdict marks a significant step in the protracted legal proceedings surrounding the attacks.

In related developments, a resident from the Vavuniya area provided a secret statement today in a case related to the Easter attacks at the Colombo Fort Magistrate's Court. This statement was taken down before Magistrate Pasan Amarasekara, taking roughly one hour to complete.

The Criminal Investigation Department (CID) noted that it was essential to acquire this individual's statement based on intelligence reports previously submitted to the department by military intelligence.

The confidential statement provided before the magistrate has been officially filed and secured in the court's registry.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

21 Comments

  1. ඕවා රහසේ දාලා තියන්න ඕන නැහැ. තීන්දුව අපි දන්නවනේ.
    හමුදාවයි, පොලීසියයි, බුද්ධි අංශයි එල්ලලා මරන්න කියලා, අහිංසක සහරාන් සහ ඉස්ලාම් අන්තවාදීන් නිදොස් කොට නිදහස් කරලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්

      Delete
    2. සුපිරි. දෙවනි ලංකට් ගේ අවසානය

      Delete
  2. අගරදගුරුගේ තීන්දුව ලියලා හංගලා ඇති.
    තීන්දුව ලියලා පෙට්ටගමේ දාපු විනිසුරුවො ටික දැන් දත මැදගෙන ඇති උසස්වීම්, රට සවාරි, දේපල ගන්න බලාගෙන.
    හැබැයි ඉතින් ඔය පෙට්ටගමේ දාපු තීන්දුව ඇතුලේ යුක්තිය නම් නැහැ කියලා අපි හොඳාකාරවම දන්නව මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. අසාත් මවුලානා කියන අන්තවාදී මුස්ලිම් තක්කඩියගේ සාක්කි වලින් Channel 4 කියන බ්‍රිතාන්‍ය කොටි නාලිකාවට ඕන විදියට හදපු වාර්ථා වැඩසටහනක් බලාගෙන මුලු විමර්ශනයම කරේ. අඩු ගානේ ඊබ්‍රහිම් නානව විමර්ශන වලට කැඳවනවා කියල වත් ඇහුනද.........? නෑනේ. ඉතින් හිතාගන්න තීන්දුව.

      Delete
    2. කුරුස ආගමේ අන්තවාදීන්ට ඕන බෞද්ධයන්ගේ ලේ වලින් මේ ප්‍රශ්නේ විසඳන්න. ඒකට බෞද්ධයා කරපු එකම වරද, මේ රටේ බහුතර පිරිස බෞද්ධයන් වීම.
      * අන්තවාදීන්ට පන්සල් පිරිලා තියෙනකොට ඉරිසියයි,
      * පෝයට සිල් ගන්න මිනිස්සු දකිනකොට ඉරිසියයි,
      * හාමුදුරුවොන්ට දායකයො වඳින පුදනවට ඉරිසියයි,
      * ලස්සන පන්සල් දකිනකොට ඉරිසියයි,
      * බෞද්ධයෙක් කාල ඇඳල ඉන්නකොට ඉරිසියයි.
      * පෙරහැර යනකොට නම් ඉරිසියාව දරා ගන්නම බැහැ.
      ඉතින් ඒවට පලි ගන්න තමයි එයාලට ඕන. උන් හොඳටම දන්නවා මේකෙ ඔක්කොම කරේ මුස්ලිම් අන්තවාදීන් බව.
      ඒකයි ඔය ඊශ්‍රායලේ මුස්ලිම් රටවල් වලට ගහනකොට ඔය කුරුස කාරයො ටික සතුටින් ඉපිලගෙන කොමෙන්ට් වපුරන්නේ.

      Delete
    3. ඉතින් බෞද්ධ උන්ම තමයි විහින්ම ඡන්දෙ දීලා මුන්ව පත් කර ගත්තෙ. හැබැයි සාප වෙනවා උන්ට නම්.

      Delete
    4. ලංකාවෙ ඉන්නෙ මෙච්චරම ගොන්නුද බං?

      Delete
  3. දේශපාලන සතුරො ටික ඉවර කරලා ඇති.
    කොහොමත් අවුරුද්දක් ඇතුලේ සිංහල නායකයො ටික වනසලාම දාවි බොරු බයිලා අටවලා. හැම දෙපාර්ථමේන්තුවකම දේශපාලන පත්වීම් දාගෙන මොන යුක්තියක්ද. අර හේමසිරි ප්‍රනාන්දුයි, පූජිත ජයසුන්දරයි කියන මෝඩ ජෝඩුව එල්ලන්න තීන්දු කරා. ඊබ්‍රහීම් නානගේ දේපල පවර ගත්තුව ආපහු ඌටම දුන්න. වෙලාවට ඌට තව පුත්තු නැහැ. නැත්තන් ඊලඟ පාර කලින්ට වඩා හොඳට කනවා.

    ReplyDelete
    Replies
    1. උන් නම් කීයටවත් මේවට සම්බන්ධ නෑනෙ බං. හරිම දුකයි ඒකට නම්.

      Delete
  4. යුක්තිය ඉ‍ටුවන හැටි අපිට පෙනුනා. ඔක්කොම අන්තවාදීන් එලියේ,
    කොටි ත්‍රස්ථවාදය විනාශ කරපු අය ඇතුලේ. ඕවට තීන්දු දෙන නඩුකාරයො ඊලඟට අපායේ. සහරාන් එක්කම දුක් විඳීවි.

    ReplyDelete
    Replies
    1. අන්තවාදීන් පැත්තකට දාපන්කො, බෝම්බ ගහන බව බුද්ධි අංශ වලින් කියාපු ලියුම මේසෙ අස්සෙ ගහගෙන හිටපු එකා ආරක්ශක ලේකම්. ඌ තව හොඳයි, සහරාන්ගේ බෝම්බ ෆැක්ටරිය වටලපු ශානි සහරාන්ව බේරල ඇරිය එකා CID ලොක්කා. ඉතින් කොහොමද කියන්නකො ඕවා සාධාරණ තීන්දු වෙන්නේ?

      Delete
  5. මහ මොල සියල්ල නිදහස්
    අහක හිටපු එවුන් එල්ලුම් ගස්
    මාලිමාව ට කඩේ යන උසාවිය.. පොලිසියට පරිස්සමින් ඉදිරි කාලය ගත කරන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාලිමාවේ යුක්තිය. ඒක තමයි ක‍තෝලික සභාව ඉල්ලන යුක්තිය.
      දැන් ක‍තෝලික ක්‍රිස්තියානි අය අදහන්නේ ජේසුස් වහන්සේ නෙමේ. ජුදාස්වයි සාතන්වයි.

      Delete
  6. තඹ ෆැක්ටරිය දාන්න ෆුල් සප් එක දුන්න රිශාඩ් බදූර්දීන් එක දවසක් විමර්ශන වලට ගෙන්නුවේ නැහැ.
    රිල්වාන් බෝම්බයක් ටෙස්ට් කරන්න ගිහින් අතේ පත්තු වෙලා හිටපු වෙලාවේ උන් බලන්න ගියපු රාවුෆ් හකීම්, මුජිබර් රහුමන් කවදාවත් විමර්ශන වලට කැ‍ඳෙව්වේ නැහැ.
    හැබැයි මෙන්න තීන්දුව දීලත් ඉවරලු. මේව ප්‍රශ්න කරන්න ඕන ක‍තෝලික, ක්‍රිස්තියානි මිනිස්සු. හැබැයි ඉතින් උන්ට ඕන රාජපක්ශලාව එල්ලන්න මිසක් ඇත්තටම බෝම්බ ගැහුවේ කවුද කියලා හොයා ගන්න නෙමේ. මතක තියා ගන්න ඔයාලා අද රාජපක්ශලාගෙන් පලි ගන්න බොරු පිලි ගත්තොත්, ඊලඟ ඉස්ලාම් අන්තවාදී කැරලි වලින් දුක් විඳින්නේ උඹලගේ දරුවො. තව්හිත් ජමාත්, තබ්ලික් ජමාත්, ජමාතේ ඉස්ලාම් සංවිධාන වල තහනම ඉවත් කරා කියලා උඹලා දන්නවද? ඒවට විරුද්ධව උඹලා වචනයක් කතා කරාද? නෑනෙ. උඹලට හෙන හත ගහන්න එපැයි බං.

    ReplyDelete
    Replies
    1. සාධාරණ තීන්දුවක් වෙන්න බැහැ. ඒත් මාලිමාවෙ ෆෑන්ලා චූන් වෙන තීන්දුවක් උනා නම් ඇති.

      Delete
  7. Ibrahim looka berila, money talks. balapalla... eheme une nathinam mama aye comment karanne naha..

    ReplyDelete
  8. පාස්කු සිද්ධිය දැන් තනිකරම දේශපාලන නාටකයක්. මේ ඉටු වන්නේ.......ද.?
    😁😁😁😁😁😁😁

    ReplyDelete
  9. නඩුව අහන්න තිබ්බේ මේකේ comment section එකේ.. ඒ තරං දන්න උන් මේකේ ඉන්නේ...

    ReplyDelete
  10. දැන් ඒ කියන්නේ අග්‍රවිනිශ්‍යකාරයාගේ වයස් සීමාව වැඩි කරන්න ඕන නැද්ද?

    ReplyDelete
Previous Post Next Post