ඩුබායි සැගවී සිටි බස් ලලිත් ලංකාවට කුදලං එයි..


සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ, ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව සිටි ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තා අද (25) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.

කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සහ කප්පම් ගැනීම් ඇතුළු බරපතළ ගණයේ චෝදනා රැසක් එල්ල වී තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් මීට පෙර රතු නිවේදන ද නිකුත් කර තිබූ අතර, පසුගියදා ඩුබායි ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුමකදී ඔහු කොටු කර ගැනීමට හැකි විය.

සැකකරු පරීක්ෂණ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී ඇත.





Fugitive 'Bus Lalith' Brought Back to Sri Lanka from Dubai

In a significant move against organized crime and drug trafficking, Lalith Kannangara, known by his alias 'Bus Lalith', was repatriated to Sri Lanka early today, August 25. He was apprehended in Dubai following allegations related to serious criminal activities.

The confirmation of his return was provided by the Police Media Spokesperson and Deputy Inspector General F.U. Wuttler, who noted that a specialized team from the Criminal Investigation Department facilitated the process of bringing the suspect back to the country.

This 36-year-old resident of Kalutara is facing multiple serious charges, including murder and organized crime, along with various forms of extortion. His notoriety had previously led to the issuance of an international red notice by Interpol for his capture.

Authorities in Dubai successfully apprehended him during a recent operation conducted by their security forces, marking a crucial step in the ongoing fight against transnational crime.

The suspect has now been handed over to the Central Criminal Investigation Department for further interrogation as investigations continue.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ඔය එකෙක්වත් හිරේ දාන්න එපා.ආයුධ පෙන්නන්න අරන් ගිහින් ඉවර කරල දාපල්ලා.මොකාගේ ආණ්ඩුව තිබුනත් කවුරුත් මොනවත් කියන්නෙ නෑ.හිරේ දැම්මොත් වෙන්නෙ අපේ බදු සල්ලි වලින් ටික කාලයක් කකා ඉඳලා නීතියේ හිල් වලින් රිංගල ඇප ඇරගෙන ආයිත් රට පනින එක.

    ReplyDelete
    Replies
    1. Exactly. They will continue underworld activities while in the prison due to the corrupt system in Srilanka. Death penalty is essential considering the massive crimes they have done.

      Delete
    2. හුඟක් උන්ව පිටරටින් අල්ලන් එනවා.ඒ එන උන්ට ස්ථීර අධිකරණ තීන්දු ලැබීමක් ඇහෙන්නේ නැහැ.මේකත් එක්තරා බිස්නස් එකක්ද ආණ්ඩුවට? මුංට අරවා මේවා නොකරනවා කියා හිටපු ආණ්ඩුවල දෙදෙනක් දැන් රිමාන්ඬ්.මුං ඔක්කෝම එක වල්ලේ පොල් අරුං තනි තනියෙන් කරන්නේ මුං දරුණු විදිට පක්‍ෂයම එකතුවෙලා පක්‍ෂ අරමුදල තරකරනවා වෙන්න පුලුවන්.

      Delete
  2. ඔවුන්ට අභියෝගයක් වියහැකි පිරිස පමණක්ම රටින් පිටුවහල් කිරීම සිදුකරනා බව අවධානයට,.!August 25, 2026 at 11:21 AM

    පාස්කු ප්‍රහාරයද ඇතුළුව ඩුබායි සිට මෙහයවනු ලැබූ, කළාපයේ සිදුවූ සියළුම ත්‍රස්තක්‍රියාකාරකම්, සඳහා මුදල් පොම්පකරමින් පහසුකම් සපයමින්, කළාපයට මත්ද්‍රව්‍ ආයුධ ඇතුල්කරමින්, ඉරාණය දෙසට වංචනික ලෙසට ඇගිල්ල දිගුකරමින් පසුගිය දශක තුනකට වැඩිකාළයක් ක්‍රියාත්මක වූයේ ඇමරිකාවේ 'යුඵස් අයිඩී' 'සී අයි ඵ්' සහ ඩුබායි වළ රජවරැන් ලෙස පෙනී සිටිමින් ඩුබායි සිට මෙහෙයවනාලද ලෝකයේ භයානකම ත්‍රස්ථවාදීන්ගේ කළු සල්ලි මධ්‍යානයම බවත්,.
    ලෝකයේ වෙනත් කිසිම තැනක මේවැනි දැවැන්ත ත්‍රස්ථවාදය මත්ද්‍රව්‍ය සහ ආයුධ බෙදාහරිනා මෙහෙයුම් මද්‍යස්ථානයක් නොවන බවත්,.රැධිරය තැවරැනු, ලෝකය පුරාවට මත්ද්‍රව්‍ය සහ ආයුධ ඇතුළු ත්‍රස්ථවාදීනි පෝශණය කරනා ලද ඩුබායි සහ ඇමෙරිකානුවන්ගේ කළාපය තුළ තෝරාගන්නා ලද මෙහෙයුම් සහ උපක්‍රම කිසිදු අයුරකින් වෙනස්වී නොමැති බවත්,.
    ඔවුන්ට අභියෝගයක් වියහැකි පිරිස පමණක්ම රටින් පිටුවහල් කිරීම සිදුකරනා බව අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post