මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර දේපළවලට දැඩි හානි සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, රැඳවියන් විසින් සිදු කළ කලහකාරී ක්‍රියා හේතුවෙන් බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, අලුතින් ඉදිකරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය සහ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. මීට අමතරව බන්ධනාගාර රෝහලට ද දැඩි හානි සිදුව තිබේ.
රැඳවියන් පුනරුත්ථාපනය කිරීම සඳහා භාවිත කළ මැහුම් අංශය, වඩු වැඩ අංශය සහ පේෂකර්ම අංශය යන සියලුම ස්ථානවල තිබූ උපකරණ සහ භාණ්ඩ ද ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.
බන්ධනාගාරයේ අලුතින් ඉදිකිරීමට යෝජිත කාර්යාල පරිශ්‍රයේ තහඩු වැටවල් කඩා දමමින් රැඳවියන් පලා යාමට උත්සාහ කර ඇති අතර, ප්‍රධාන දොරටුවට ද ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ගැටුමෙන් එක් රැඳවියෙකු මියගොස් ඇති අතර තවත් හත් දෙනෙකු රෝහල්ගත කර ඇත. කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ද ගජනායක මහතා පැවසීය.
පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමී මට්ටමකට පත් කර තිබේ.
මෙම නොසන්සුන්තාවයට හේතුව සහ ඊට වගකිවයුත්තන් පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රැඳවියන් සතුව කිසිදු ගිනි අවියක් නොතිබූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
Violence Erupts at Mahara Prison, Significant Damage Reported
Recent unrest at the Mahara Prison has resulted in severe damage to prison property, according to A.C. Gajanayake, the media spokesperson for the Department of Prisons.
Commenting on the disturbance, Gajanayake revealed that the violent actions of inmates led to the complete destruction of the prison's kitchen, a newly constructed rehabilitation building, the rehabilitation office, and the office of the chief jailer. In addition, the prison hospital also sustained considerable damage.
Reports indicate that inmates set fire to equipment and materials in various sections, including the laundry area, maintenance sector, and kitchen facilities, adding to the extent of the destruction.
Efforts by inmates to escape were evident as they attempted to break down walls in the recently proposed administrative block. There were also assaults on the main entrance of the facility.
The disturbance has reportedly resulted in the death of one inmate, while seven others have been hospitalized. However, Gajanayake noted that no injuries to prison officials have been reported thus far.
With the support of the police, special task forces, and the military, the situation at the prison has since been brought under control.
An extensive investigation into the causes of the unrest and those responsible has been initiated, with Gajanayake further confirming that there were no firearms in the possession of the inmates.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේකත් ඉතින් අර kalin සිද්ධිය වගේනේ.
ReplyDeleteආණ්ඩුවට ඕනේ විනිසුරු විශ්‍රාම වයස දික් කිරීම කරන්න ඕනම දෙයක් කියලා රටට කියන්න.
මේකත් කපටි දේශපාලන න්‍යායන් වලින්ම එකක්.
අනිවාර්යෙන්ම. බලන්නකො වෙනදා පඩයක් ගියත් එලි බැහැලා දේශන දෙන අගරදගුරා දැන් මේවට හොයාගන්නත් නෑනේ. ඒ පරයගේ ගේ දොරකොඩ මීගමු බන්ධනාගාරේ මහ දවාලේ වෙඩි තියලා 20ක් මැරුවා, අහිංසක බන්ධ පොලිසියේ 10ක් මැරුවා කිසිම සද්ධයක් නෑනේ. අන්න ඒක තමයි පාහරකම, දේශපාලන ගැතිකම කියන්නේ.
Deleteආන්ඩුවට විරුද්ධත්වයක් එනකොටම බන්ධනාගාර ඇතුලේ ගැටුම් ඇතිවෙනවා. හරිම පුදුමයි නේද.
ReplyDeleteගොවි විරෝධතාවයක් ආවා. මීගමුවේ 30කට මරාගන්න සැලැස්සුවා. ගොවි විරෝධය මිනිස්සුන්ට අමතක වුනා.
දැන් නීතීඥයන්ගෙන් විරෝධතාවයක් ආවා. මහර කීපදෙනෙක් මැරෙන්න සැලැස්සුවා. දැන් තියෙන්නේ හිමීට අර අග විනිසුරු පාදිලියගේ විශ්‍රාම යන කාලේ වැඩි කරන්න.
කෝ අර ඇමතියා සමාජ මාධ්‍යයෙන් මේවා දැක්කද දන්නෙ නෑ. නැත්තන් අදත් ඕක ඇතුලේ ගහගෙන තව මරාගනීවි. අන්තිමට නිකන් මිනිස් ජීවිත නැති වේවි.
ReplyDeleteජෙප්පො බුකියෙ කියනවා හිරේ ඉන්න උන්ට වෙඩි තියලා දාන්නලු.
ReplyDeleteහැබැයි රාජපක්ශලා බලේ හිටියා නම් උන් ඔය බන්ධනාගාර ගත වෙලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කතාව එක්කම දාලා කවි සින්දු ලියලා, මානව හිමිකම් ගැන උද්ඝෝශන කරලා හෙන නාට්ටියක් කරනවා. දැන් බලන්න මානව හිමිකම් කාරයොත් නැට්ට පුකේ ගහගෙන කෙඳිරි ගගා පැත්තකට වෙලා ඉන්න ලස්සන. ඒ වුනාට සිංහල නායකයෙක් ජනාධිපති වෙලා ඉන්නකොට සිංහනාද පවත්වගෙන එන්නේ.
මේක කරේ රාජපක්ශලා කියලා ආන්ඩුවෙන් කියන හැටි බලන්න අපි මේ ඉන්නේ.
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී.
ReplyDeleteකක්කුස්සි කඩලා විනශ කරලද? එහෙනම් ඕක ජේවීපී වැඩක්...උන් කක්කුසි එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ....දැකපු තැන කක්කුසි කඩනවා
ReplyDeleteඅපේ බංකු බංකු දෙයියා කෝ
ReplyDeleteඅනාගත පරපරපුර රටේ ජීවනාලිය බඳු තරැණයන් මර්ධණය සඳහාම පොලීසිය යොදවානා මරි මෝඩ බේබදු නාකි හම්පඩයන්, තරැණයන් කන්සා ලඟ තිබුනාය, කන්සා පැලයක් වත්තේ තිබුනාය යනුවෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර පුරවන ජාතික අපරාධය වහාම නවතා දැමිය යුතුයි,.!
ReplyDeleteජාන විද්‍යාත්මකව කිසිම රටක පුද්ගලයන් සියයට සීයක් මොළය විණාශ කරනා ''ඇල්කොහොල් ජරාවට'' භාවිතයට අකමැති වුවත් දූෂ්ඨ පාළකයන් බදු මුදල් අපේකෂාවෙන් කන්සා තහනම දිගටම පවත් වාගෙන යන අතරතුර ''ඇල්කොහොල් නැමැති හලාහළ වීෂ'' ප්‍රවර්ධණය කරමින් මහජනයා ක්‍රමාණුකූළව විණාශයට පත්කිරීම සඳහා රහසිගතව විශ මත්ද්‍රව්‍ය ජාවාරම් කරනා බවත්,.
ඉතිහාසය තුළ විෂ මත්ද්‍රව්‍ය නොතිබීමට හේතුව වශයෙන්ද, මිනිසුන් වියරැවැටෙනා නව පන්නයේ හලාහළ විෂ මත් ද්‍රව්‍ය ලංකාවේ පුරවැසියන්ට කිසිසේත්ම අවශ්‍ය නොවූයේ පහසුවෙන් ගෙවත්ත අවටින්ම ලබා ගත හැකිව තිබූ අද්විතීය ශාකය ''තෙෙලෝක විජයා'' නිසාවෙන්ම බවත්,..
බදුමුදල් ගැනම නොසිතා සමාජයේ යහපැවැත්ම සඳහා , බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාසගත යාව ජීව ඹෟෂධය කන්සා ශාකයේ පස්පංගුව ලගතබාගැනීම, භාවිතය සහ පුද්ගලික අවශ්‍යතාවයන්ට අනුගතව යම් පැළ ප්‍රමාණයක් ගෙවත්තේ වගා කර ගැනීමට අවස්ථාව ලබාදීම අතිශයින්ම තීරණාත්මක බුද්ධිමත් සමාජසුභවාදී ක්‍රියාවක් බව නව රජයේ පාළකයන්ගේ දැඩි අවධානය,.!
විශමතද්රව්ය පාළණයට, භාවිතා කරන්නන් විෂ තුළින් මුදවා ගැනීම සඳහා සුදුසුම යාව ජීව ප්රතිකර්මය, නොහොත් ඹෟෂධය කන්සා රට තුළ සුළභ කිරීම වන බැවින්,.
වහාම කන්සා නීත්‍යානුකූළ භාවිතය පුද්ගළික අවශ්‍යතාවයන් සඳහා ගෙවතතේ වගාකර ගැනීමට අවසර දීම, වයස දහ අට ඉක්මවූ පුද්ගළයන් සඳහා නීත්‍යානුකූළ කළ යුතුම බවත් වහාම යල්පැනගිය අධිරාජ්‍යවාදීන්ගේ විණාශකාරී අවනීතිය පෙර කළ පැවැති දේශයට ආවේනික ව තිබූ පරිදි වහාම යාවත්කාළීන කරනාලෙස නැවත නැවතත් බහුතර බළය හිමි නව රජයේ දැඩි අවධානයට,.!
මේ බන්ධනාගාර ඇමතිවරයා දැන් වත් ගෙදර යවන්න .
ReplyDelete