බන්ධනාගාර පිරෙන්නේ සමාජයේ වැරදි නිසා..- ටිල්වින්


 රට සහ ගම සංවර්ධනය කිරීමේදී බන්ධනාගාර වසා දැමිය හැකි මට්ටමේ විනයගරුක සහ ගුණවත් දරු පරපුරක් බිහි කිරීම අත්‍යවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය සහ එහි මතුව ඇති විවිධ ගැටලු පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, මෙය හුදෙක් තනි තනි පුද්ගලයන්ගේ වැරදි නිසාම සිදුවන්නක් නොවන බව පෙන්වා දුන්නේය.

බන්ධනාගාරවල සිරකරුවන් සංඛ්‍යාව ඉහළ යාම සමාජය තුළ පවතින බරපතළ අර්බුදයක ප්‍රතිඵලයක් බව ඔහු අවධාරණය කළේය.

"අපේ රට හදන්න, ගම හදාගන්න සහ ප්‍රදේශ දියුණු කරන්න නම් හිරගෙවල් වහලා දාන්න පුළුවන් විදියේ දරු පරපුරක් අපි හදන්න ඕනේ. අද හැමතැනම හිරගෙවල්වල ප්‍රශ්න. සෙනඟ වැඩිවීම ලොකු ගැටලුවක් වෙලා. මේක තනි තනි මිනිස්සුන්ගේ වැරැද්දට වඩා සමාජය ඇතුළේ තියෙන ලොකු ප්‍රශ්නයක් විදියටයි අපි දකින්නේ," යනුවෙන් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රටේ අනාගතය වෙනුවෙන් නව පරපුරක් නිර්මාණය කිරීමේදී සමාජයීය වගකීම හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ද මහලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියේය.





Prison Reforms Essential for Nation's Development, Says Tilu Silva

In a poignant address at a public meeting, Tilu Silva, the General Secretary of the Janatha Vimukthi Peramuna (JVP), emphasized the urgent need to cultivate a disciplined and productive youth generation to mitigate the severity of prison overcrowding in the country. He argued that the current challenges within the prison system require a fundamental shift in societal approach rather than merely attributing blame to individual actions.

Highlighting the pressing issues exacerbated by severe overcrowding in Sri Lankan prisons, Silva pointed out that this dilemma is not merely the fault of isolated individuals, but a reflection of broader societal crises. He underscored that the rising number of inmates signals a deeper, systemic problem afflicting the community.

"To develop our country, nurture our villages, and advance regions, we must create a responsible generation capable of addressing these issues effectively. Prisons today are facing numerous problems. The surge in the prison population is a significant concern. This is not simply an issue of individual failure; it is a major societal challenge," Silva remarked, urging a collective effort to address the root causes of these issues.

In his remarks, Silva also stressed the importance of recognizing social responsibility in shaping a new generation for the future of the nation. He called for a collaborative approach to overcome these pressing obstacles and promote sustainable development across Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. pakayonge guna garuka parapuraval 2k karali dekak gahuwva , 3 weni karallakin rate unta balaya laba ganna lasthi weyalla

    ReplyDelete
    Replies
    1. ලංකට් එක මඟ දාලා යන්න එපා🤣

      Delete
    2. ඔය ලන්කට් ගැන කියපු ගොබ්බයට කියන්නේ, යකෝ ඕන ගෙදරකට බලෙන් ඇතුල් වෙලා ඇඳුම් ඇවිස්සුවොත් ලන්කට් තියෙනවා උඹලගේ වගේ ලන්කට්, පැන්ටි, බ්‍රසියර් අඳින්නේ නැති එවුන්ගේ ගෙවල් වල ඇරෙන්න 😂. අනුන්ගේ හිල් ජොක්කු අඳින එවුන්ට කොහෙද බං දාලා යන්න ලන්කට්... 😂

      Delete
    3. උඹ කවුද රටගැන කතා කරන්න.උබ ජනතාව පත් කරපු මහජන නියෝජිතයේක් නෙවෙයි නේ.නිකං Dye මයිනේක් නේ

      Delete
  2. සමාජය අද මෙතත්වයට පත්කරේ වෛරය ක්‍රොදය වපුරපු කාලකන්නි කුනකටු ජෙප්පෝ තමයි ටිල්වියෝ... තොපි වගේ කාලකන්නි රටින්ම 2029 ආතුගාල දැමුවාට පසු තමයි ජාතියට නිවනක් ලැබෙන්නේ සුනකයෝ

    ReplyDelete
    Replies
    1. 2029 දී මාලිමාවට කෝටියක් ♥️

      Delete
  3. 3% ත් අතුගාලම දානවා කාලකන්නි

    ReplyDelete
  4. එම අදහසට මාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව අනුමත කරනු ඇත.

    ReplyDelete
  5. මේ කාලකණ්නි ජෙප්පාට, ත්‍රස්තවාදී නාකි පකාට දැන් තමයි විනයගරුක සහ ගුණවත් දරු පරපුරක් ගැන මතක්වෙලා තියෙන්නේ 😡 එදා ඉඳලා අද දක්වා වෛරය, ක්‍රෝධය, වපුරලා, හොරකම, වංචාව, දූෂණය තුලින් වඩාගෙන රට අරාජික තත්ත්වයකට ඇද දමා තිබෙනවා.
    මේ කාලකණ්නි, අඩු කුලේ හාලියාට, ඩයි මයිනාටත් උන්ගේ ත්‍රස්තවාදීහැතිකරයටත් ප්‍රජාතන්ත්‍රවාදීව සලකන්න ජනතාව පුල පුලා බලා සිටින්නේ. ඉතාම නුදුරු දිනකදී වැඩ කරන්න පුළුවන් පිරිසකට රට කරන්න ඉඩදීලා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවා තොලොංචි වෙලා ගිහින් නැත්නම් ගුටි කාලා දුවන්න සූදානම් වෙයල්ලා ඩයි මයිනා, හුණ්ඩුවා, වනචාරියා ඇතුළු පාදඩ ත්‍රස්තවාදී ජෙප්පෝ 😡🤮

    ReplyDelete
  6. ආරියතිලක

    කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද? මාක්ස්වාදය සදාචාරයෙන් පිරිපුන් දර්ශනයක් ද?


    "අපේ රට හදන්න, ගම හදාගන්න සහ ප්‍රදේශ දියුණු කරන්න නම් හිරගෙවල් වහලා දාන්න පුළුවන් විදියේ දරු පරපුරක් අපි හදන්න ඕනේ. අද හැමතැනම හිරගෙවල්වල ප්‍රශ්න. සෙනඟ වැඩිවීම ලොකු ගැටලුවක් වෙලා. මේක තනි තනි මිනිස්සුන්ගේ වැරැද්දට වඩා සමාජය ඇතුළේ තියෙන ලොකු ප්‍රශ්නයක් විදියටයි අපි දකින්නේ,"

    ඉහත ප්‍රකාශය කරන ලද්දේ, ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම්වරයා විසින් ජනහමුවක් අමතමිනි.

    “මේක තනි තනි මිනිස්සුන්ගේ වැරැද්දට වඩා සමාජය ඇතුළේ තියෙන ලොකු ප්‍රශ්නයක් විදියටයි අපි දකින්නේ"

    කියන වැකිය විශේෂයෙන් අවධානයට ලක්විය යුතු බව අපගේ අදහස ය. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ දේශපාලන න්‍යාය මාක්ස් ලෙනින්වාද ය. මාක්ස්වාදී පක්ෂයක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය මාක්ස්ගේ නිර්වචනයන්ට අනුව කරන්නක් බව අපගේ අදහස ය. කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් විසින් 1848 දී ප්‍රකාශයට පත් කළ
    “ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය” ආරම්භ කරන්නේ
    “ධනපතියෝ සහ නිර්ධනයෝ” යන ප්‍රථම මාතෘකාව යටතේ

    “ මෙතෙක් පැවැති සියලු සමාජවල ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසය වේ.”
    යනුවෙනි.

    මාක්ස් හා එංගල්ස්ගේ, “ධනපතියෝ හා නිර්ධනයෝ” යන නිර්වචන ද “මෙතෙක් පැවැති සියලු සමාජවල පංති අරගලය” යන නිර්වචන ද මාක්ස්වාදීන්ගේ පරම විශ්වාසය බැවින් ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම්වරයා විසින්,

    “මේක තනි තනි මිනිස්සුන්ගේ වැරැද්දට වඩා සමාජය ඇතුළේ තියෙන ලොකු ප්‍රශ්නයක් විදියටයි අපි දකින්නේ"

    යන ප්‍රකාශය ද, මාක්ස්ගේ හා එංගල්ස්ගේ නිර්වචන මත පිහිටා කියන ලද බව අපගේ අදහස ය.

    කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදී න්‍යායන් සත්‍යවාදී නො වේ. මාක්ස්ගේ හා එංගල්ස්ගේ න්‍යායන් සත්‍ය යයි පිළිගෙන කටයුතු කළ හා කටයුතු කරන සැම දෙනාට ම මිත්‍යා දෘෂ්ටියෙහි ගිලී පව, පින නො පිළිගන්නා තැනට පත් විය. මේ වන විට කොමියුනිස්වාදය නිසා ම සිදු වූ මනුෂ්‍ය ඝාතන දළ වශයෙන් කෝටි දහයක් (මිලියන 100) පමණ වන බව පිළිගැනීම ය. ඇතැම් අයගේ මතය නම් මිලියන 120, 140 දක්වා පමණ වන බව ය. මෙම මනුෂ්‍ය ඝාතන කොමියුනිස්ට්වාදීන්ගේ සෘජු ඝාතන මගින් හා කොමියුනිස්ට්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යාමෙන් වූ සාගත හේතුවෙන් ද ඇති වී ඇත. කාම්බෝජියාවේ කොමියුනිස්ට් පාලක පොල් පෝට් කොමියුනිස්ට්වාදී පාලනය මගින් මිලියන1.5 ත් 2 ත් අතර පමණ ජන සංහාරයක් කරන ලදී. මෙම ජනසංහාරය කාම්බෝජයේ ජනග්‍රහනයෙන් හතරෙන් එකක් පමණ බව කිය වේ. ලෝකයේ කොමියුනිස්ට්වාදීන් නිසා ම නිකරුණේ මැරුම් කන ලද, වශයෙන් කෝටි 10 ක පමණ මනුෂ්‍යන් ද කොමියුනිස්ට්වාදීන් විසින් කොල්ල කන ලද හා අසාධාරණ ලෙස පවරා ගන්නා ලද දේපොළ ද කොමියුනිස්වාදීහු වැරදි දේ යයි නොසලකත්. ඔවුන් විසින් ලෝකයට සමාජ අපරාධ කිරීම උගන්වන ලදී. “සමාජයේ කොමියුනිස්වාදයට පිටින් කිසිත් සදාචාරයක්” නැත යයි තම සාමාජිකයන්ට උගන්වා කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කරන සියලු මිනී මැරීම්, මංකොල්ල කෑම්, රාජ්‍ය හා පුද්ගලික දේපොළ බලහත්කායෙන් පැහැර ගැනීම, ළමා සොල්දාදුවන් ඇති කිරීම, ආගමික් නිදහස නැති කිරීම, කොමියුනිස්ට් නො වන සියලු සමාජ ක්‍රමයන් වනසා දැමීම සාධාරණ ලෙස උගැන්වීම, ඒ සඳහා සාමාජිකයන්ට මනෝ මූලික දැනුම ලබා දීම හා ආයුධ සංනද්ධ සටන්, ගරීල්ලා සටන් පුහුණු කිරීම, ගිනි අවි භාවිතය, පුපුරණ ද්‍රව්‍ය භාවිතය, අවි ආයුධ භාවිතය සටන් ව්‍යාපාරක් ලෙස හා අල්ලා ගත් රාජ්‍යවල රාජ්‍යමය වශයෙන් සංනද්ධ හමුදා බලවත් කිරීම, ශක්තිමත් කිරීම, ප්‍රාණ ඝාතය, හොරකම, බොරු කීම, බොරුවෙන් අනුන් මුලා කිරීම, මද්‍යසාර භාවිතය,(ලංකාවේ මධ්‍ය සාර භාවිතය ජවිපෙ සාමාජිකයන්ට නො කිරීමට ඉගැන්වීම කළ ද එය කොමියුනිස්ට් දර්ශනයේ ඇතියක් නො වේ. ලෝකයේ අන් සියලු කොමියුනිස්ට්වාදී රටවල මධ්‍ය සාර තහනම් නැත.) අන්‍යන්ට බලහත්කාර කම් කිරීම, ආදී සියලු අපරාධ, පාප කර්ම වැරදි යයි ඔවුහු නො පිළි ගනිත්. එම අපරාධ, සදාචාර විරෝධී ක්‍රියා පාප කර්ම ලෙස නො පිළි ගනිති.

    ReplyDelete

  7. ඉතිරි කොටස….

    ආරියතිලක

    ලෝකයේ යහපත් වූ සියලු ආගමික සංකල්පවලට පටහැනි ලෙස සිතීමට ක්‍රියා කිරීමට කොමියුනිස්ට්වාදීන් විසින් තම අනුගාමිකයන්ට උගන්වන ලදී. ලෝකයේ කොමියුනිස්ට්වාදය, අපරාධ බහුල වීමට, ඇතැම් රටවල සදාචාරය පිහිහීමට සෘජුව දායක වී ඇත්තේ ය.

    විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය මහත් වූ දුශ්ශීල කමට, අද මේ තිබෙන සදාචාර පිරිහීමට කොමියුනිස්වාදය ද සෘජුව දායක වී ඇති බව කිව යුතු ය. එය කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින් , ට්‍රොස්කි ආදී කොමියුනිස්ට් න්‍යායාචාර්යවරු කියන ධනවාදය යයි කීමට උත්සාහ කළ ද සත්‍ය එය නො වේ.

    කොමියුනිස්ට්වාදීයා සම්බුදු දහම ද ධනවාදයේ මෙවලමක් ලෙස සලකයි. ඒ හේතුවෙන් නොවේ නම් මහත් වූ ශීලයෙන් පරිපූරකාරි වූ සම්බුද්ධ ශාසනයේ පැවිදි භුක්ෂූන් වහන්සේලාට මාක්ස්වාදය පංති කොට කොමියුනිස්ට්වාදී දේශපාලනයට ඈඳා නො ගන්නවා ඇත.

    1971 හා 1987/88/89 ජවිපෙ කැරැළි දෙකට ම ජවිපෙ බැදුනු භික්ෂූන් වහන්සේලා දායක වී ඇත්තේ ය. දැනුදු ඇතැම් භික්ෂූන් වහන්සේලා කොමියුනිස්ට්වාදී පක්ෂවල සාමාජිකත්වය දරත්. ඒ කුමක් අරඹයා ද? සම්බුදු සසුනට වඩා සදාචාරයක් කොමියුනිස්ට්වාදයෙහි ඇති බව සිතන බැවිනි. සම්බුදු සසුනට වඩා සාධාරණයක් මාක්ස්- ලෙනින්වාදී කොමියුනිස්ට් ක්‍රමයෙහි තිබෙන බව සිතන බැවින් යයි කීම අතිශෝක්තියක් නො වේ.

    “මේක තනි තනි මිනිස්සුන්ගේ වැරැද්දට වඩා සමාජය ඇතුළේ තියෙන ලොකු ප්‍රශ්නයක් විදියටයි අපි දකින්නේ" යයි ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම්වරයා කියන කතාව, මාක්ස්- ලෙනින්වාදය මත පිහිටා කරන කතාවක් බව පැහැදිලි ය. මේ කීමෙන්, කියන්නේ කුමක් ද?

    “කොමියුනිස්ට්වාදී පාලනය හැර, පැවැති හා දැන් පවතින ධනේශ්වර දේශපාලන ක්‍රම සියල්ල හේතුවෙන් තමා මේ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ, කොමියුනිස්ට්වාදයෙන් පිට සියලු පාලන ක්‍රම, නිසා තමයි මේ සමාජ අපරාධ වැඩී ගියේ. ඒ නිසා කොමියුනිස්ට්වාදය හැර කිසිදු පාලනයකින් මේවාට පිළිතුරු දිය නො හැකියි. ඒ නිසා කොමියුනිස්ට්වාදී පාලනයක් ස්ථාපිත කිරීමෙන් පමණයි මේ සමාජ අපරාධවලට නීතිමය වැරදි නැති කිරීමට හේතු වන්නේ” යයි කියා ය.


    මේ සම්බන්ධව පැහැදිලි කිරීමට “කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද?” යන්න අප විසින් ලියන ලද ලිපියෙන් උපුටා ගත් කොටසක් මේ සමඟ දක්වමු.

    “මුලින් මේ වැඩේට අත ගසන ලද්දේ පෙඩ්රික් එංගල්ස් විසිනි. ඔහු 1847 වර්ෂයේ දී “ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නැමැති ප්‍රකාශනය එළි දැක්වූවේ ය. ඊ ලඟට 1848 වර්ෂයේදී, කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් “ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය” නැමැති ලියවිල්ල ප්‍රකාශයට පත් කළහ.


    කොමියුනිස්ට්වාදය, මේ ප්‍රකාශන දෙක මූල අත්තිවාරම වශයෙන් තබා ගෙන ගොඩ නගා ඇත. මෙම ප්‍රකාශන දෙක අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන්නේ, මහත් අසත්‍යක් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් ලෝකයට මුදා හරින ලද බව ය.


    විද්‍යාත්මක සත්‍යයැයි කියමින් ලෝක ජනතාව මුලා කිරීම ය. මාක්ස් හා එංගල්ස් දෙදෙනාම හිතා හිටියේ ලෝකයේ ගැඹුරුම විද්‍යාව ඔවුන් සොයා ගත්ත යැයි කියා ය. නමුත් අමූලික බොරු ගොඩක් ඔවුහු සමාජයට මුදා හළහ. ඒ මගින් මහත් වූ ව්‍යසනයක ලෝකය පත් කෙරෙණි.


    කොමියුනිස්ට්වාදය කර්මය, කර්ම විපාකය, පින්, පව්, කුසල් අකුසල් ද දාන, ශීල, භාවනා, පින් ලෙසත්, ශීල, සමාධි, පඥා, යන තථාගත සම්බුදු රදුන්ගේ දේශනා කිසිත් පිළි ගෙන නැත්තේ ය.

    ReplyDelete
  8. ඉතිරි කොටස

    ආරියතිලක

    කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයෙහි මාක්ස් හා එංගල්ස් මෙසේ කියත්.

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    මේ ප්‍රකාශයෙන් සම්බුදු දහම ඇතුලු සියලු ආගම් ප්‍රතික්ශිප්ත ය.

    කාල් මාක්ස්ට හා පෙඩ්රික් එංගල්ස් ට සම්බුදු රදුන්ගේ ධර්මය අධ්‍යනය කිරීමට අවකාශ උදා වූයේ නැත. 1847, 1848 වර්ෂ වන විට ජර්මනියට හෝ එංගලන්තයට බුදු රදුන්ගේ ධර්මය අධ්‍යනයට අවස්ථාව සකස් වී නො තිබිණි. තථාගතයන් වහන්සේගේ දේශනාව නො නැසී, සම්පූර්ණ ත්‍රිපිටකය ම පැවැතියේ ලංකා භූමියේ ය. ත්‍රිපිටකයට ලියන ලද අටුවා ටිකා ද සහිත බොහෝ ධර්ම ග්‍රන්ථ ආරාක්ෂා වූයේ ලංකා භූමියේ ය. 19 වන ශත වර්ෂයේ අග භාගයේ බටහිරින් මෙරටට පැමිණි උගතුන් කීප දෙනෙකු විසින් පාලි භාෂව හදාරාණ ලදී. ත්‍රිපිටකය ද අටුවා ද අධ්‍යනය කරන ලදී. ප්‍රථමයෙන් ම එංගලන්තයට බුදු දහම ඉංග්‍රීසි භා‍ෂාවට පරිවර්තනය වන්නේ
    1881 දී එංගලන්තයේ ආරම්භ වූ පාලි පොත් සමාගම මගිනි. (Pali Text Society) ත්‍රිපිටකය සහ අටුවා ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමෙන් බුදු දහම බටහිර ලෝකයට විවෘත විය. එතෙක් සම්බුදු දහම යුරෝපීය ජනතාවට කියවීමට අවස්ථාව උදා නො වුණි. 1864 ආචාර්ය රීස් ඩේවිඩ්ස් පඬිතුමා සිවිල් සේවකයෙකු වශයෙන් ලංකාවේ සේවයට පැමිණ පාලි භාෂාව හදාරා පසුව එංගලන්තයට පැමිණ ත්‍රිපිටක පරිවර්තන කිරීම අරම්භ කෙළේ ය. ඔහුට ලංකාවට පැමිණ පාලි භාෂාව හැදැරූ ඩෙන්මාක් ජාතික හා ජර්මන් ජාතික වියතුන් කීප දෙනෙකුගේ සහාය ද ලැබිණි. කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනාට ම සම්බුදු දහම හැදෑරීම අවකාශ නො ලැබිණි. ඔවුහු සියලු ආගම් එක ගොඩට තල්ලු කර දැමූහ. කොමියුනිස්ට්වාදය සියලු ආගම් ප්‍රතික්ෂේප කළේ ය. සම්බුදු දහම ද, කොමියුනිස්ට්වාදයේ ඒ ආගම් ප්‍රතික්ෂේපයෙහි වැටී ඇත්තේ ය.


    තථාගතයන් වහන්සේගේ සියලු දේශනව ම මාක්ස්වාදයෙන් බැහැර ය. අප එසේ කියන්නේ යම් යම් සූත්‍ර දේශනාවලට, සමාජවාදයේ ඇති සමානාත්මතාවයට එකඟ වුව ද, මාක්ස්වාදීහු තථාගත බුදුරදුන්ගේ සම්මා සම්බුද්ධත්වය කිසි ලෙසකින් නො පිළි ගනී. සම්බුදුරදුන්ගේ සමස්ත බුදු දහම කැටි වූ සූත්‍ර දෙකක් වශයෙන්
    “ධම්ම චක්කපවත්තන” සූත්‍ර දේශනාව හා “ අනත්ත ලක්ඛණ” සූත්‍රය දැක්විය හැක.


    අපි ලෝකයේ ම සිටින, මාක්ස්-ලෙනින්වාදී, කොමියුනිස්ට්වාදී සැම දෙනාට ම අභියෝග කොට සිටිමු, හැකි නම් තථාගත බුදු රදුන්ගේ මේ සූත්‍ර දෙක සත්‍යක් යැයි කියා කියන ලෙසට ය. අව ම වශයෙන් එක් සූත්‍රයක්වත් සත්‍යයක් යයි කියන ලෙසට ය.


    මේ සූත්‍ර දෙක යමෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තැනැත්තා තථාගත බුදු රදුන් ප්‍රතික්ෂේප කළා වනවා ඇත. ධම්ම චක්කපවත්තන සූත්‍රය පිළිගත් විට අනත්ත ලක්ඛණ සූත්‍රය නිරායාසයෙන් ම පිළිගන්නවා ඇත.


    “කොමියුනිට්වාදයේ මූල ධර්ම” වල එංගල්ස් කියන පච වැල මේ සූත්‍ර දෙකෙන් බිඳ වැටෙනවා ඇත. එංගල්ස්ගේ මේ පච වැල පමණක් නොව කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනාගේ “කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය” යන ලියවිල්ලෙන් කියන බොරු ද බිඳ වැටෙනවා ඇත. ඒ සමඟ ම කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, මාඕ සේතුං යන කොමියුන්ස්ට් න්‍යායාචාර්යවරු විසින් ලියන ලද හා ලෝකයේ කොමියුනිස්ට්වාදය පිළිබඳ ලියා ඇති සියලු ග්‍රන්ථ, ලිපි, ප්‍රකාශනවල අන්තර්ගතය බිඳ වැටෙනවා ඇත.


    කාල් මාක්ස්, මිත්‍යා අදහස් ඇති දාර්ශ්නිකයෙක් බව කිව යුතු ය. සම්මා හෙවත් සත්‍යවාදී දැකීමක් ඇති සම්මා ඥාන බලයට විරුද්ධ මිත්‍යා ඥාන ඇතියෙක් බව ඔහු ගොඩ නගන ලද බොරු ගොන්න අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වෙනවා ඇත.

    ReplyDelete
  9. ඉතිරි කොටස….

    ආරියතිලක


    නිර්මල සම්බුදු දහම තිබෙන මේ ලංකාදීපයේ කාල් මාක්ස්ගේ මිත්‍යා දර්ශනය හේතුවෙන් සදාචාර පිරිහීම වේගවත් විය. සම්බුදුරදුන්ගේ උපාසක කුල පිරිහීමට ලක් විය. එම කුලවල උපන් දරුවෝ මාක්ස්වාදයේ හරි යයි සිතා සම්බුද්ධ දේශනාවට, සම්බුද්ධ ශාසනයට, සපුරා පටහැනි කොමියුනිස්ට්වාදීන් පසු පස ගියහ. 1971 රාජ්‍ය විරෝදී ජවිපෙ කැරැල්ලට හා 1987/88/89 ජවිපෙ දෙවැනි කැරැල්ලට සම්බන්ධ වී මහත් ජීවිත ව්‍යසනයක් කර ගත් හ. මහත් වූ පාප කර්ම කර ගත් හ. කොමියුනිස්ට්වාදීන් පින පව නො පිළිගන්නා බැවින් එම කැරැළිවලට සම්බන්ධ වූවන්ට ඒවා ප්‍රශ්න නො වීය. මේ කැරළි දෙකට හා කොමියුනිස්ට්වාදී දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ වූ බහුතර පිරිසට මාක්ස් ලෙනින්වාදයේ, කොමියුනිස්ට්වාදයේ අසත්‍ය බව, අධ්‍යනය කිරීමට පමණක් නොව මාක්ස් ලෙනින්වාදය ද හරි හැටි දැන ගැනීමට අවස්ථාව ලැබී නැත්තේ ය.

    පුදුමයක මහත! නම් සම්බුදු රදුන්ගේ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ද සම්බුදු දහම හරි හැටි නො දන්නා කම නිසාදෝ සම්බුද්ධ ශාසනයට පටහැනි කොමියුනිස්වාදී කැරළිවල සම්බන්ධ වූහ. කොමියුනිස්ට්වාදී දේශපාලනයේ නියලෙත්. මේ හේතුවෙන් තථාගතයන් වහන්සේගේ බෞද්ධ උපාසක කුලයට මහත් පිරිහීමක ඇති විය. කාල් මාක්ස්ගේ, කොමියුනිස්ට්වාදයේ අමූලික බොරු ඉගෙන ගෙන, කුසල ධර්ම පිරිහෙන තැනට වැඩ සිද්ධ වූ බව පැහැදිලි ය. අදටත් ඇතැම් භික්ෂු සංවිධාන තථාගත දහමට විරුද්ධ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් පෙනී සිටිත්.


    තථාගතයන් වහන්සේගේ බෞද්ධ කුලවැසි සැම, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදයේ බොරුව තේරුම් ගැනීමට උත්සාහ කිරීම, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තව කාලයක් කුසල පථය සමඟ දියත් වීමට හේතු වන බව අවධාරණය කරමු. සම්බුදු දහමට පටහැනි, මිත්‍යාදෘෂ්ටික වූ කොමියුනිස්ට්වාදයට හසු නො වන ලෙස, තම දරුවන් ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන් බෞද්ධ කුල වැසි දෙමාපියන්, වැඩිහිටියන් උත්සුක විය යුතු බව ද අවධාරණය කරමු.”


    ReplyDelete
  10. යටත්විජිත පාළණය සඳහා සුද්දා පැනවූ මර්ධනය, අවනීතිය.. නොහොත් ,කන්සා තහනම..පෙර කළ පැවැති දේශයට ආවේනික ව තිබූ පරිදි වහාම යාවත්කාළීන කරනාලෙස නැවත නැවතත් බහුතර බළය හිමි නව රජයේ දැඩි අවධානයට,.!.August 10, 2026 at 2:51 AM

    ඉතිහාසය තුළ විෂ මත්ද්‍රව්‍ය නොතිබීමට හේතුව වශයෙන්ද, මිනිසුන් වියරැවැටෙනා නව පන්නයේ හලාහළ විෂ මත් ද්‍රව්‍ය ලංකාවේ පුරවැසියන්ට කිසිසේත්ම අවශ්‍ය නොවූයේ පහසුවෙන් ගෙවත්ත අවටින්ම ලබා ගත හැකිව තිබූ අද්විතීය ශාකය ''තෙෙලෝක විජයා'' නිසාවෙන්ම බවත්,..
    විශමතද්‍රව්‍ය පාළණයට, භාවිතා කරන්නන් විෂ තුළින් මුදවා ගැනීම සඳහා සුදුසුම යාව ජීව ප්‍රතිකර්මය, නොහොත් ඹෟෂධය කන්සා රට තුළ සුළභ කිරීම වන බැවින්,.
    බදුමුදල් ගැනම නොසිතා සමාජයේ යහපැවැත්ම සඳහා , බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාසගත යාව ජීව ඹෟෂධය කන්සා ශාකයේ පස්පංගුව ලගතබාගැනීම, භාවිතය සහ පුද්ගලික අවශ්‍යතාවයන්ට අනුගතව යම් පැළ ප්‍රමාණයක් ගෙවත්තේ වගා කර ගැනීමට අවස්ථාව ලබාදීම අතිශයින්ම තීරණාත්මක බුද්ධිමත් සමාජසුභවාදී ක්‍රියාවක් වන බැවින්,.
    වහාම කන්සා නීත්‍යානුකූළ භාවිතය පුද්ගළික අවශ්‍යතාවයන් සඳහා ගෙවතතේ වගාකර ගැනීමට අවසර දීම, වයස දහ අට ඉක්මවූ පුද්ගළයන් සඳහා නීත්‍යානුකූළ කළ යුතුම බවත් වහාම යල්පැනගිය අධිරාජ්‍යවාදීන්ගේ විණාශකාරී අවනීතිය පෙර කළ පැවැති දේශයට ආවේනික ව තිබූ පරිදි වහාම යාවත්කාළීන කරනාලෙස නැවත නැවතත් බහුතර බළය හිමි නව රජයේ දැඩි අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post