රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම දිය හැකියි..


 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

සහරාන් හෂීම් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ විසින් එවකට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබුණද, ඔවුන් සහරාන් යනු කවුදැයි නිසි අවබෝධයකින් පසු නොවූ බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

එහෙත්, එම අවධියේදීම වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ මඩකලපුව පාරමුණේදී මෝටර් සයිකල් බෝම්බයක් අත්හදා බැලීම යන සිදුවීම් හතරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටි බව ඔහු සිහිපත් කළේය.

සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුව තිබුණේ රහස් පොලිසිය භාරව සිටි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා යාම" නමැති කෘතියේ ශානි අබේසේකර මහතාට එරෙහිව චෝදනා 11ක් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇති බවත්, සහරාන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික පියවර නොගැනීම හිතාමතා සිදුකළ පැහැර හැරීමක් බවත් ගම්මන්පිල මහතා චෝදනා කළේය.

ලෝකයේ වෙනත් කිසිදු රටක පරීක්ෂණයක සැකකරුවෙකු එම පරීක්ෂණයේම ප්‍රධානියා ලෙස කටයුතු නොකරන බවත්, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබීම කණගාටුදායක බවත් පවසමින් ඔහු සිය අදහස් දැක්වීම අවසන් කළේය.





Calls for Accountability Over Easter Attack Failures: Gammanpila

Udaya Gammanpila, leader of the Pivithuru Hetak movement, has suggested that former Senior Deputy Inspector General of Police Ravi Senewiratne and former Director of the Criminal Investigation Department Shani Abeysekera could face the death penalty for their failures to prevent the Easter Sunday terrorist attacks, even when they had clear information about the threats.

Speaking at a special media briefing in Colombo, Gammanpila emphasized the gravity of the situation, citing the intelligence reports that warned then-Defense Secretary and police officials of impending attacks orchestrated by the likes of Zahran Hashim, noting a lack of understanding regarding Zahran's identity and intentions.

He recalled that during this crucial period, incidents such as the murder of police officers in Vavuniya, the destruction of a Buddhist shrine in Mawanella, the discovery of explosive materials in Wanathavilluwa, and the testing of a motorcycle bomb in Madakaleppu were all under investigation by the Criminal Investigation Department.

Gammanpila asserted that a thorough understanding of Zahran’s activities should have fallen under the purview of Senewiratne and Abeysekera, who were both responsible for intelligence operations at the time.

In his remarks, he revealed that concrete evidence had been presented against Shani Abeysekera, including 11 charges related to his failure to apprehend Zahran promptly, suggesting that such negligence was a deliberate act to mislead investigations. He lamented the unprecedented nature of having a suspect lead the investigation into their actions, a situation he deemed regrettable in the Sri Lankan context.

Gammanpila concluded by highlighting the need for significant accountability, urging that no other country allows such a scenario where a suspect operates at the helm of an investigation into their own activities, calling for reform in Sri Lanka's handling of terrorism cases.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. Ethakota muge client pilleyanya monawada denna ona? butter paan kiri the wathura wenna athi.

    ReplyDelete
    Replies
    1. saharange loawyer ekiyanne adikarna amathitath e gamma

      Delete
    2. ඔව්. මඩකලපු උසාවියේ තියෙන සහරාන් හෂිම්ගේ ණඩුවකට ඉදිරිපත් කරන්ඩ තමන්ගෙ කාර්එකේ හංගගන සහරාන් හෂිම්ව කොළඹ ඉඳල මඩකලපුවට අරන්ගියේ වර්ථමාන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර තමයි.

      Delete
  2. Gammanpila digin digatama adikarana theeranayata apahasa karana

    ReplyDelete
  3. කුමන සිද්ධාන්ත වලට අනුකූළවද යන කාරණා සබුද්ධික සමස්තයේ අවධානයට,.!August 1, 2026 at 2:55 PM

    සමස්ථ ප්‍රහාරය පිළිබඳ දනගත් නමුත් මහජනයා නොමග යවනාලද නොහොත් ස්වරගයටම සුටුස්ගා යවනාලද පල්ලියේ නයිටිබලකායට මරන දඪුවම හිමි විය යුතු නොවේද?
    සමස්ථ ප්‍රහාරය සැලසුම් කල මයික් පොම්පේ හට, අතුල් කේශාප්ට, ඵවකට ඉන්දීය තානා පති සිං ට, සම්බන්ධීකරනය සඳහා සහයෝගය දැක්වූ මෝඩිට, බූරැතන්‍යයේ ඵලිසෙබෙත්ට,ඩොනල් ට්‍රම්ප්ට, අරමුදල් සැපයූ ඩුබායි ඔටුවා මොහමඩ් බින් සලාම්ට, ලංකාව තුල අනුබලදුන් රිශාර්ඩ් බඩ උඩින්,සාපි සෙහාබ්ඩීන් හිස්බුල්ලාහ්, යන සමස්ථ ජන ඝාථකයන්ට මරන දඪුවම අකැප වන්නේ අවස්ථාවාදී අන්ධ මූග්ධයන්ගේ වනචාරී නීතියේ කුමන සිද්ධාන්ත වලට අනුකූළවද, ? මූග්ධ ලෙස බළ තන්හාවට නූගත්කම ඉහවහා ගොස් වංචනීක ලෙසට රාජ්‍යයේ බළ අත්පත්කරගනිමින් සමස්ථ පාළණය දුර්වල කර චීන විරෝධී බටහිර ත්‍රස්ථ ප්‍රහාරයට මග සැලසීමට සමස්ථ රාජ්‍ය යානත්‍රණය විකෘති කරනාලද මයිත්‍රීපාලට, රනිල් වික්‍රම සිංහට මරන දඪුවම අකැප වන්නේ නීතියේ කුමන සිද්ධාන්ත වලට අනුකූළවද යන කාරණා සබුද්ධික සමස්තයේ අවධානයට,.!

    ReplyDelete
  4. රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර දෙන්නාට ජනතා අධිකරණ දඬුවම් ලැබෙන බව නම් ෂුවර්. පසුගිය මාස කීපයක් තුල සිදුකළ මිනීමැරුම් සියල්ල මතින් මොවුන් සාක්ෂි වහන්න උත්සාහ කරාට කවරදාවත් ඇත්ත යට ගහන්න බැහැ

    ReplyDelete
  5. Kageda thaththath danagena hitiya.

    ReplyDelete
  6. 👍👍👍👍👍👍

    ReplyDelete
  7. බෙදුනු තීන්දුවෙ දෙන්නෙකුට ලගදිම ප්‍රොමොශන්. අනිත් කෙනා නිකම්ම ගෙදර. කෙසෙ වෙතත් කාදිනල් තමා සතුටුම.

    ReplyDelete
  8. අශ්වයා ගියාට පස්සේ ස්තාලය වහලා වැඩක් නැහැ බං.ඕවා බයියන්ට ආතල් දෙන වොයිස් කට්.

    ReplyDelete
  9. සිරාටයි, තනි ධමණියටත් එසේම විය යුතුයි

    ReplyDelete
    Replies
    1. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ශක ලේකම්වරයාට දුන් දඬුවම පූර්වාදර්ශයක් කරගන, ගහනවයි කියල දැණුම්දීපු වාර්තා මේසඋඩ තියාගන කිසිම කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන බකංනිලාගන හිටපු රවියටයි, ශාණියටයිත් අනිවාර්යයෙන්ම මරණ 
      ඳඬුවම දියයුතුයි.

      Delete
  10. The bombers who attached Sharrok Khan stage show what is the punishment due

    ReplyDelete
  11. And Ibrahim nana goes away scott free :)

    ReplyDelete
  12. බුද්ධිමත් ජනතාව ඇසිය යුතුම අදහස් දැක්වීමක්, අපිට මේ ගැන දැනුම ලබාදුන්නාට බොහෝම පින්.

    ReplyDelete
Previous Post Next Post