පොරවෙන් බිරිදගේ හිසට පහර දී සැමියා (29) දින පස්වරුවේ නුවරඑළිය පොලිසිය වෙත භාර වූ බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව මහතා පැවසීය.
පවුලේ ආරවුලක් හේතුවෙන් තම බිරිදගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදු කර තමන් පොලිසිය වෙත පැමිණි බව සැකකරු විසින් පොලිසිය හමුවේ පැවසු බවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
තුවාල ලබා සිටි බිරිද ප්‍රදේශාවාසීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමේදි ඇය මිය ගොස් ඇති බවට තහවුරු වූ බවද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.
මෙසේ මිය ගොස් ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි චිත්‍රා දේවි නම් 43 හැවිරිදි කාන්තාවයි.
සැමියාගේ පොරෝ පහරින් මිය ගිය කාන්තාවගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු (30) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ඝාතනය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වයි.
- රංජිත් රාජපක්ෂ
Husband Arrested After Fatal Assault on Wife in Nuwara Eliya
In a disturbing incident in Nuwara Eliya, a 29-year-old husband has turned himself in to police after allegedly assaulting his wife, leading to her death. The local police's Chief Inspector, P.S.C. Sanjeewa, confirmed the arrest, stating that the incident took place during a domestic dispute in the Boralan Dinayagapuram area.
The accused reportedly admitted to striking his wife on the head, resulting in her suffering significant injuries. She was quickly taken to the Nuwara Eliya District General Hospital by neighbors but was unfortunately pronounced dead upon arrival.
The victim has been identified as 43-year-old Chithra Dewi, a resident of the same locality. Following the assault, her body has been transferred to the Nuwara Eliya District General Hospital for a post-mortem examination.
The arrested husband is scheduled to be presented before the Nuwara Eliya Magistrate's Court on the 30th, as the police’s Criminal Investigation Division continues to probe the circumstances surrounding the tragic incident.
This case highlights ongoing issues of domestic violence within families and the dire consequences that can ensue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ වාගේ සිදුවීම් ගොඩක් වාර්ථා වෙනවා. කඳුකරයේ මේ සිදුවීම් ඉතා බහුලයි, ලයින් වල ජීවත්වෙන පවුල් වල මුලු දවසෙම කාන්තාවෝ ගුටි කනවා, අනික් ප්‍රදේශ වලත් සැලකිය යුතු ගණනක් මෙවැනි දේවල් වාර්ථා වෙනවා. මේ වලින් 1%ක් වත් නෑ ඒ වාර්ථා වෙන සිදුවීම් අතරට.
ReplyDeleteකාන්තා අයිතිවාසිකම් පිළිඹඳ රාජ්‍ය නොවන සංවිධාන වලට මේවා වැඩක් නෑ, ඩොලර් එන් නෑ මේ ගැන කථා කලොත්. ඒ කට්ටියට ඕනෑ පාර්ලිමේන්තුවේ නියෝජනය 40%ක් කාන්තාවෝ කරන්ඩ, බාර් වලින් සෘජුවම බියර් සහ මත් පැන් මිළදී ගන්ඩ තියෙන නීති බාධාව ඉවත් කර ගන්ඩ (ප්‍රායෝගිකව බොන කාන්තාවෝ අපුරුවට ගන්නවා, නමුත් නීතියේ තියෙනවා එහෙම බෑ කියලා), වගේ දේවල්.
දුප්පත් ගෙවල් වල (ඒ කියන්නේ අඩු අධ්‍යාපණ මට්ටම, අඩු ප්‍රායෝගික බුද්ධිමත් බව, අඩු සෞඛ්‍ය සම්පන්න බව තියෙන තැන් වල) සමහර කාන්තාවෝ ගුටි කනවා කිසිම හේතුවක් නැතුවත් මිනිහා බීගෙන ආවම, එක්කෝ ලුණු වැඩියි කියලා ගහනවා, ලුණු මදි කියලා ගහනවා, නැත්නම් කෑම පරක්කු වුණා කියල ගහනවා, එක්කෝ කෑම එක කලින් වැඩියි සීතලයි කියලා ගහනවා, බොහෝ තැන් වල ගෙදර වියදමට සතයක් දෙන් නැතුව කුලියක් කරලා හොයා ගන්න තුට්ටු දෙකෙන් සේසතම ඉවර වෙනකම් බීලා බීලා නහස්ති කරගෙන, ගෑණුන්ගේ වියදමින් මිනිහගෙ කෑමත් හදන, ළමයින්ගේ සියලු ඇඳුම් පැළඳුම් වියදමුත් දරණ තැන් වල මේවා වෙන්නේ.
කරුණා කරලා අපේ දූවරු දැනුවත් කරණ විශයයන් එකතු කරන්ඩ පාසල් විෂයන් වලට. ඒ වගේම දික්කසාද නීතිය ලිහිල් කරන්ඩ. පිරිමි දරුවන්ට තමන්ගේ ශක්තිය ගෑණුන්ට පෙන්නන එක වැරදි බවත්, ඉන්ඩ බැරි නම් ඉවත්වීම කල යුතු බවත් උගන්වන්ඩ. මාර ප්රවෘත්ති තියෙන්නේ. මේවා සතියකට කීයක් ඇහෙනව ද? දියුණු රටවල් වලත් මෙහෙම දේවල් වෙනවා, ගැබී පැටීටෝ ව ඝාතනය වුණා, නමුත් අවුරුදු කීපයකට සැරයක් එකක් තමයි ඇහෙන්නේ ඒ රටවල් වල. ලංකාව මෙච්චර පුන්චි රටක් වෙලා, පොඩි ජන ගහණයක් ඉඳලා, සතියකට සැරයක් දෙසැරයක් ඇහෙනවා මේ දේවල්.
ගලප්පත්තියෝ, උඹ මේකේ කොටන වෙලාවේ උඹේ ලොක්කට කියපන් ඕවා. මොකද මේක බලන අපි සිලබස් වෙනස් කරන්නද? උඹගේ අගමැතිට ඕව මතක් වෙන්නෙ නෑ. එයාට මතක් වෙන්නේ සිලබස් එකට වැල දාන්න විතරයි. වැල විතරක් නෙමේ ප්‍රැක්ටිකල් එක්කම කරන ඒවා දාන්න. උඹටම තේරෙනව නේද මාලිමාවේ අධ්‍යාපන ප්රතිසංස්කරන අනිත් සිස්ටම් චේන්ජ් වගේම ෆේල් බව. අන්න ඒකම ලොකු දෙයක්.
Deleteමාලිමාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නම් අවුල් තමයි. අපි මාලිමාව කරන හැම දෙයක්ම හරි කියන්නෙ නැහැ.
Deleteමේ උඩ කමෙන්ට් එක මගේ නමින් කමෙන්ට් කරණ හොර පුද්ගලයා විසින් දාලා තියෙන්නේ, වෙන නමකින් වරෙන්.
Deleteසමහන් කියල මල ජරා ඇඩ් එකක් යනවා.මහ මූසල ගෑනු ඉන්නෙ.සෙම් සොටු පෙරාගෙන කැහැ කැහැ. සමහන් කියන්නෙත් ජරාවක්.
ReplyDelete😂😂
Deleteසමහන් නම් ජරාවක් නෙමේ. ඒත් මේකේ ඇඩ් නම් දිග වැඩී.
Deleteඔය ජාතියේ මිනී මරණ වැඩ කරන්නේ ජෙප්පො තමයි ඉතින්.
ReplyDeleteසක්කිලිම සෙට් එක තමයි මේ ජෙප්පො එක්ක සෙට් වෙලා ඉන්නේ.
පුදුම කාලකන්නි කරුමයක් උන් සෙට් එක නම්.
බ්‍රිතාන්‍ය ජාතික, ජාත්‍යන්තර රතු කුරුසයේ සාමාජික, ගාසා තීරයේ ගැටුම් පිළිඹඳ වාර්ථා කරුවෙකු ද වූ කුරාම් ෂෙයික් ව 2011 තංගල්ල බීච් රිසෝට් එකකදී ඝාතනය කරලා ඔහුගේ රුසියන් ජාතික පෙම්වතියව දූෂණය කලේ මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ සාමාජිකයෙකු හා පළාත් පාළන මන්ත්‍රී වරයෙකු වූ සම්පත් විදානපතිරණ විසින්. ඔහු මේ වන විට 20 අවුරුදු බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබනවා, 2014 දී ලැබුණු තීන්දුවක් අනුව.
Delete