හවසට ඇතුලටද,.. ගෙදරටද.. රවි අල්ලස් කොමිසමට එයි.. පෙරදා දුවගේ වෙඩිමලු..


 පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයන් පිරිසක් දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු, ව්‍යාපෘති කටයුතුවලින් බැහැරව දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම තුළින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට පෙර අවස්ථාවකදී ද රවී කරුණානායක මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද, ඔහු එදින පැමිණ නොසිටියේය.

ඒ හේතුවෙන් පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවසට පවා ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී ඔහු නිවසේ රැඳී සිට නැත.

කෙසේ වෙතත්, සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව අද දිනය වෙන් කර තිබුණි.

ඒ අනුව, ලබාදුන් පෙර දැනුම්දීමට අනුව මන්ත්‍රීවරයා අද දින කොමිසම හමුවේ පෙනී සිටිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ.





MP Ravi Karunanayake Testifies Before Bribery Commission Over Allegations

Member of Parliament Ravi Karunanayake appeared before the Bribery and Corruption Investigation Commission today (31) to address serious allegations surrounding misuse of staff from the National Lotteries Board for political activities, which purportedly cost the government financially.

The inquiry focuses on accusations that three employees hired for a special project within the National Lotteries Board were utilized for political purposes, resulting in significant financial losses to the government. This investigation is being conducted against the backdrop of claims implicating the MP himself.

In a previous instance, the Commission had summoned Karunanayake to provide a statement; however, he failed to attend the meeting on that occasion. As a result, officials from the bribery commission had even visited his residence, but the MP was not home at that time.

Nonetheless, he had requested a rescheduling of his appearance to a later date through his legal representatives, citing obligations related to his daughter's wedding. Accordingly, today's appearance was prearranged as a response to that earlier notification, and he engaged with the Commission to provide his testimony on the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. Ane huke kivvalu. monvadha bn me nadu dhanna yana eva. Lajjai munge sanvardhana vada vage thamai mevath. oya vage evata nadu dhanna giyoth 2029 passe jeppo okkoma dhanna venama dhupthak hadhanna venava.

    ReplyDelete
    Replies
    1. ගොනෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා ප්‍රසිද්ධියේ. උඹල හිතාගෙන ඉන්නේ මුන් කරපු හොරකම් කොච්චරයි කියලද? සාමාන්‍ය මිනිහෙක් තමන් කරගන්න වැඩ වලටත් ආණ්ඩුවේ බදු මුදලින් පඩි කන උන්ව යොදාගෙන තියෙන්නේ. මිනිස්සුන්ගෙන් ගන්න බදු මුදල් ඔහොම ගණිකා වෘත්තියේ යොදවන උන්ව දාන්න තමයි වෙනම දූපතක් හදන්න ඉන්නේ අපි.

      Delete
    2. e dupathe minissunge yata adume HIL

      Delete
    3. පකය අද ගෙදර ගිහිං හමාරයි. ඇප අරගෙනත් ඉවරයි කට්ටි පැන්න නිසා

      Delete
  2. වෙන පක්ෂක නේ. අනිවාර්යයෙන්ම ඇතුලට.

    ReplyDelete
  3. වෙන පක්ෂයක නේ. අනිවාර්යයෙන්ම ඇතුලට.

    ReplyDelete
  4. පකය අද ගෙදර ගිහිං හමාරයි. ඇප අරගෙනත් ඉවරයි කට්ටි පැන්න නිසා

    ReplyDelete
  5. kakka wadipura dammath hirita yana seen ekak tiyenne. kari adu kule JVP karayonwa elawana dawasa wadi kal ne.....

    ReplyDelete
  6. මුට නඩු දාන එකට බනින, ඕවත් වැරදිද අහන ඔය උඩ කොමෙන්ට් කොටන උන් තමා ජරාව කාලා තියෙන්නේ. ඒකනේ මුන්ට මෙහෙම හිතන්නේ. තුක් නොදෝමකින්. මේ වගේ අපතයන්ව මේ සමාජයෙන් තුරන් වෙන්න පටන් ගත්තු එක නම් ලොකු දෙයක්. උබලගේ අවසානය පටන් ගත්තා බං දැන් ටික කාලෙකට උඩින්. උබල වගේ හිතන උබලගෙ ළමයෙක්ටවත් ආයේ මේ සමාජේ ඔලුව නම් උස්සන්න දෙන්නේ නෑ. දැන් රට යන ක්‍රමයට එකඟ නොවෙන හැමෝටම අබසරණ​යි

    ReplyDelete
Previous Post Next Post