නියග ප‍්‍රදේශවල එක් පුද්ගලයෙකුට ජලය ලීටර පහලොවක්...


 පවතින 'එල්නිනෝ' කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමක් ලෙස, මෙතෙක් ලබාදුන් දෛනික පානීය ජල ප්‍රමාණය ලීටර් 6 සිට 15 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක පවුල් 23,048කට අයත් පුද්ගලයන් 72,153ක් සඳහා පානීය ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මෙලෙස ජල හිඟය දැඩිව පවතින බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මොනරාගල දිස්ත්‍රික්කය මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති අතර, එහි පවුල් 10,264කට අයත් පුද්ගලයන් 33,023ක් සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 28,523ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7,882ක් ද ජල හිඟයෙන් පීඩා විඳිති. සමස්තයක් ලෙස දිවයින පුරා පුද්ගලයන් 81,865ක් පමණ වියළි කාලගුණයේ බලපෑමට ලක්ව සිටින බව වාර්තා වේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.





Government Increases Water Supply Amid Severe Drought Conditions

The Disaster Management Centre has announced that the daily supply of drinking water has been increased from 6 to 15 liters per person to provide relief to those suffering under the current 'El Niño' weather conditions.

As the effects of the dry weather persist, the distribution of drinking water is ongoing for approximately 72,153 individuals from 23,048 families across seven districts. The worst affected areas include Monaragala, Ampara, Badulla, Madakalapuwa, Polonnaruwa, Ratnapura, and Hambantota, where severe water shortages have been reported.

Monaragala district has faced the greatest impact, with efforts underway to supply water to 33,023 individuals from 10,264 families. Additionally, 28,523 individuals in Madakalapuwa and 7,882 in Ampara are also struggling with water scarcity. In total, around 81,865 people across the country are affected by the ongoing dry spell.

Meanwhile, the Meteorological Department has warned that certain areas in the Western, Sabaragamuwa, and North Western provinces, as well as districts like Kandy, Nuwara Eliya, Galle, and Matara, could experience heavy rains exceeding 75 millimeters. There is also a possibility of rain or thundershowers after 2 PM in Ampara, Monaragala, and Madakalapuwa districts.

The department has urged the public to take necessary precautions against potential hazards caused by strong winds and lightning that may accompany the thunderstorms.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. වැඩිහිටියෙකුට දිනකට මුළු දියර අවශ්‍යතාව සාමාන්‍යයෙන් ලීටර් 2.7–3.7ක් පමණ විය හැකි අතර, මේ වියළි කාලගුණය තුළ ප්‍රමාණවත් පිරිසිදු ජලය මූලික මිනිස් අවශ්‍යතාවක්. දැනට 81,865 දෙනෙක් ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇති බවත්, රජය එක් පුද්ගලයෙකුට දිනකට දෙන emergency allocation එක 6L සිට 15L දක්වා වැඩි කළ බවත් වාර්තා වෙනවා.

    ඒත් ප්‍රශ්නය තියෙන්නේ “බවුසර් දෙකක් යැව්වාද?” කියන එක නෙවෙයි. මිනිසුන්ට බොන්න, උයන්න, සනීපාරක්ෂාවට අවශ්‍ය ජලය අඛණ්ඩව ලැබෙනවද කියන එකයි. 2026දීත් දහස් ගණනකට බොන්න වතුර හොයාගන්න බැරි තත්ත්වයක් ඇතිවීම ගැන “relief දුන්නා” කියලා පමණක් සතුටු වීම, මූලික අවශ්‍යතාවයක් සම්බන්ධයෙන් අර්බුද කළමනාකරණය සහ දිගුකාලීන විසඳුම අතර වෙනස නොතේරීමක්.

    රජයක් මිනිස්සුන්ට වතුර දෙන එක විශාල ජයග්‍රහණයක් නෙවෙයි—අවම වගකීමක්. ජලය නැති මිනිස්සුන්ට speeches නෙවෙයි, ප්‍රමාණවත් පිරිසිදු ජලය ඕන.

    ReplyDelete
    Replies
    1. ithin denawa kiyala thamayi bn kiyanne

      Delete
  2. පුක හෝදන්න 159 දෙනාට එන්න කියාපිය

    ReplyDelete
  3. ගංගාවලින් නිකං වතුර මුහුදට හැමදාම ගලාගෙන යනවා . මේ මිනිස්සු පව් ඕයි . අඩෝ කෝ මේ ජේපි හැත්ත . තෝපි AC කාමර වල මුකුත් නොකර වයින් බිබී ඉන්නේ නැතුව මේ මිනිසුන්නට වතුර ටිකක් ඇදල දීපල්ලා අඩු ගානේ

    ReplyDelete
    Replies
    1. api nam ahala thiyenne kuduwenne gahana ekama padda thummulle eka kiyala

      Delete
Previous Post Next Post