බන්ධනාගාර ගැටුම් සැලැස්මකට සිදුවෙන බව පේනවා.. ගැටුම් පසුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්..- ඇමති


දිවයිනේ බන්ධනාගාර කිහිපයක එකවර හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් යම් සැලසුමකට අනුව සිදුවන කුමන්ත්‍රණකාරී හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි සැකයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මීගමුව, මහර, මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාරවලින් මෙලෙස නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

මෙම සිදුවීම්වල ආසන්නතම හේතුව ලෙස මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට රජය ගෙන ඇති පියවර හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

"ඊයේ රාත්‍රී 10.15 ට පමණ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40ක පමණ පිරිසක් වාට්ටුවක දොරක් කඩාගෙන එළියට පැමිණ කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය එක්ව එය පාලනය කළා. එහිදී එක් රැඳවියෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන 6.30 ට පමණ කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා."

මේ වන විට පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 30ක පමණ පිරිසක් වහළ මත නැග විරෝධතාවක නිරත වන බවත්, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව එම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අනෙකුත් සියලුම බන්ධනාගාරවල තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව ඔහු සහතික කළේය.

මෙම සිදුවීම් මාලාව පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන බවත්, රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේ ද ජීවිත ආරක්ෂා කරමින් බන්ධනාගාර තුළ විනය තහවුරු කිරීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Concerns Rise Over Unrest in Multiple Sri Lankan Prisons

Unsettling incidents across several correctional facilities in the country may be the result of orchestrated conspiracies or disruptive actions, Minister of Public Security Ananda Wijepala suggested during a parliamentary session today.

Responding to a query from the opposition leader, the minister confirmed reports of disturbances at prisons in Meegamuwa, Maharagama, Magsins, Kuruwita, and Pallansena.

He highlighted that the recent unrest was closely linked to government measures targeting drug abuse and underground operations.

Expounding further on the situation in the prisons, Wijepala noted that around 40 inmates at Magsins Prison engaged in a violent outburst after forcibly breaking down a gate last night at approximately 10:15 PM. Authorities, alongside a special task force, managed to regain control. Tragically, one inmate lost their life, and ten others were injured and admitted to the national hospital.

This morning at around 6:30 AM, clashes erupted at Kuruwita Prison, resulting in the deaths of two inmates and injuries to thirteen others, who are currently receiving treatment at the Ratnapura Hospital.

Additionally, around thirty inmates at Pallansena Prison are reportedly involved in protests, with police and prison officials working together to manage the situation.

Despite the unrest, the minister assured that the situation in all other prisons is currently under control.

He emphasized that a comprehensive investigation into the series of events will be conducted, and the government remains committed to ensuring the safety of both inmates and staff while upholding discipline within the prison system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. මළ මිනියක් කතාකරයි, කරුමයක් මේ රටට වුණේ මේ වගේ මෝඩ හිඟන්නු ටිකක පත්කරගෙන ... විජේබාලන් පල ගෙදර .. නැත්තම් ගලක් බැඳගෙන මුහුද පැනපිය .... පරයා

    ReplyDelete
  2. දකින්න අප්පිරියම චරිතයක් ... මොන කරුමෙකටද ඕයි මේ රටේ අපි ඉපදුනේ මේ වගේ කාලකන්ණි සෙට් එකක් අපේ බදු මුදල් වලින් නඩත්තු කරන්න.... ශික්

    ReplyDelete
  3. උඹලා තරම් කුමන්ත්‍රණය කරන්න කවුරුවත් දක්ශ නෑ. ගෝටබය❤මැතිතුමා එලවන්න කාදිනල් ජූලී චාන් චූන් එක්ක රට පඅස්තාවර කරල කුමන්ත්‍රණය කරා. දැන් විනිසුරු වයස දීර්ග කරන්න බොරු ගැටුම් මවා පානව.රටේ මිනිස්සුන්ට කන්න නෑ. ගංවතුර නියගෙ න් බැට කනවා.වෙලෙන්දො හිතූ හිතූ ගනන් වලට බඩු විකුනනවා. රටේ ගාමන්ට් වැහිලා යනවා බවුද්දකම නැති කරනවා සින්හල නායකයො හිරේ දානවා. . රට අදුරට. හපෝ දෙයියනේ ලංකාවට වුන විපතක මහත.

    ReplyDelete
    Replies
    1. මේ පකයලට චන්දෙ දීපු උන්ට සැපට නින්ද යනවා ඇති

      Delete
  4. Vijayapalan, oya aththatama kawuda? Sinhalayata kelinna apu pilliyakda?

    ReplyDelete
  5. තෝ කාලකන්නි දෙමළා

    ReplyDelete
  6. මුන්ට හැම දෙකටම කියන්න පුළුවන් එකම දේ තමය් මේක

    ReplyDelete
  7. මොකද මුන් හැමදාම කලේ කුමන්ත්‍රණ නිසා

    ReplyDelete
    Replies
    1. හරියට හටි. උන් දන්නෙ එච්චරයි

      Delete
  8. කන්සා නීත්‍යානුකූළව භාවිතයට ගෙවත්තේ වගාකර ගැනීමට නව නීති සම්පාදනය කිරීමට වහා කටයුතු කරනූ,.!August 7, 2026 at 10:26 PM

    වයස දහ අට සම්පූර්ණ වූ සමස්ථ ශීලංකීය පුරවැසියන්හට..
    කන්සා ලඟතබාගැනීමට, කන්සා නීත්‍යානුකූළ භාවිතයට, තම පුද්ගළික අවශ්‍යතාවන්ට අනුගතව ගෙවත්තේ වගාකර ගැනීමට නීත්‍යානුකූළ අවසරය වහාම ලබාදීමට කන්සා නීත්‍යානුකූළව භාවිතයට ගෙවත්තේ වගාකර ගැනීමට නව නීති සම්පාදනය කිරීමට වහා කටයුතු කරනූ,.!

    ReplyDelete
  9. අපේ බදු මුදලින් නඩත්තු වෙන අඩු කුලේ පර දෙමළා 🤮 තොපිට හැමදාම ඔය බොරු කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. 😡 ලඟදීම මේ කරන විනාශ හැම එකටම ස්වභාවධර්මයෙන් දඬුවම් ලබාවි 😡🤮

    ReplyDelete
Previous Post Next Post