ප‍්‍රා. සභාපති කුඩු සමග අත්අඩංගුවට...


 මුලතිව් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොක්කිලායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් - සෙම්මමාලෙයි මාර්ගයේදී කොක්කිලායි පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 16 වනදාය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තමන්ගේ පරිභෝජනය සඳහා රැගෙන ආ බවයි.

කෙසේ වෙතත්, පොලිසියට ලැබී ඇති බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින පිරිසක් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කොක්කිලායි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, ඔවුන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.





Five Suspects, Including Local Council Deputy Chairman, Arrested for Drug Possession in Mullaitivu

In a significant raid, five individuals, including the deputy chairman of the Mullaitivu Local Council, were apprehended by the Kokkilai Police on drug possession charges involving heroin and ice (methamphetamine).

The arrests took place on the 16th of this month during a targeted operation conducted by the Kokkilai Police along the Semmamalei Road.

At the time of their arrest, authorities seized three grams of heroin and two grams of ice from the suspects, who were found in possession of the illicit substances.

During police questioning, the suspects claimed that they had acquired the drugs for personal use. However, intelligence reports suggest that they are part of a broader network involved in drug trafficking.

The Kokkilai Police are conducting further investigations into the suspects, who are set to be presented before the Mullaitivu Magistrate's Court.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. අත් වැරදීමක් වෙලා ද?

    ReplyDelete
    Replies
    1. ඔයාලා හිතනවාද මාලිමාවේ සභාපතිලා එහෙම කරයි කියලා?
      මාලිමාව ඔහොම පහත් වැඩ කරන්නේ නැහැ.
      එයාලා ඔය ග්‍රෑම් ගනන් වලින් බිස්නස් කරන්නේ නැහැ.
      එයාලා බිස්නස් කරන්නේ කිලෝ ගනන් වලින්.

      Delete
  2. අත් වැරදීමක් වෙලා ද?

    ReplyDelete
    Replies
    1. මල් පැල එහෙම කරන්නේ නැහැ.
      එයාලා මල් පැල.

      Delete
Previous Post Next Post