රටට කෙලවෙනවා නම් විපක්‍ෂය සතුටු වෙන්න ඔ්නෑ..- හදුන්නෙත්ති


 ජනතාව ලබාදුන් ජනවරමට අනුව දූෂණය නැවැත්වීමටත්, හොරුන්ට දඬුවම් ලබාදීමටත් රජය කැපවී සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර වංචාව වැනි රටට සහ ජනතාවට සිදුකළ අපරාධ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා යුක්තිය ඉටුකිරීමට රජය කටයුතු කරන බවයි.

රාජ්‍ය බලය අවභාවිත කරමින් සිදුකළ දූෂණ හා වංචා නීතිය හමුවට ගෙන ඒම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ඔහු අවධාරණය කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය නගන විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය ගන්නා තීරණවලින් රටට හානියක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව විපක්ෂය සතුටු විය යුතු බවයි.

මන්දයත්, එවැනි තීරණ හරහා ආණ්ඩුව පිරිහීමට ලක්වන බැවින් එය විපක්ෂයට වාසිදායක තත්ත්වයක් වන නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

"යම් තීරණයක් නිසා රටට කෙළවෙනවා නම්, ආණ්ඩුව පිරිහෙනවා නම් විපක්ෂය ඒ ගැන සතුටු වෙන්න ඕනේ. මොකද ඒකෙන් ඔවුන්ට බලය ලැබෙන නිසා. නමුත් ඔවුන් දන්නවා මෙතන වෙන්නේ හානියක් නෙමෙයි කියලා. නීතිය ක්‍රියාත්මක වෙනකොට තමන්ට හිරේ යන්න වෙයි කියන බය ඔවුන්ට තිබෙනවා" යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය ගන්නා සෑම තීරණයකම වගකීම භාරගන්නා බවත්, මෙම නීතිමය සංශෝධන හරහා අතීතයේ සිදුවූ වැරදි නිවැරදි කර අනාගත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Committed to Combatting Corruption and Ensuring Justice, Claims Minister

In a strong declaration, Minister of Industry Sunil Handunnetti emphasized the government's unwavering dedication to eradicating corruption and delivering justice to those affected by heinous crimes, including the Easter attacks and the Central Bank bond scandal. His remarks come amidst ongoing discussions regarding governmental accountability and the role of the state in addressing these issues.

Speaking to the media, Handunnetti revealed that the government is actively conducting thorough investigations into the aforementioned crimes to uphold justice for the nation and its people. He underscored the critical importance of tackling corruption and fraud perpetrated under the guise of state power, describing it as a primary objective of the current administration.

The minister also addressed criticisms raised by the opposition regarding proposed amendments to the retirement age for judges. He pointed out that should any decision made by the government result in detriment to the country, the opposition should find satisfaction in voicing their concerns. "If any decision leads to the government's downfall, they should be pleased," Handunnetti remarked, noting that such scenarios could present advantages for the opposition.

He explained that the opposition's eagerness for the government's failure may stem from the potential gain of power in such circumstances, asserting, "They are aware that these decisions do not truly harm the nation, as they fear they might ultimately face legal repercussions themselves." Handunnetti's comments reflect a broader sentiment of political maneuvering in the country.

While reaffirming that the government is prepared to take responsibility for every decision made, the minister also stressed that the legal reforms being implemented aim to rectify past wrongs and strengthen the democratic fabric for the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. රටට කෙලවෙනවට විපක්ෂය කැමති කෑ. ඒකයි තොපි කෙලවන එකට විරුද්ද

    ReplyDelete
  2. උඹල ඇතිවෙන්න කෙලවල තියෙන්නෙ. ඒක වෙන්ට ඇති විපක්ෂයට සතුටු

    ReplyDelete
  3. තොපි තවම හොඳම එකෙන්ම kelo ගත්තෙ නෑ. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. මම අදත් ඩොලර් 6000ක් ලංකාවට දැම්මා

      Delete
  4. දැන් විපක්සෙ ජෙප්පෙ නෑ… රටට කෙල වෙනකම් බලන් හිටියෙ ජෙප්පො හිටිය විපක්සෙ. කෙලවෙනකම් නෙවෙයි ජාතික ලැයිස්තු ඉබ්‍රහිම් රටට කෙලල ගියෙ

    ReplyDelete
  5. අමාරුම කාලෙ රටට සල්ලි එවන්න එපා කිව්වෙ මොන පොන්යද බොල..

    ReplyDelete
  6. ඒ සංස්කෘතිය මහපොළොවේ ඇති කරපු උදවියම දැන් දිට්ට දම්ම වේද කර්මයට මුහුණ දෙන බව පේනවා.
    පැවතී හැම ආණ්ඩුවකටම එකතු වෙලා පස්සේ අංචි ඇද ඇද රටට කෙලවල බලය ගන්න දාපු උප්පාරවැට්ටි දැන් මහජනතාවට හොඳහැටි අවබෝධ වෙලා ඉවරයි

    ReplyDelete
  7. තෝ තමය් රටට සල්ලි එවන්න එපා කියල රට කෙලවෙනකම් බලගන හිටියේ.

    ReplyDelete
  8. අඩු කුලේ, ජේ.වී.පී. ත්‍රස්තවාදී ඇඟිලි කොටා. මූට කර්මය විසින් නිවැරදි වෙන්න තව අවස්ථා දීලාත් කාලකණ්නි ජෙප්පෝ හැම එකාම වගේ නියත නිරය උරුම කරගෙන දවසින් දවස නිරය කරා ලඟාවෙන්නේ 🤮 මුන්ට වැඩ බැරි බව පිලි අරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණයකට යන්නේ නෑ. හැම තැනම ඝාතන, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් 🤮 මුන් හැම එකාගෙම කටේ ජපවෙන්නේ පහුගිය රජයන්ට චෝදනා, අපවාද 🤮😡 හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮

    ReplyDelete
  9. මුන්ට විපක්ෂේ ඉද්දි ඕන උනේ ඕක! ගොන් ජනතාවට දැන් තේරෙනවා නම් හොදයි මුන් ඒ කාලේ කලේ රටට් කෙලවෙනකම් ඉදලා ඒ වෙලාවේ තවත් කෙලවලා බලේ ගන්න.. කොවිඩ් කාලේ අමතකද

    ReplyDelete
Previous Post Next Post