වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු කර නොමැති බවත්, ඒ හේතුවෙන් මෙරට සමස්ත ජනතාවම දැඩි පීඩනයකට සහ අසහනයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ තරුණ පරපුර, දරු පරපුර මෙන්ම මව්වරුන් ද අද වන විට බරපතල ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි.
ගොවි, ධීවර සහ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් රජය විසින් උදුරාගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය.
විදුලි බිල සියයට 33කින් අඩු කරන බවටත්, රුපියල් 9000ක බිල 6000 දක්වාත්, 3000ක බිල 2000 දක්වාත් අඩු කරන බවට දුන් පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර වරායට ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙන බවට කළ ප්‍රකාශ ද අමතක කර ඇති බව ඔහු පැවසීය.
තරුණ පරපුර වෙනුවෙන් රුපියල් ලක්ෂ 12කට 'විිට්ස්' වර්ගයේ වාහන සහ අඩු මිලට මෝටර් සයිකල් ලබා දෙන බවට දුන් පොරොන්දු ද ඉටු කර නොමැති බවත්, අද වන විට රටේ ජනගහනයෙන් සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇඟලුම් කර්මාන්තශාලා පවා අද වන විට වැසී යමින් පවතින බවත්, නව රැකියා උත්පාදනයක් හෝ විදේශ ආයෝජන රටට නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
වන අලි ගැටලුව වැනි බරපතල ප්‍රශ්න සඳහා විද්‍යාත්මක විසඳුම් ලබා දෙන බව පැවසුව ද, ප්‍රායෝගිකව කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය රජයක් යටතේ ගම් සහ නගර දියුණු කරමින්, කෘෂිකර්මාන්තය, සේවා සහ කර්මාන්ත ක්ෂේත්‍ර ශක්තිමත් කරන බවත්, මන්දපෝෂණය තුරන් කර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන නව බලාපොරොත්තුවක් රටට ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.
Opposition Leader Criticizes Government's Unfulfilled Promises Amid Economic Struggles
Opposition Leader Sajith Premadasa has expressed grave concerns over the current government's failure to deliver on any of the promises made to the public prior to assuming power, resulting in widespread hardship and suffering among Sri Lankans.
Speaking at a public gathering, Premadasa noted that today's youth, children, and mothers are all facing significant economic challenges. He underscored that the rights of farmers, fishermen, and workers have been unjustly taken away by the administration.
He highlighted that the government's commitment to reduce electricity tariffs by 33 percent — specifically decreasing bills from Rs. 9,000 to Rs. 6,000 and from Rs. 3,000 to Rs. 2,000 — has yet to be realized.
Additionally, Premadasa pointed out that promises to eliminate taxes on fuel and to ensure fuel is supplied to the ports at reasonable prices have also been neglected by the government.
The Opposition Leader further emphasized that the government had yet to fulfill its pledge of providing 12 million rupees' worth of 'Witts' vehicles and affordable motorcycles for the younger generation. He highlighted the alarming statistic that between 30 to 40 percent of the country's population is currently living in poverty.
He also expressed concern over the closure of garment factories initiated by the late Ranasinghe Premadasa, indicating a lack of new job creation and foreign investment inflow into the country.
On critical issues, such as the elephant-human conflict, he remarked that while the government claims to be providing scientific solutions, no actionable steps have been taken in practice.
Premadasa emphasized that the Samagi Jana Balawegaya promises to establish a government focused on village and urban development, strengthening agriculture, services, and industries, while combating malnutrition and ensuring the people's right to a decent living.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බොරු කියන්ට එපා, අපි අර පලෙයි කැලේ ඇතුලෙත් එකක් ඇරල තියනව දැක්කෙ නැද්ද?
ReplyDeleteithin ochchara amaruwak thiyanam tho chande peradune ai moda sajiyo
ReplyDeleteනැහැ ඒ කතාව වැරදි. හෙළ ගාමෙන්ට් එක වැහුවේ ලංකාවේ එය පවත්වාගෙන යන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා...අනෙක ලංකාවේ ශ්‍රමය දැන් හරි ගනං සේවකයෝ පඩි වැඩියෙන් ඉල්ලනවා..දුන්නේ නැතිනම් ජවිපවුන් වුර්තිය සමිතිවලින් අකුරට වැඩකරන්න හදනවා...එම නිසා හෙළ සමුහ වියපර තීරණය කල ඔවුන්ගේ ලංකාවේ කොටස අප්‍රිකාවේ ඔව්නුගේ මුලික ශකාවේ පවත්වාගෙන යන්න.
ReplyDeleteපහුගිය අවුරුදු 30, 40 ටම කර්මාන්ත ශාලා ඇතුලට ජෙප්පො රිංගවල ඒ කර්මාන්ත ශාලා ඔක්කොම කඩාකප්පල් කෙරුවෙ අඩුකුලේ ජේවීපී හැත්ත තමයි.
Deleteගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමටවත් මුදල් නොතිබූ කාලයකදී පවා, මාස කිහිපයක් ඇතුළත තමන්ගේම විශ්‍රාම වැටුප් පවා අහෝසි කරමින් ඉතිරි කළ මුදල් සහ අතේ තිබූ සම්පත් යොදාගෙන අධිවේගී මාර්ග ඉදිකර, මාර්ග බීවයිඩී (BYD) වාහනවලින් පුරවා දැමූ ජෙප්පෝ, "දිත්ථ" නමින් හැඳින්වූ මහසෝනා ඉදිරියේවත් අඩියක්වත් පසු නොබැස නොසැලී සිටියහ. එක් දිනෙක මෙම කතාව ද ඉතිහාසයේ පිටු අතර සටහන් වනු ඇත.
ReplyDeleteඑපමණක් නොව, යුද්ධය හේතුවෙන් තෙල් සැපයුම අඩාල වූ අවස්ථාවේදීත් ඉන්ධන පිරවුම්හල් ඉන්ධනෙන් පුරවා තැබීමට සමත් වූ "ජෙප්පෝ", දැන් "එල් නිනෝ" නම් අලුත් "මහසෝනා" කරළියට එන තුරු මයික්‍රෝ බස්වල ගමන් කරමින් බලා සිටිති! අහ්! දිගු කාලයක් තිස්සේ නොසලකා හැර තිබූ ණය, දැවැන්ත වියදම් මධ්‍යයේ වුවද “ජෙප්පෝ” පියවමින් සිටින නිසා, දැන් ණය හිමියන් දොරට තට්ටු කිරීමට එන්නේ නැති අතර, සැනසිල්ලෙන් නිදාගත හැකිය!
මේ අතරතුර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, දූෂිත හා පරාජිත දේශපාලනඥයන් සහ පාතාල අපරාධකරුවන් එකතු වී, මයික් ඉදිරියේ අඬමින්, ප්‍රහාර එල්ල කිරීමට මඩ සහ ආයුධ සොයමින් සිටිති.
AI සාරාංශය:
ReplyDeleteඔව්. 1989 දී, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා රජය රහසිගතව LTTE සංවිධානයට ආයුධ, මුදල් සහ සැපයුම් ලබා දුන්නේය.
තෝ දන්නවද අයි ප්‍රේමදාසය කොටින්ට ආයුද දෙන්නේ කියල? කොටින්ට ආයුද දුන්නේ EPRLF කොටියා උතුරේ කොටසක් වෙනම කඩාගෙන යන්න හැදුව නිසා...LTTE එකට ආයුද දීලා උන්ව විනාස කරලා දැම්මා....ප්‍රේමදාසය කරපු වැඩේ නිසා අපිට සටන් කරන්න වුනේ එක මහා කොටියෙක් ප්‍රබාකරන් එක්ක විතරය් නැතිනම් තව මහා කොටියෙක් එක්ක යුද්ද දෙකක් කරන්න වෙනවා.
Deleteරනිල් චන්දික යටතේ අගමැති වෙලා සිටිත්දී නැගනහිර කොටි නායකයා LTTE එකෙන් කලා ගත්තෙත් මේ ක්‍රමයටම තමයි.