2026 ජූලි මාසයට අදාළ එකතු කළ අගය මත බද්ද (VAT) ගෙවීම සහ ඊට අදාළ වාර්තා භාරදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, ජූලි මාසය සඳහා වන වැට් බදු ගෙවීම් එළඹෙන අගෝස්තු මස 20 වන දිනට පෙර සිදු කළ යුතුය. නියමිත දිනට බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද වී ගෙවන බදු ගෙවන්නන් සඳහා දඩ මුදල් නියම කරන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
චෙක්පත්, බැංකු අණකර හෝ ගෙවීම් ඇණවුම් මගින් සිදු කරන ගෙවීම් නියමිත දිනට පසුව ලැබුණහොත් ඒවා ද ප්‍රමාද ගෙවීම් ලෙස සලකා දඩ මුදල් අය කිරීමට කටයුතු කරනු ඇත.
එමෙන්ම, ජූලි මාසයට අදාළ වැට් බදු වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ ඊට පෙර සිදු කළ යුතු අතර, එම වාර්තා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් භාරදිය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
Local Revenue Department Issues VAT Payment Reminder for July
The Local Revenue Department has released an important announcement regarding the payment of Value Added Tax (VAT) and related reporting requirements for the month of July 2026.
According to the notice, VAT payments for July must be completed by August 20. The department emphasized that penalties will be imposed on taxpayers who delay or fail to make payments by the specified date.
If payments made through cheques, bank transfers, or payment orders are received after the deadline, they will also be treated as late payments, incurring additional fines.
Furthermore, VAT reports for July must be submitted by August 31 or earlier. The Local Revenue Department has clarified that these reports should be filed exclusively through online methods.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කෝ අර ආහාර, ඖෂධ, පාසැල් ද්‍රව්‍ය වලට කපනවා කිව්ව vat.. 😂
ReplyDeleteපචයන් ගේ පුක ලෝන ඩෝබි වහල්ලු මොකද කියන්නේ
ගෝටාභය එලවපු කරුමේ ගෙවපන්
ReplyDeleteගෝඨා තමයි ඕක පටන් ගත්තේ. වෙනසකට තිබුණේ මිනිහා ලොකු කොම්පැණි කාරයන්ගේ බදු අනුපාත අඩු කලා. සාමාන්‍ය ජනතාව ගෙවපු බදු මදි වුණා, ඒ නිසා මුදල් අච්චු ගැහුවා. එහෙමයි දේශීය ආර්ථිකය කඩන් වැටුණේ. ඊට පස්සේ ජාත්‍යන්තර වෙළඳාම ඇණ හිටියා කොවිඩ් නිසා. ඊට පස්සේ ජාත්‍යන්තර ගණු දෙනු හරහා මහ බැංකුවට මුදල් නොලැබී යාමෙන් මුදල් අමාත්‍යංශය අර්බුධයට ගියා.
Deleteඒ නිසා ගෝඨා එලවපු එක නෙවේ කරුමේ, ඒ යකාව ගෙනාපු එකයි කරුමේ. එලවපු එක කුසල කර්මය. ගෝඨා එළවන්ඩ කටයුතු කරපු හැමෝම පිං රැස් කර ගත්තා ආත්ම 7 කට.