මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාණය සහ යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය වර්තමානයේ බරපතල ජාතික ගැටලුවක් බවට පත්ව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විනිසුරු කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේ මෙම ප්‍රමාදය රටේ නායකත්වයේ මෙන්ම මහජනතාවගේ ද දැඩි අවධානයට ලක්ව ඇති කරුණක් බවයි.
නඩු ප්‍රමාදයට හේතු වන කරුණු පිළිබඳව දීර්ඝ කාලීනව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ, ආරවුල් විසඳීම සඳහා අධිකරණ ක්රියාමාර්ගවලටම යොමු වීමට නීති වෘත්තිකයන් මෙන්ම මහජනතාව ද දක්වන දැඩි නැඹුරුව මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
සෑම ආරවුලක් සඳහාම අධිකරණය හමුවට යාම වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම, මැදිහත් වීම, සංහිඳියාව සහ බේරුම්කරණය වැනි විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමවේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම ක්‍රමවේද අධිකරණ ක්‍රියාමාර්ගවලට වඩා ඵලදායී සහ ප්‍රායෝගික විය හැකි බව ඔහුගේ අදහසයි.
විශේෂයෙන්ම සංකීර්ණ වාණිජ ආරවුල් සහ අපරාධ නඩු සඳහා අධිකරණ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වුවද, පුද්ගලයන් සහ විවිධ ආයතන මුහුණ දෙන ආරවුල්වලින් සියයට 90ක්ම විකල්ප ක්‍රමවේද හරහා සාර්ථකව විසඳා ගත හැකි බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සඳහා නීති අධ්‍යාපනය තුළින්ම නව පරපුරේ නීතිඥවරුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
Judicial Delays Emerge as a Serious National Concern, Says Supreme Court Justice Kodagoda
The escalating backlog of cases within Sri Lanka's judicial system and the resulting delay in administering justice has reached a critical level, declared Justice Yasantha Kodagoda of the Supreme Court. His remarks were made during a recent conference held in Colombo.
Justice Kodagoda emphasized that the profound delays have caught the attention of both the nation's leadership and the general public, highlighting a situation that demands urgent address.
A thorough long-term study into the causes of case delays reveals that both legal professionals and the public are heavily inclined to resort to court proceedings for dispute resolution, which he identified as a major contributing factor to the overwhelming backlog.
He urged a shift in mindset, advocating for focus on alternative dispute resolution methods such as discussions, mediation, reconciliation, and negotiation, rather than defaulting to court appearances for every conflict.
According to him, these alternative methods could prove to be more effective and practical than traditional judicial processes.
While judicial intervention remains essential for particularly complex commercial disputes and criminal cases, Justice Kodagoda pointed out that up to 90% of issues faced by individuals and various institutions could be successfully resolved through alternative means.
He further highlighted the necessity of educating the upcoming generation of lawyers through legal education to raise awareness about these alternative dispute resolution processes.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ඇත්ත සෑම ආරවුලක් සඳහාම විතරක් නෙවේ දේශපාලනය සඳහා ද හැමෝම හැම තිස්සේම දුවන්නේ අධිකරණයට, ඒ නිසා නඩු කඳු ගැහෙනවා. දැන් පේන් නැද්ද 22 වෙනි සංශෝධනයට ත් පෙත්සම් මේ වෙනකොට 23ක් දීලා. මේ සේරම විභාග කරන්ඩ ඕනෑත් අධිකරණය. පෙත්සම් 23ට ම හේතුව විපක්ෂ දේශපාලනය. තව පෙත්සම් කීයක් එයිද දන් නෑ. ඒ දේවල් එහෙම තියෙද්දි මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්ණ අධිකරණය හමුවේ තියෙනකොට ඒවා විසඳෙන එක කල් යනවා. ඇයි මේ විපක්ෂ දේශපාලකයන් ගේ බොරු පිස්සු වලටත් අධිකරණය කාලය නහස්ති කරන්ඩ එපා යෑ.
ReplyDeleteබොරු පිස්සු වලටත් අධිකරණය කාලය නහස්ති
DeleteDobiyata aththama kiyawila???????????????
ithin ohe kiyanne anduwa karana weradi walata ida deela ahaka balan inn kiyalada
Deletepadiyata kahina pathirana dobi ayeth kahinawa
Deleteහුත්තරීතර උන් සල්ලි මල පෙරේතකමේ කල් තියනවා කියන වේස වැඩේ කරන්නේ නැත්නම් ඔය තරම් කාලයක් යන්නේ නෑ
Deleteනඩු ගොඩගැහෙන අනෙක් හේතුව කාලකණ්නි රස පරීක්ෂක, දාර කුසීත වගේම මිනිස්සුන්ට වද දෙන නීතිපති සහ බොරු නඩු පටලවන දූශිත පොලිසිය
ReplyDeleteඑකෙන්ම
Deleteහුත්තරීතර උන් සල්ලි මල පෙරේතකමේ කල් තියනවා කියන වේස වැඩේ කරන්නේ නැත්නම් ඔය තරම් කාලයක් යන්නේ නෑ
Deleteඒ වගේද ගෙදරට එන්න කිව්වා, කනට දෙකක් ගැහුවා, බිම වැටුනම පයිනුත් එකක් ඇන්නා. අමු තිත්ත කුණුහරප අතුරුපසකුත් දීල පල යන්න කිව්වා.
ReplyDeleteඑලියට එන්නෙ පෙත්සන් පුකේ ගහගෙන බලු කුක්කො වගේ.
තවත් සද්ද දාන් අවොත්, මල් වඩමක් යැව්ව, සුදු වෑන් ට්‍රිප් එකක් දුන්න. සරලයි සුගමයි. බයියො එහෙම වෙනකොට ආයු බෝ වේවා, දෙවනි ලංකට් ගගා පාපිසි උස්සං දුවන්නෙ දාතු පිහ පිහ
බස් දුටුගැමුණුගෙන් ඇහුවනම් කියයි විස්තරේ 😂
Delete"මෙට්‍රො බස් දුටු" ගැමුණු ලෙස නිවැරදි විය යුතුයි 😂😂😂
Delete👍👍👍👍
ReplyDeleteමෙක sir ට තේරෙන්නේ නැත්තේ ඇයි?
හේතුව ඉතිං පැහැදිලියි නේද.