ඉරානයට ගහන්න ගිහින් ඇමරිකාවේ දිගු දුර මිසයිල සියල්ල අවසන්...


 ඉරානය සමඟ මාස පහක් තිස්සේ පවතින යුද්ධය හේතුවෙන් ඇමරිකානු හමුදාව සතු ඉහළ නිරවද්‍යතාවයකින් යුත් දිගුදුර මිසයිල සංචිතවලින් අතිමහත් බහුතරයක් මේ වන විට භාවිත කර අවසන් වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම තත්ත්වය අනාගතයේදී ඇතිවිය හැකි වෙනත් යුද ගැටුම් සඳහා ඇමරිකානු හමුදාවේ සූදානම පිළිබඳව බරපතළ ගැටලු මතු කර ඇති බව එම වාර්තාවේ දැක්වේ.

විශේෂයෙන්ම ඇමරිකානු හමුදාව සතු 'ATACMS' සහ 'PrSM' වර්ගයේ මතුපිටින් මතුපිටට විදින මිසයිල මෙලෙස සම්පූර්ණයෙන්ම පාහේ අවසන් වී ඇති බව අභ්‍යන්තර තොරතුරු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි. මීට අමතරව, ඇමරිකාව සතු සමස්ත 'ටොමහෝක්' කෲස් මිසයිල සංචිතයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ද යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා භාවිත කර ඇත.

ප්‍රහාරක මිසයිල පමණක් නොව, 'පේට්‍රියට්'  සහ 'තාඩ්' වැනි ආරක්ෂක මිසයිල පද්ධතිවල සංචිත ද සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. මෑතකදී නිකුත් වූ වාර්තාවලට අනුව, පසුගිය පෙබරවාරි සිට ජූලි දක්වා කාලය තුළ පේට්‍රියට් මිසයිලවලින් 65%ක් පමණ වැය වී ඇති අතර, තාඩ් මිසයිල සංචිතය යුද්ධය ආරම්භයට සාපේක්ෂව 38%කින් පමණ අඩු වී ඇත.

මෙම මිසයිල හිඟය හේතුවෙන් ඉදිරියේදී ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩාත් අවදානම් සහගත නියමුවන් සහිත ගුවන් ප්‍රහාරක මෙහෙයුම් කෙරෙහි විශ්වාසය තැබීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. එසේම රුසියාව හෝ චීනය වැනි ප්‍රබල සතුරන් සමඟ ඇතිවිය හැකි ගැටුමකදී ඇමරිකාවේ පාලන හැකියාව මෙයින් සීමා විය හැකි බවට ද ආරක්ෂක අංශ තුළ බරපතළ කතාබහක් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත්, මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සතු මිසයිල සංචිත ලොව ඕනෑම රටකට වඩා ඉහළ මට්ටමක පවතින බවයි. ඇමරිකානු ආරක්ෂක සමාගම් මේ වන විට වාර්තාගත මට්ටමින් මිසයිල නිෂ්පාදනය කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

පෙන්ටගනයේ ප්‍රධාන ප්‍රකාශක ෂෝන් පාර්නල් ද සඳහන් කළේ ඇමරිකානු හමුදාව ලොව බලවත්ම හමුදාව වන අතර ඕනෑම අවස්ථාවක මෙහෙයුම් දියත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සතු බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලය සමඟ එක්ව ඇමරිකාව මෙම යුද්ධය ආරම්භ කළේ එය කෙටි කාලීන ගැටුමක් වනු ඇතැයි අපේක්ෂාවෙනි. එහෙත් යුද්ධය දිග්ගැස්සීමත් සමඟ මෙම අවි ආයුධ හිඟය පිළිබඳ ගැටලුව මතු වී තිබේ.

මේ අතර, කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද කටයුතු පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාට ඇති බලය පිළිබඳව ද ඇමරිකාව තුළ දැඩි දේශපාලන විවාදයක් හටගෙන ඇත.





US Military Faces Missile Shortage Amid Ongoing Conflict with Iran

The ongoing conflict with Iran, stretching for five months, has resulted in significant depletion of high-precision long-range missile stockpiles held by the US military, as reported by Reuters. This alarming situation raises serious questions about the readiness of American forces for potential future conflicts.

According to internal sources, the US military has exhausted its complete inventory of surface-to-surface missiles, including the ATACMS and PrSM. Additionally, nearly a hundred Tomahawk cruise missiles have been utilized since the onset of hostilities.

Not only have offensive missile stocks dwindled, but defensive systems like the Patriot and THAAD have also seen rapidly declining inventories. Recent reports suggest that approximately 65% of Patriot missiles have been expended between February and July, while the THAAD missile stockpile has decreased by nearly 38% compared to the beginning of the conflict.

This missile shortfall poses a critical challenge for President Donald Trump, who may need to rely on riskier aerial strike operations against Iran. Analysts warn that this shortage could also hinder America’s capacity to engage in potential conflicts with formidable adversaries such as Russia or China.

In response to these concerns, President Trump dismissed the reports, asserting that the US missile stockpiles remain at an unprecedented high compared to any other nation. He highlighted that American defense companies are currently ramping up missile production to documented levels.

Pentagon spokesperson Shawn Parnell reiterated that the US military stands as the most formidable armed force globally, equipped with the necessary resources to initiate operations at any moment.

The conflict, which began in February alongside Israel, was initially believed to be a short-term skirmish. However, as the war drags on, the issue of weaponry shortage has become increasingly prominent.

Meanwhile, intense political debate has emerged within the US regarding the president's authority to engage in military actions against Iran without Congressional approval.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. අවසන් වෙල නැහැ...ඔය සුදු වදුරෝ කියන්නේ බොරු...උන් බලනවා එහෙම කියුවාම මොන රටෙන්ද මොන කන්යෙඩායමෙන්ද උන්ට ගහන්න හදන්නේ කියලා...ඊටපස්සේ උන්ගේ පස්සේ පන්නන්න පටන් ගන්නවා...ඕක අර කට හැකර සුද්දගේ බොරු රගපෑමක්.

    ReplyDelete
  2. සුද්දෝ කපටි.. ගොන් තම්ම්බි ෆොම් කරන්න ... කරන වැඩ .. මේ කීවෙනි පාරට ද ඔය නිවුස් එක ආවේ

    ReplyDelete
Previous Post Next Post