දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් වංචා කල මුදල රු. එක්කෝටි හැට දෙලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවත්, එම මුදල් වංචාවට තම කාර්යාලයේ තවත් නිළධාරින් තිදෙනෙකු සම්බන්ධ බවට දැනට සිදු කරන ලද විගණන පරික්ෂණයකින් හෙළිදරව් වී ඇති බව පවසමින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් ඒ පිලිබදව විමර්ෂණයක් තව දුරටත් සිදු කරන ලෙසට හැටන් පොලිස් කොට්ටාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත (06) දින පැමිණිලි කර ඇත.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මීට ප්‍රථම නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ භාරව සිටි කාන්තාවන් දෙදෙනෙකු හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා අධිකරණයේ වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකාරිනියන් දෙදෙනා මෙ මස (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ අස්වැසුම ප්‍රතිලාභීන් ඔවුන්ට හිමි අස්වැසුම දීමනාව නොලැබුන බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙතට නිර්ණාමිකව ඉදිරිපත් කරන ලද ලිපියක් මත ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය සැකකාරිණියන් දෙදෙනා දිස්ත්‍රික්කයේම වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශයේ නිළධාරින්ගෙන් සමන්විත 10 දෙනෙකුගේ කණ්ඩායමක් යොදා 2023 වසරේ සිට 2025 වසරවල සිදු කරන ලද විගණන විමර්ෂණයකදී මෙම මුදල් වංචාව අනාවරණය වී ඇත.
එම විගණන නිළධාරින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේම රැදී සිටිමින් තව දුරටත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන අතර, එම නිළධාරින් විසින් මේ වන විට එම කාර්යාලය යටතේ වැඩ කරන සියලුම ග්‍රාම සේවා නිළධාරින්ගේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ තවත් නිළධාරින් සහ ප්‍රතිලාභීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අස්වැසුම මුදල් නොලැබුන බවට ප්‍රතිලාභීන් විසින් එම කාර්යාලයට ගොස් අදාළ නිළදාරින්ගෙන් කරුණු විමසීමේදි එම සැකකාරිනියන් විසින් මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා. ආය කාර්යාලයට නොපැමිණෙන ලෙස එම ප්‍රතිලාභීන්ට තර්ජනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
එම සැකකරුවන් අස්වැසුම මුදල් ඔවුන්ගේ ඥාතීන්ට හිතවතුන්ගේ ගිනුමට බැර කර එම මුදල් ණය මුදලක් වශයෙන් තමන් පෞද්ගලිකව අතමාරුවන් ලෙස ලබා දෙන බවත්, එම මුදල් නැවත තමන්ට වාරික වශයෙන් පොලි නොමැතිව ගෙවන ලෙසට කල ඉල්ලීමක් මත එසේ මුදල් ලබා ගත් අය මාසිකව ගිවිසගත් මුදලක් අනුව සැකකරුවන්ට එම මුදල ගෙවාගෙන විත් ඇත.
නුවරඑලිය දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10කම අස්වැසුම, දිට්වා සහනාධාර, මුදල් ගෙවීම්, සමෘද්ධි ලාභීන්ගේ මුදල් ගෙවීම්, කොරෝනා ව්‍යසන සමයේ එවකට රජය විසින් ලබා දෙන ලද රු.5000 දීමනාව සහ ප්‍රතිලාභ නිසි ලෙස ගෙවා නැද්ද යන්න සොයා බැලීමට විගණන කණ්ඩායමක් පත් කිරිමට කටයුතු කරමින් සිටින බව අප කල විමසුමකදී නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියහ.
- රංජිත් රාජපක්ෂ
Investigation Underway into Massive Fraud Involving Sri Lankan Welfare Benefits
In a shocking revelation, the Norwood Divisional Secretariat in Sri Lanka has become embroiled in a major welfare fraud scheme, affecting a substantial number of beneficiaries with losses reportedly soaring to a staggering Rs. 170 million. The local authorities have confirmed that multiple officials from within the office may be implicated in the ongoing investigation.
Samira Gamalath, the Divisional Secretary, disclosed that the police have already received six complaints related to the fraud and have been conducting thorough inquiries to track down the culprits. He emphasized the need for a detailed investigation, particularly focusing on the involvement of three additional officials potentially linked to the scam.
Earlier this month, two female officials responsible for the welfare benefits program were arrested by the Hatton police following a complaint lodged by the previous Divisional Secretary. These suspects were subsequently presented before the Hatton Magistrate's Court, where they were ordered to be held in custody until the 11th of this month.
The Norwood Divisional Secretariat has been accused of failing to disburse welfare benefits owed to beneficiaries, as highlighted in a confidential letter submitted to Thushari Thenakoon, the District Secretary of Nuwara Eliya. Following these allegations, the District Secretary initiated a probe that led to the removal of the implicated officials to other regional secretariats while further investigations by a specialized unit of the police are underway.
Initial investigations revealed that complaints from beneficiaries regarding unreceived funds prompted visits to the office, leading to alarming revelations. The two suspects allegedly threatened beneficiaries to prevent them from seeking clarification on their payments, indicating a wider web of deceit under investigation.
Reports have surfaced indicating that the accused officials may have redirected the welfare funds into accounts of relatives and friends, effectively bypassing legitimate channels. This maneuver not only raised ethical concerns but also pointed to a deliberate scheme of extortion from beneficiaries, who were coerced into returning portions of the misappropriated funds under the guise of loans.
As the investigation progresses, local welfare officials remain stationed at their posts to aid the inquiry, while also collecting statements from all Gram Seva officials and relevant beneficiaries connected to the Norwood Divisional Secretariat.
In light of these troubling events, the Nuwara Eliya District Coordination Committee's Chairman and local parliament member, Manjula Suruwiraarachchi, confirmed that a team has been formed to assess the legitimacy of welfare payments made since 2023 to ensure that no further discrepancies arise.
As authorities work diligently to unravel this complex fraud, the community remains on alert, anticipating further disclosures that may lead to additional actions against those involved.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
