මෙරට දෙවැනි අරගලය බන්ධනාගාර පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමේ දැඩි අවදානමක් පවතින බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති උත්සාහය සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය සහ එහි පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, බන්ධනාගාර ප්රශ්නය නිසි ලෙස විසඳීමට අපොහොසත් වුවහොත් එය රටේ මීළඟ මහජන අරගලයේ ආරම්භක ලක්ෂ්‍යය වනු ඇති බව පෙන්වා දුන්නේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය දැඩි ලෙස විවේචනය කළ මෛත්‍රී ගුණරත්න මහතා, අනෙකුත් රාජ්‍ය සේවකයන්ට නොමැති වරප්‍රසාදයක් විනිසුරුවරුන්ට පමණක් ලබා දීම යුක්තිසහගත නොවන බව පැවසීය.
"හමුදා නිලධාරීන් වයස අවුරුදු 55දී විශ්‍රාම යනවා. සෙසු රාජ්‍ය සේවකයන් 60දී විශ්‍රාම යනවා. එසේ තිබියදී විනිසුරුවරුන්ට පමණක් සේවා කාලය දීර්ඝ කරන්නේ ඇයි?" යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය.
යම් පුද්ගලයෙකුගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය කටයුතු කළහොත්, එම පුද්ගලයා එම තීරණය ගත් පාර්ශවය කෙරෙහි කෘතඥතාවයකින් කටයුතු කිරීමට පෙළඹිය හැකි බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සංශෝධනය 2028 වසරෙන් පසුව ක්‍රියාත්මක වන්නේ නම් එහි ගැටලුවක් නොමැති වුවද, වත්මන් දේශපාලන වටපිටාව තුළ මෙවැනි තීරණ ගැනීම පිටුපස සැඟවුණු අරමුණු තිබිය හැකි බවට ද ඔහු සැක පළ කළේය.
මෙම කරුණු සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කළ බවත්, රටේ ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සඳහා සියලු දෙනා අවධානයෙන් පසුවිය යුතු බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Concerns Raised Over Potential Second Uprising Linked to Prison System
President's Counsel Maithree Gunaratne has warned of a looming risk of a second public uprising in Sri Lanka centered around the country’s prison system. His remarks come as he briefed the media during a recent visit to Kandy, aimed at informing the leading monastic figures of Malwathu and Asgiriya about government attempts to extend the retirement age for judges.
Highlighting the severe overcrowding and troubling conditions within prisons, Gunaratne emphasized that failure to properly address the prison crisis could position it as a key issue for the next public movement in the country.
Critiquing the proposed constitutional amendment to extend the judges' retirement age, he expressed strong reservations about granting privileges to judges that are not available to other public servants.
“Military officers retire at 55, while other public employees retire at 60. Why, then, should only judges have their service period extended?” he questioned, drawing attention to the inconsistency in treatment among government officials.
He cautioned that extending an individual's service tenure might prompt gratitude towards the government, ultimately posing a direct challenge to the independence of the judiciary.
Even if the amendment is implemented after 2028, Gunaratne noted, it could still conceal ulterior motives within the current political environment, raising suspicions about the government's true intentions.
He also communicated these concerns to the Maha Sangha, underlining the importance of vigilance among all citizens in safeguarding democracy and the independence of the judiciary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒකට බේරේ වැව සුදානම් කරමු!
ReplyDeleteඉලග අරගලය එන්නේ විපක්ශෙට විරුද්දව..
Deleteලග ලගම වඩිනවා...
අරඹමු. එලවමු. මයිත්‍රී ගුනරැට්න වගේ හිපාටුවො නිසා තමයි මේ ජෙපි කාලකණ්නි ආන්ඩුවට බලය ලැබුනෙ
ReplyDelete"තමයි" කියන වචනේ තේරුම මොකක්ද?
Deleteසිංහල දන්නෙ නැති පකයෙක් තමයි කියන්නෙ මොකක්ද කියල හානවා
Deleteදන්න තරම තමයි.අරගලය කීප දෙනෙක් ආරම්භ කලාට මුළු රටම නිහඩව එයට උදව් කලා. දැන් මෙයා හිතනවද හිරකාරයො දාන ගොං පාට් වලට රටේ වැදගත් මිනිස්සු සහය දෙයි කියලා.
ReplyDelete"තමයි" කියන වචනේ තේරුම මොකක්ද?
Deleteසාමාන්‍යයෙන් මෝඩයෙක් මෝඩ කතාවක් කිව්වම, මේ මෝඩය දන්න තරම තමයි කියල කියනවනේ. එහෙම නැතුව මේ මෝඩය දන්න ප්‍රමාණය කියල කියල කියන්නෙ නැහැනේ.
Deleteපරගලයට රටේ සමාන්‍යය මිනිස්සු සහාය දුන්නේ නෑ. ජෙපි කාඩර්කාරයෝ, රැට්ටා වගේ බටහිර සංවිධාන වලින් සල්ලි ගත්තු උන්, අන්තවාදි මුස්ලිම් , කොටි දෙමළ්ලු විතරයි පරගලයට සහාය දුන්නේ. ඒ කාලේ මුන් ඒ ටී එම් වලින් ගිහින් සල්ලි ඇද්දේ, පරගලයේ නායකයෝ හිටියේ හොද හොටෙල් වල. බුරියානි බස් පිටින් ඇද්දේ. ඒක සාමාන්‍යය මිනිස්සු කරපු අරගලයක් නෙවෙයි. තනිකරම රාජ්‍යය පෙරලන්න බටහිර සංවිධාන වලින් කරපු රාජ්‍යය විරෝධි කැරැල්ලක්. හරිනම් ඊළගට ආණ්ඩුවක් ආපු ගමන් යටත් විජිත දවස් වල කරා වගේ කැරැල්ලට සම්බන්ධ ඔක්කොවම එල්ලන්න ඕනේ.
Deleteබටහිර සංවිධාන වලින් රාජ්‍ය විරෝධී කැරැල්ලක්ලු, ඊලගට කියනව යටත් විජිත කාලෙ කලාවගේ කැරැල්ලට සම්බන්ධ සියළු දෙනා එල්ලන්න ඕනලු. අරගලයට උදව් කලා කියල සුද්දට බනිනව, යටත් විජිත කාලෙ සුද්ද ලාංකිකයන් මරපු එක අනුමත කරනව.මොනවද මේ අප්‍රබංශ.
DeleteUSAID, දෙමළ ඩයස්පෝරාව, ඇමරිකන් තානාපති ජුලී චං, ඇතුලු බාහිර පාර්ශවත්, තට්ට කාදිනල් ගේ කතෝලික පල්ලියත්, කොන කපපු ඊබ්‍රහිම් මොහොමඩ් වගේ
Deleteධනපති තම්බිලගෙනුත් තමයි අරගලයට ලක්ෂ ගනන් මුදල් ආධාර හම්භවුනේ.
සිරාවට. USAID එකෙන් තමයි ඉන්දියාවේ කැරපොතු පරගලයටත් සල්ලි දැම්මේ. මුන් හදන්නේ මේ රටවල් උන්ගේ සෙපයියෝ දම්මවලා පෙරලන්නයි. මේ හැම එකක් පිටිපස්සේම ලෝගු කාරයෝත් ඉන්නවා. ඉන්දියාවේ ලෝගු කාරයන්ට වීසා දෙන්නෙත් නෑ දැන්.
Deleteමේ කමල් කියන එකා ෂුවර් එකට ස්ට්‍රේලියාවට යාගන්න බැරුව ලකුණු මදි වෙච්ච එකෙක්.
Deleteඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට
ReplyDeleteමට එපා
ReplyDeleteකුරුදු පොලු පහර මතක නැතෙයි
ReplyDeleteමුළාවට පත්වූ මිනිසා සැමවිටම සිතෙන්නේ අනෙකා ද මුලා වී ඇති බවයි.
ReplyDeleteRadawiyoth ekkama puken yanna thama wenne...pathalayo ekka deal dana gobbayo.
ReplyDeletemey kathawa eththa wenna hakiyawa thiyenawa.
ReplyDelete