රන්සිළුගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක්...


 බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'රන්සිළු' නමැත්තාගේ නිවසට ඊයේ (23) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන පරිදි, එල්ල කරන ලද අත්බෝම්බය පිපිරී ගොස් නොමැති අතර එම ප්‍රහාරය ව්‍යර්ථ වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ නිවසේ හිමිකරු වන රන්සිළු නමැත්තා, දැනට ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින 'වතු' නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට හඳුනාගෙන තිබේ.

මීට පෙර පසුගිය 5 වැනිදා ද රත්මලාන, ග්වෙන්ඩොලින් මාර්ගයේ පිහිටි 'රසල් ස්මිත්' නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ නිවසට ද මෙවැනිම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

මෙම සිද්ධීන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් බවට සැක කෙරේ.

රත්මලාන ප්‍රහාරය සම්බන්ධයෙන් 'කුඩු අංජු' නමැත්තාගේ සමීපතමයන් සිව්දෙනෙකු ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.





Boralesgamuwa Home Targeted in Bomb Attack Linked to Organized Crime Member

A bomb attack targeted the residence of a suspected member of an organized crime group known as 'Ransilu' in Boralesgamuwa on the night of October 23. Local police report that the bomb detonated without causing any injuries or damage, rendering the attack ineffective.

Footage from a nearby CCTV camera captures the incident, showing an individual arriving on a motorcycle and executing the bomb attack. Authorities have since initiated an investigation to apprehend the suspect.

Ransilu, the homeowner, has been identified as a close associate of a notorious criminal referred to as 'Wathu,' who is currently in custody in Dubai.

This incident follows a similar bomb attack on the residence of another organized crime affiliate, 'Rashel Smith,' located on the Gwendoeline Road in Rathmalana, which occurred earlier on October 5.

Investigators suspect that these attacks are linked to ongoing conflicts between major drug traffickers and organized crime syndicates in the region.

In connection with the Rathmalana attack, four individuals closely associated with a person known as 'Kudu Anju' have been arrested by the Kalutara police and are currently in remand custody.

The Boralesgamuwa police continue to conduct further investigations into this alarming incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ලංකට් චී news පඩංගුකාරයට පොරක් වෙන්නැති නේ මේ රන්සිළු කියන්නේ?

    ReplyDelete
  2. 😁😁😁😁😁😁

    ReplyDelete
Previous Post Next Post