මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට යම් මට්ටමකට පාලනය කර තිබුණ ද, එහි පාලනය තවමත් සියයට සියයකින් තහවුරු කර නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පවසයි.
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, බන්ධනාගාරයේ පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම සඳහා ආරක්ෂක අංශ තවමත් දැඩි පරිශ්රමයක නිරත වන බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හා නාවික හමුදාවන් එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.
"අපි මේ තත්ත්වය යම් මට්ටමකට පාලනය කරලා තියෙන්නේ. නමුත් තවමත් මේක සියයට සියයකම පාලනයක් නෑ. ඒ නිසා විශාල පරිශ්‍රමයක් දරනවා මේක සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න," යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ආරක්ෂක අංශවල මූලික අරමුණ වී ඇත්තේ කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් අවම කරගනිමින් මෙම නොසන්සුන්තාව සමනය කිරීමයි.
මේ අතර, බන්ධනාගාරය අවට ප්‍රදේශයේ තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින්, මහජනතාවට තම නිවෙස්වලට වී සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අංශ ඉල්ලා සිටී.
බන්ධනාගාරය නැරඹීමට පැමිණීමෙන් හෝ මාර්ගවල රැස්වීමෙන් වළකින ලෙසත්, එවැනි ක්‍රියා ආරක්ෂක අංශවල රාජකාරි කටයුතුවලට දැඩි බාධාවක් වන බවත් සංජීව මැදවත්ත මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Unrest at Mahara Prison Under Control, Says Senior Police Official
Although the disturbing situation at Mahara Prison has been managed to some extent, it has not yet been confirmed that complete control has been established, according to Senior Deputy Inspector General of Police Sanjeewa Medawatta, who oversees the Western Province.
Reflecting on the current state of affairs, Medawatta emphasized that security forces are still engaged in intensive efforts to fully regain control of the prison.
He noted that a joint operation is underway involving the Department of Prisons, police, special task forces, as well as the Army and Navy working together.
"We have managed to control the situation to a certain degree, but we still do not have full control. Therefore, we are undertaking substantial efforts to completely secure it," Medawatta mentioned further.
The primary objective of the security forces is to contain the unrest while minimizing any risk to life or injury.
In the meantime, a police curfew continues to be enforced in the areas surrounding the prison, and security officials are urging the public to remain indoors and cooperate.
Medawatta warned against visiting the prison or gathering on the roads, as such actions significantly impede the operations of the security forces.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එතකොට වුට්ලර් මොකක්ද ඔය පාලනය කළා පාලනය කළා කිය කිය කියන්නේ?
ReplyDeleteඌ මොකක්ද උගේ ගෑනිවද පාලනය කරලා තියෙන්නේ?
ඌ ඊයෙ රෑ හීනෙන් දැකපුව කියවනවද කොහෙද.
Deleteවුට්ලර් උනත් ජෙප්පෙක්නේ. ඉතින් කිව්වොත් බොරුවක් තමයි.
වහාම ජවිපෙ cadarayek බන්ධනාගාර අධිකාරී තනතුරට පත් කරණු.
ReplyDeleteAdhikari නෙවෙයි, කොමසාරිස්.
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී.
ReplyDeleteකක්කුස්සි කඩලා විනශ කරලද? එහෙනම් ඕක ජේවීපී වැඩක්...උන් කක්කුසි එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ....දැකපු තැන කක්කුසි කඩනවා
ReplyDeleteමේ බන්ධනාගාර ඇමතිවරයා දැන් වත් ගෙදර යවන්න .
ReplyDelete