දැවැන්ත බදු වංචාවක්.. Elcardo පුත‍්‍රයා ඇතුළු තුනක් රිමාන්ඩ්..


 කෝටි ගණනක බදු වංචා කළ බවට චෝදනා ලැබූ ප්‍රකට 'ඇල්කාඩෝ' (Elcardo) සමාගමේ හිමිකරුගේ පුත්‍රයා ඇතුළු දෙදෙනෙකු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා (03) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොළඹ 07 පදිංචි අතිල රවිනක වීරරත්න සහ එම සමාගමේ සේවිකාවක වන අචිනි තාරකා මිහිරානි ඩයස් නමැත්තන්ය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, ආනයනික භාණ්ඩ සඳහා සැබෑ වටිනාකමට වඩා අඩු වටිනාකම් සහිත ව්‍යාජ ඉන්වොයිස් ඉදිරිපත් කරමින් රජයට අයවිය යුතු අධික බදු මුදල් මොවුන් විසින් වංචා කර ඇති බවයි.

එක් මර්සිඩීස් බෙන්ස් රථයක් ආනයනය කිරීමේදී පමණක් රුපියල් 4,145,581 ක බදු මුදලක් රජයට අහිමි කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මීට අමතරව, සමාගමේ අභ්‍යන්තර ලේඛන පරීක්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනක සැකසහිත ඉන්වොයිස් සහ ණයවර ලිපි (LC) සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

මෙම මහා පරිමාණ බදු වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන ඇල්කාඩෝ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවන ලෙස ද රේගු නිලධාරීන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ තර්ක කළේ, විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි. එබැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, රේගු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව තවත් ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දුනහොත් සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් පවතින බව ද ඔවුහු අවධාරණය කළහ.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, එදිනට විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළේය.





Elcardo Company Scandal: Son of Owner and Employee Remanded in Custody Over Tax Fraud

In a significant development, the Colombo Additional Magistrate, Oshadha Migharachchi, has ordered the remand of two individuals, including the son of the owner of the renowned Elcardo company, until October 5, following allegations of large-scale tax fraud.

The two accused are Athila Ravinaka Veeraratne, a resident of Colombo 07, and Achini Taraka Mihirani Dias, an employee of the company.

Dramatic revelations emerged in court as officials from the Sri Lanka Customs Department disclosed that the accused had allegedly presented fraudulent invoices with values much lower than the actual worth of imported goods, leading to significant tax evasion.

Investigations revealed that a single incident involving the importation of a Mercedes Benz resulted in a tax loss of Rs. 4,145,581 to the government.

Additionally, an internal review of company documents uncovered numerous invoices and credit-related letters (LCs) amounting to hundreds of thousands of US dollars, raising further suspicions.

Customs officials have requested the court to impose a travel ban on three directors of Elcardo, who are suspected of being involved in this major tax fraud scheme.

In defense, the attorney for the suspects, Nalinda Indrathissa, argued in court that the investigators had failed to present sufficient evidence against his clients, suggesting that there was no need for remand.

However, Customs officials countered by informing the court that further arrests of key suspects related to this case were imminent. They emphasized the risk of evidence tampering if the suspects were granted bail.

Considering the arguments from both sides, the magistrate has ordered the continued remand of the suspects until October 5 and requested a progress report on the investigations by that date.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. ඕකා ලෝක හොරා

    ReplyDelete
    Replies
    1. Mr. කොත්තු ඉවරයි. House of Fashion ඉවරයි. Elcardo ඉවරයි. ඔක්කොම සිංහල ව්‍යාපාර විතරයි. හැබැයි මුස්ලිම් අයට කන්ටේනර් පිටින් ආණ්ඩුව විසින් ම පන්නලා දෙනවා. කොහොමද ඒක....

      Delete
    2. ඊබ්‍රහිම් නානත් ජවිපෙ සාමාජිකයෙක්. ඒ නිසා නඩුත් නැහැ.

      Delete
    3. 2019 to 2024 Sep wenakam ithin Ubala mokada kale...Ibrahim Nana hire danna thibbane..Ko dammada? Dan adala wadak na... Nikan buru katha kiyanawa...Pakaya

      Delete
  2. බෙන්ස් එකට බදු ගැහුවෙ රේගුවෙන් නෙමෙයිද?.

    ReplyDelete
  3. සින්හල බවුද්ද වියාපාරිකයො හිරගෙට. කුඩු තම්බිලා නිදහසේ ජීවිතේ

    ReplyDelete
    Replies
    1. Sinhala Buwuddha Ewun Karala thiyena widiya thama oya... Pako.. money exchange /remittances walata Muslim Ekek lagadi hire giye nikanda? Kawuru kalath waradi....Gon Buruwa

      Delete
    2. අපි හැමදාම අහන්නේ එක පැත්තක කතා විතරයි. චූදිතයගේ කතාව අහන්නෙම නැතුව රටේ ගොන්නු ටික තීන්දුව දීල ඉවරයි. අපේ රටේ හරක් හිතාගෙන ඉන්නේ මුස්ලිම් දෙමළ උන් සිල් රකිනවා කියල.

      Delete
    3. සිංහල මිනිස්සු දේශපාලකයො පස්සේ ගිහිල්ලා නිකං කරගන්න බලනව, අනෙක් ජාතිකයො සල්ලි දීලා වැඩේ කරගන්න බලනව. ඒක තමයි ඇත්ත.

      Delete
  4. හොරු අල්ලන්න කියලා ගෝල් ෆේස් එකේ ඉදන් ෆොටෝ එහෙමත් දාලලු නේද? අන්තිමට මහින්දට නඩුවක්වත් නෑ, හොරු අල්ලන්න අරගල කරපු උන් බදු වන්චා පවා කරලා.

    ReplyDelete
  5. කුඩු නානල ඔක්කොම සැපට ඉන්නවා ..

    ReplyDelete
  6. ලංකාවෙ ව්‍යාපාර කරන ව්‍යාපාරිකයො ඔක්කොම ඔය වගේ වට්ටලා කරන්න හදන්නෙ මොනවද? බදු වංචා ඇති. ඒත් මේ කම්පැනි වැහුණොත් මේ සේවකයන් ජීවත් වෙන්නෙ කොහොමද? එල්කාර්ඩෝ වගේම ත්‍රී සිංහ දෙගොල්ලම රෝල ඩෝ කරනවා. ශුවර් එකටම ජෙප්පන්ට කප්පම් දෙන්නෙ නැතුව ඇති. මේ වගේ කම්පැනි තියාගන්න එක ආණ්ඩුවට වටිනව මොකද මේවගෙන් ජීවිතේ ගැටගහගන්නෙ මේකෙ සේවකයන්ම විතරක් නෙමේ. කන්ස්ට්‍රක්ශන් කරන අනිත් අය බැළුවම මේ එක කෙනෙක් කියන්නෙ පවුලක් වෙන්න පුළුවන්. ඒත් ජෙප්පො දන්නෙ කඩාකප්පල් කරන්න විතරයි.

    ReplyDelete
Previous Post Next Post