අගවිනිසුරුගේ වත්කම් සහ X-Press Pearl වන්දිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..


 වර්තමාන අගවිනිසුරු ප්‍රිතිපත්මන් සූරසේන මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තිය සහ සිවිල් පෙරමුණ අද (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිනී කවිරත්න, දයාසිරි ජයසේකර සහ අජිත් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් මතු කරන ලද කරුණු පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

අගවිනිසුරුවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වත්කම් උපයා ගත් ආකාරය මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට පත් X-Press Pearl නෞකාවෙන් මෙරටට සිදුවූ අතිවිශාල හානිය වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් අයකර ගැනීම මේ දක්වා ප්‍රමාද වීම පිටුපස ඇති කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස එම පෙරමුණ ඉල්ලා සිටියි.

මීට අමතරව, මෑත කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කන්ටේනර් වංචාව, ගල් අඟුරු වංචාව සහ භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් ද, කථානායකවරයාට සහ වර්තමාන ජනාධිපති ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද කඩිනම් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ඔවුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරී අචල දිවාකර මහතා සඳහන් කළේ, X-Press Pearl නෞකාවේ වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගවිනිසුරුවරයාට එල්ල වන චෝදනා සුළුකොට තැකිය නොහැකි බවයි.

එම නිසා වහාම විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කර, රජයට හිමිවිය යුතු අදාළ වන්දි මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.





Call for Investigation into Allegations Against Chief Justice Priithipala Sureshena

In a significant move, the National Professionals and Civil Front has formally lodged a complaint with the Commission to Investigate Allegations of Bribery or Corruption, urging an extensive investigation into the allegations facing Chief Justice Priithipala Sureshena as of today (25).

Drawing on concerns raised by Members of Parliament Rohini Kavirathne, Daya Siri Jayasekara, and Ajith Perera during recent parliamentary sessions, the complaint underscores the need for accountability.

The organization has highlighted the manner in which the Chief Justice and his family have acquired their wealth, along with the delays in claiming compensation for the extensive damage caused by the X-Press Pearl vessel accident off the Sri Lankan coast. They are calling for an impartial inquiry into the circumstances surrounding these issues.

Moreover, the complaint addresses recent scandals that have caused public outrage, including allegations of container fraud, coal fraud, and treasury fund misappropriation. They have requested prompt investigations into the charges leveled against the Speaker and the current Secretary to the President, urging the commission to report their findings to the courts.

Social activist Achala Divakara, commenting on the situation, pointed out the gravity of the accusations directed at the President and the Chief Justice regarding the delay in securing compensation from the X-Press Pearl incident, emphasizing that these claims cannot be overlooked.

He stressed the urgency of conducting a thorough investigation to uncover the truth and facilitate the timely recovery of the compensation owed to the government.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. Xpress Pearl නැවට අදාළ වන්දි මුදලින් යම් ප්‍රමාණයක් ලැබෙන්නේ ධීවර ජනතාවටයි

    එම වන්දි මුදල් ලැබීමට නියමිත ධීවර ප්‍රජාවගෙන් සැලකියයුතු පිරිස, මීගමුව, හලාවත ආදී වෙරලබඩ තීරුවේ ජීවත් වන ධීවරයින්

    වෙනත් වචන වලින් කියනවා නම් කතෝලික ජනතාව (Catholic belt එකේ ඉන්න පිරිස)

    හැබැයි කතෝලික රදගුරු සම්මේලනය ඉන්නේ Xpress Pearl නැවේ වන්දි මුදල block කර ගෙන ඉන්න බෝර්න් අගේන් පාස්ටර් දේවගැති සූරයා ගේ පැත්තේ

    මොකද කතෝලික රදගුරු සම්මේලනය දන්නවා දේවගැති සූරයා සිංහල බෞද්ධයන්ට විරුද්ධයි කියලා

    සිංහල බෞද්ධයන්ට කෙලවෙනවා නම්, කතෝලික ධීවරයන්ට Xpress Pearl නැවේ වන්දි නොලැබුනත්, කතෝලික රදගුරු සම්මේලනයට කමක් නෑ

    ReplyDelete
    Replies
    1. correct. Everybody run by an invisible hand. Time to expose this hoax.

      Delete
    2. කටෝලික සහ බෝන්අගේන් ගෙරියො ටික රට අත්පත් කරගනිමින් ඉන්නව. සූලසේනයා මරු ගේම් කාරයෙක් කියල ඌ මහාධිකරණයෙ දාපු සෙල්ලම්වලින්ම පෙනෙන්නට තිබ්බා.

      Delete
  2. අර්ඡුනා පාර්ලිමේන්තුවේදි කීවා දිමුත් සූරසේන මිලියන 145කට කොළඹ ලොකු එපාර්ට්මන්ට් එකක් ගත්තා කියා.කව්ද ඌ කියලා අහලවත් නැහැ කවදාවත්.උඹලා දන්නවා නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ඉතින් පාස්ටර්ගෙ පුතා මිසක්.

      Delete
  3. 👹👹👹👹👹👹👹👹👹

    ReplyDelete
  4. 👹👹👹👹👹👹👹👹👹

    ReplyDelete
Previous Post Next Post