මේ වසරේ රජයේ පාසැල් 100ක් වැහෙයි...


 නිලන්ත මදුරාවල

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී සමස්ත රජයේ පාසල් සංඛ්‍යාව සියයකින් පමණ අඩු වීමට නියමිත බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත්ම දත්ත අනාවරණය කරයි.

පසුගිය වසරේ සමස්ත පාසල් සංඛ්‍යාව 10047ක් වූ අතර ඒ ඒ පළාත්වලින් මේ වන විට අමාත්‍යාංශයට ලැබී තිබෙන දත්ත අනුව එම සංඛ්‍යාව දසදහසකට අඩු බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. පෙර වසරේ (2024) පැවති පාසල් සංඛ්‍යාව 10076කි.

සිසුන් අඩු පාසල් වෙනත් පාසල් හා ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ මීට හේතු වී තිබේ. එලෙස ඒකාබද්ධ කළ හැකි පාසල් තුන්සියයක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙන බව ද ඉහත ආරංචි මාර්ග කීවේය.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව දහතුන් දහස් අටසිය හතරකින් අඩු වී තිබේ. තුන් ලක්ෂ තුන්දහස් හයසිය දා හත් දෙනෙක් පසුගිය වසරේ විභාගයට පෙනී සිට ඇති අතර මෙවර පෙනී සිට ඇත්තේ අයදුම්කරුවන් දෙලක්ෂ අසූනව දහස් අටසිය හැටහත් දෙනෙකි.

මෙම සිසුන් පළමු ශ්‍රේණියට ඇතුළත්ව ඇත්තේ 2022 වසරේ දී ය. එම වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් වී ඇති සිසුන් සංඛ්‍යාව දෙලක්ෂ අනූදෙදහස් පන්සිය දාහතකි. ඒ අනුව ද ගත් කල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව අනුව දෙදහස් හයසිය පනහකගේ වෙනසක් පවතියි.

ඉකුත් 2021 වසරේ දී ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්පන් දහස් එකසිය පනස් අට දෙනෙක් විභාගයට පෙනී සිට තිබේ.

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයන්ට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යා ද වසරින් වසර අඩු වන බව විභාග දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.

Aruna





Decline in Sri Lanka's Government School Numbers Predicted for 2024

Recent data from the Ministry of Education and Higher Education indicates a concerning trend for Sri Lanka’s education system, with the total number of government schools projected to decrease by approximately a hundred compared to the previous year.

Last year, the country had 10,047 schools. However, preliminary information received from various provinces suggests that this number will fall below 10,000, with figures reported at 10,076 for the previous year (2024), according to sources within the ministry.

The reduction in student enrollment has necessitated the consolidation of schools. Reports indicate that around 300 schools have been identified as eligible for merging, contributing to the overall decrease in the school count.

In addition to dwindling school numbers, there has also been a notable decline in the number of applicants sitting for the Grade 5 scholarship examination. This year, approximately 13,804 fewer candidates registered for the exam. Last year, 303,607 students participated, while this year, the figure dropped to 289,837, reflecting a significant decrease.

Students entering Grade 1 this year were originally enrolled in 2022, when 210,000 pupils entered the first grade. The data reveals a shift of 650 in the number of candidates sitting for the scholarship examination compared to last year.

In 2021, the scholarship examination saw 330,158 candidates registering, marking a trend of declining numbers each year as reported by the Examinations Department.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. කිලෝ මීටර් 5න් 5ට ඉස්කෝල හදනවා කියපු එකා නේද මේ වහන්නෙ.
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මේ පාහර සෙට් එක විපක්ශේ ඉඳලා වෙන එකෙක් මේ තීරණය ගත්තා නම් මුන් කියන කුණු කතා ටික.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය කියන්නේ අත්ත‍ටු කියලා ආපු උන් කරන වැඩ.

      Delete
    2. පතිරණ ගලප්පත්තිSeptember 19, 2026 at 6:51 PM

      බස් දානවා ගෙදර ඉඳන් හොඳ පාසැල් වලට ළමයින්ව නොමිලේ යවන්ඩ. හොඳ නැද්ද එහෙම? ලඟ තියෙන ගුරුවරුත් නැති, හිටියත් උගන්නන්නෙත් නැති, ළමයි නිතිපතා එන්නෙත් නැති, ළමයි ඉගෙන ගන්නෙත් නැති, ඒ නිසාම ඉගෙන ගන්ඩ හිතෙන්නෙත් නැති, හරි හමන් ඩෙස් පුටු ත් නැති, බොන්ඩ වතුරත් නැති, යන්ඩ වැසිකිලිත් නැති, වෙලාවට අච්චු පොත් ටික ලැබෙන්නෙත් නැති, ලැබුනත් ඒ අච්චු පොත් ගෙවල් වලට ගෙනිහින් බෝතල් පත්තර කාරයන්ට විකුණන දෙමාපියෝ ඉන්දෙද්දී, ඒ දේවල් ඒ විදියටම දැක දැක දරුවන්ට ඒ ඉන්න තැනින් ගොඩ එන්ඩ කිසිම ආලෝකයක්, මඟ පෙන්වීමක් නොලැබෙන තැනකම දිගටම හිර කරලා තියනවට වඩා, තරමක් ඈත වුණත්, වැඩි සිසුන් පිරිසක් සිටින, එනිසාම වැඩි අධ්‍යාපණික නැඹුරුවක් තියෙන, වැඩි දෙමාපිය පිරිසක් සිටින, එනිසාම වැඩි සොයා බැලීමක් සහිත පාසලකට යවන එක හොඳයි.

      Delete
  2. අධ්‍යාපනය කියන්නේ අත්ත‍ටු කියලා ආපු උන් කරන වැඩ.
    අන්න අනුරයා කියනවා කොහොම හරි මේ අවුරුද්දේ නම් 6 වසර පොතට වැල දානවාමයි කියලා.
    වනචර සමාජයක් උදෙසා වන ජනතා පෙරමුන වේගෙන් වැඩ.
    මාලිමාවට ඡන්දෙ දුන්න උන්ගේ දරුවන්ට විතරක් ඒ වනචර සමාජය උදා නොවී, අහක හිටපු අහිංසක මිනිස්සුන්ගේ අහිංසක දරුවන්ටත් ඒකට විඳවන්න වෙන එකටයි දුක.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අපේ අම්මලා ඉන්නවා හරිම මෝඩ කීප දෙනෙක්. දරුවන්ට කුනුහරුප රට ජාතිය ආගම වැදගත් නැති බව සහ අවසානය රතු තරුවෙ සාමාජිකයෙක් වී වී මිනී මරන්න වෙන බව ඔවුන්ට තේරෙන්නේ නැත

      Delete
Previous Post Next Post