නිමල් පෙරේරා ලංකාවෙන් පලා ගොස් වසර 13ක්..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පදනම් කරගෙන ඇත්තේ වසර 13ක් තිස්සේ මෙරටින් පලාගොස් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ව්‍යාපාරික නිමල් පෙරේරා  ලබා දුන් ප්‍රකාශයක් පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, 2013 වසරේ සිදුවූවා යැයි කියන එයාර් බස් ගනුදෙනුවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

2013 වසරේදී මහින්ද රාජපක්ෂ රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය දියුණු කිරීම සඳහා එයාර් බස් යාත්‍රා 08ක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වූ බවත්, පසුව 2015 බලයට පත් වූ යහපාලන රජය එම ගිවිසුම අවලංගු කිරීම නිසා රජයට ඩොලර් මිලියන 116ක (රුපියල් බිලියන 37කට අධික) පාඩුවක් සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නිමල් පෙරේරා නැමැත්තා මීට පෙර පොලිසියට ප්‍රකාශ කර තිබුණේ අදාළ ගිණුම් සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එහෙත් වසර 13කට පසු, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාවේ සිට ලබා දුන් ප්‍රකාශයක් මත පමණක් පදනම්ව නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම බරපතළ ගැටලුවක් බව ලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම, මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මරණීය තර්ජන එල්ල කර මහින්ද රාජපක්ෂ මහතාගේ නම පවසන ලෙස බලපෑම් කළ බවට ඔහු මිය යාමට පෙර අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දී තිබූ බව ද සාගර කාරියවසම් මහතා මෙහිදී අනාවරණය කළේය.

කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ බැංකු වාර්තාවක් නොමැතිව, දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් පමණක් වත්මන් රජය මෙම ක්‍රියාවලිය මෙහෙයවන බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.





Arrest of Namal Rajapaksa Linked to 2013 Airbus Deal, Claims Party Secretary

The arrest of Namal Rajapaksa, the National Organizer of the Sri Lanka Podujana Peramuna, is based solely on statements made by businessman Nimal Perera, who has been residing in Australia for 13 years, according to the party's Secretary and legal advisor, Sagara Kariyawasam.

Speaking at a media briefing, Kariyawasam revealed that Rajapaksa's arrest is tied to an alleged Airbus deal from 2013. He explained that during the Mahinda Rajapaksa administration, agreements were made to purchase eight Airbus aircraft to enhance the SriLankan Airlines. However, the subsequent Yahapalana government, which came to power in 2015, annulled this deal, resulting in a loss of $116 million (over 37 billion Sri Lankan Rupees) to the state.

Perera, who has been faced with allegations regarding this transaction, had previously provided statements to the police claiming he had no connections to the relevant accounts.

Kariyawasam emphasized that the current government's decision to arrest Namal Rajapaksa is troubling, considering it relies solely on Perera's statement from Australia after a 13-year interval.

In addition, he disclosed that Kapila Chandrasena, the former CEO of SriLankan Airlines, had revealed in a sworn statement before his demise that he was pressured by the Director General of the Commission to Investigate Allegations of Bribery or Corruption to name Mahinda Rajapaksa under the threat of death.

Kariyawasam condemned the ongoing actions of the current government, characterizing them as politically motivated harassment lacking any scientific evidence or bank records, which he deemed as a grave assault on democracy.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 6, 2026 at 1:08 AM

    වෙඩින් එකට ගිහිල්ලා කරට අත දාගෙන ඉන්න ෆොටෝ ටික ගත්තේ අවුරුදු 13කට කලින් ද එතකොට.....! හප්පේ කාලය මැව් වෙනසක අරුමේ.

    ReplyDelete
    Replies
    1. dobi ayeth wadada

      Delete
    2. මචං, ඔය කරට අතදාගන ඉන්න වෙඩින් එකේ පිංතූර තියෙන තැනක ලින්ක් එක දාපන්කො අපිටත් බලාගන්ඩත් එක්ක.

      Delete
    3. පතිරණ ගලප්පත්තිSeptember 6, 2026 at 2:22 AM

      හප්පේ හෙන ගොඩක් ෆොටෝ තියෙනවා, මම දැක්කේ ෆේස්බුක් එකේ, නමුත් පෞද්ගලිකත්වයට හානි විය හැකි නිසා, මම දාන්නම් කෝ පබ්ලික් ඩොමේන් තියෙන එකක්, ඔන්න එහෙනම්, මේ තියෙන්නේ: https://www.instagram.com/p/Dc3saPdlRL7/?utm_source=ig_web_button_share_sheet

      Delete
    4. පචරෙනයෝ වෙඩිං එකට කැෂුවල් ඇඳගෙනද ගියේ? හිකිස්!

      Delete
    5. පතිරණ ගලප්පත්තිSeptember 6, 2026 at 5:12 AM

      ආ ඒපාර ඇඳුම ලස්සණ මදිද? ෆොටෝ එක හරි, ඇඳුම ලස්සණ මදි. කිතුලට නැග්ග එකා අහු වුණාම කිව්වලු තණකොළ කපන්ඩ නැග්ගෙ කියලා. දැන් මඟුලට නෙවේලු ද හම්බ වෙලා තියෙන්නේ, කරට අත දාගෙන බදාගෙන ඉන්නේ මඟුලෙදි හම්බ වෙලා නෙවේ, ඒ හින්දා අවුලක් නෑ ද?

      මේ වෙඩින්ග් එකේ නෙවේ, වෙඩින් එකේ ඒවා ෂෙයා කරන්ඩ විදියක් නෑ, පෞද්ගලික ෆේස්බුක් එකවුන්ට් වලින් පුද්ගලයින්ගේ නම් හෙලි වෙනවා, ඒක හරි නෑ. ෆොටෝ කොපි පේස්ට් කරලා කමෙට් වල දාන්ඩ බෑ. ඒ නිසා තමයි කැෂුවල් හම්බ වුණ වෙලාවක ෆොටෝ එකක් ෂෙයා කලේ, කැෂුවල් හම්බ වෙන් නැති එකාලා වෙඩින්ග් එකකදි හම්බ වෙන් නෑ, ඒ හින්දා කැෂුවල් හම්බ වෙනවා කියන්නේ කනෙක්ෂන් එක ඔප්පු වෙලා ඉවරයි.

      Delete
    6. පතිරණ ගලප්පත්තිය වගේ පකිස් බූරුවෙක්. යමෙක් තව කෙනෙක් එක්ක ෆොටෝ එකක් ගත්තා කියලා ඒකෙන් කනෙක්ෂන් එකක් තියෙනවා කියලා ඔප්පු වෙනවද? ජනාධිපතිගේ පුතා වගේ දැක්කම ගත්ත ෆොටෝ එකක් වෙන්නත් පුළුවන්. අනික ඕක මේ අවුරුද්දෙ ඇප කරපු එකක් නිසා අවු 13කට කලින් ගත්තා කියලා ඔප්පුවෙන්නේ නැහැ. අනික දැන් AI වලින් ඕනෑතරම් ඔයවගේ ඒවා හදන්න පුළුවන්. අනික ඒකා වැරදි නම්, කනෙක්ෂන් තිබෙන අනිත් අයත් වැරදියි කියල ඔප්පු වෙනවා ද? අනික පගාව අරන් තියෙන කෙනාට නඩු නැහැ, ඒ ගත්ත සල්ලි ආයෙ බෙදලා ගත්ත එවුන්ට නඩු. පැලවත්තේ නඩු තින්දුත් මෙහෙමම ඇති ඉතින්.

      Delete
  2. යට ඇදුමේ හිල් ඇමතිගේ දුව ඉගෙනීමට එංගලන්තයට.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. මාසික බෝඩිං ගාස්තු ලක්‍ෂ හතරහමාරයි

    ReplyDelete
    Replies
    1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 6, 2026 at 5:26 AM

      ඕකනම් මොකද බාබර් කෙනෙක් මහින්දගෙ ඇමති මණ්ඩලේ ඇමති කෙනෙක් වෙලා කෝටි ප්‍රකෝටි ගණන් වටින මහා මන්දිර, යාන වාහන, අරගෙන, රට රටවල යන්ඩ පාස්පෝට් දෙක තුන තියාගෙන හිටියේ, තමන්ටයි බිරිඳටයි, හැමෝටම. ඒ මදිවට පුන්නක්කු බයියෝ ලෙස හඳුන්වන පිරිසට බල බලා ඉන්ඩ මේ ඔන්ලයින් කැලෑ පත්තරෙත් කරන්නේ.

      Delete
    2. සිරාවට. උං හිල් ජොකෙක් හරි ඇඳගෙන නම්බු පිට ඉන්නව.

      මුන්ගෙ මහ උං එක්කො ඇප පිට, එක්කො ගමං තහනං, එක්කො හිරේ, එක්කො වලේ, සමහරු ලංකට් නැතුව පස්ස දොරෙන් පන බේර ගන්න පැනල ගියෙ.

      තුම්මුල්ලෙ ලෙමන් පෆ් කාපු පනික්කිය අන්තිම ගේම ගහනව පන කෙන්ද බේර ගන්න. මොකද ඕකුන් දන්න දේවල් වල හැටියට මයින පවුලෙ උන් ලොවෙත් යහතින් ඉන්න දෙන්නෙ නෑ, පොඩි හරි ඉවක් වැටුනොත් මුං වමට කපනව කියල.

      Delete
  3. මාලිමාවට දුන් චන්දේ ගැන ආඩම්බරයකි

    ReplyDelete
    Replies
    1. ආඩම්බර වෙවී පස්ස පැත්තෙ කිරිපනුවො කහ කහ හිටපන්😂😂

      Delete
    2. උඹලගේ මහා එකා කොළපත බැඳගෙන ඉන්නේ නේද

      Delete
  4. අනේ සාගර. ඔව්. ඔය ඔයාලට ගොඩක් ලොකු, ඒ උනාට ලංකාවේ මිනිස්සු එකතු වෙලා දෙකයි පනහට දාපු කබ්බා දැන් හිරේ ගියාට ඔය නඩුවට දැන් සෑහෙන කල්.
    ඉස්සර ෂෝට් ගහන් කට උත්තර දෙන්න ගිහිං, එලියට ඇවිත් තග දාන පොන්නයො දැක්කම පනට ආදරේ උන් රටේ ඉන්නෙ නෑ කොහොමත්. පෙවුනනේ අර නිශාන්ත ගොයියට උන දේ අන්තිමට.
    හැබැයි ගොයියො, දැන් ඉන්නෙ ඉස්සර මිනිස්සු නෙමේ. ඒ ගොනා වික්ක. ලොවෙත් මිනිස්සු අන්දන්න නං වෙන්නෙ නෑ තවත් නං

    ReplyDelete
  5. කෝ රතිඤ්ඤා දැම්මෙත් නැහැ,බැනර් දැම්මෙත් නැහැ.ජනතාව

    ReplyDelete
  6. අපිනම් දන්නෙ අල්ලස් දෙන එකාත් අතඩ්ංගුවට ගන්නවා කියලා. කෝ මේ අකුදිගෙ ආන්ඩුව බොරු චෝදනා කරල අල්ලස් දෙන එකා එකියෙ. අහින්සකයො ඇතුලෙ. පව් අහින්සක නාමල්❤
    තොට හෙන ගහනවා අකුදි කුදී.

    ReplyDelete
  7. ඇත්තමයි පව් අපේ අහින්සක නාමල❤️❤️😢

    ReplyDelete
Previous Post Next Post