නොරොච්චෝල ලොකු අර්බුදයක.. ගල් අගුරු නැවු දෙකක් ඉතා හදිසියි.. දිනකට ඩීසල් ලීටර ලක්‍ෂ 14කින් විදුලිය හදමින්..


 මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, ගෙන්වන ලද සහ භාවිත කළ ගල් අඟුරු ප්‍රමාණයන් අතර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගල් අඟුරු මගින් අපේක්ෂිත විදුලි ධාරිතාව ජනනය කර ගැනීමට නොහැකි වීම නිසා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක් පමණ විදුලි උත්පාදනය සඳහා වැය කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, ඉන්ධන සඳහා ලබාදුන් සහනාධාරය පසුගිය 31 වනදායින් අවසන් වීමත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි උත්පාදනයට යොදාගන්නා නැප්තා සහ දැවිතෙල් මිල සියයට 20කින් ඉහළ දමා ඇති බවත්, මෙය ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමට පදනමක් කරගත හැකි බවත් ඔහු අනාවරණය කළේය.

මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගල් අඟුරු සංචිත අවම වීම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ විදුලි නිෂ්පාදනය සීමා කර ඇති බවයි. කෙසේ වෙතත්, පවතින හිඩැස පියවීමට ජල විදුලි උත්පාදනය උපරිම ලෙස යොදාගන්නා බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට ළඟා වීමට නියමිත අතර, ඉන් පළමු නෞකාව අද දිනයේත්, දෙවන නෞකාව සැප්තැම්බර් 12 වනදාත් පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම ගල් අඟුරු තොග ගොඩබෑමෙන් පසු විදුලි උත්පාදනය යළි යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.





Coal Supply Shortage Hampers Electricity Generation in Sri Lanka

Sri Lanka's electricity generation process is facing severe disruptions due to insufficient coal reserves, a situation that has led to a shortfall of approximately 115,000 metric tons—equivalent to the capacity of two ships—according to Pubudu Jayagoda, the Education Secretary of the Progressive Socialist Party.

Speaking to the media after submitting a complaint to the Public Utilities Commission of Sri Lanka, Jayagoda highlighted the financial implications, noting that the inability to generate the expected electrical capacity using coal has forced the country to spend around 1.4 million liters of diesel per day for electricity production.

He further pointed out that the government's subsidy for fuel ended on the 31st of last month, leading the Ceylon Petroleum Corporation to increase the prices of naphtha and kerosene used for electricity generation by 20%. This increase serves as a potential basis for raising electricity tariffs in the future.

Minister of Power and Energy, Kanchana Wijesekera, confirmed that the reduced coal stock has limited electricity production at the Norochcholai power plant. However, he reassured the public that there is currently no need for power cuts, as the hydroelectric generation is being maximized to meet demand.

In the coming days, two coal ships are expected to arrive in the country, with the first vessel scheduled to dock today and the second on September 12. The minister indicated that once these coal stocks are unloaded, steps will be taken to restore electricity generation to normal levels.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. අපි ගල් අඟුරු වෙනුවට නාකි මයිනෙක් අල්ලන් ඇවිල්ලා දාන්න ඉන්නේ. 🤣

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්, එක්කො ටිල්වින් මයින නැත්නම් කාදිනල් මයින ඒ වැඩේට හොඳට ගැලපෙනව.

      Delete
    2. ඕකුන් දෙන්නවම දානවනම් වැඩියෙමත් හොඳයි 🤣.

      Delete
    3. ලංකාවේ නාකිමයිනෝ එකයිනෙ බං ඉන්නේ අර වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න ඉන්න, වසීබෝල මිරික මිරික ඉන්න ජා මූනා

      Delete
    4. ඔව් නාහි මයිනො එකයි. ටිල්විනානෙ. මයින කියන්නෙ මෙලෝ වැඩක් කරන්න බැරි එකම කියව කියව ඉන්න වුන්නෙ. ටිල්විනා ගැලපෙනව. ඌ මෙලෝ වැඩක් කරපු එකෙක් නෙමෙයිනෙ, උද්ගෝසනයි, කාට හරි බනින එකයි ඇරෙන්න.

      Delete
    5. ඇයි නැත්තෙ, ඌ කොච්චර දේවල් කොරල තියෙනවද?
      ට්‍රාන්ස්පෝමර් පුපුරවපු එව්ව, බස් පුච්චපු එව්ව, බත්මුට්ටි උස්සපු එව්ව, මිනිස්සුන්ගෙ බෙල්ල කපල ඉස්සරහ පැලඉනි වැටේ ගහල ගිය එව්ව.
      එව්වනෙ වැඩ!

      Delete
    6. එව්ව වගේද අපේ නාකි මයින කරපු වැඩ වසී කුට්ටම මිරික මිරික?

      වල් අලින්ට යන්න ලේන් හයේ පාරවල්, නැවු එන්නැති වරායවල්, මිනිස්සු නැති සම්මන්ත්‍රණ සාලා, ප්ලේන් නැති එයාපෝට්, බල්ලෙක්ට වත් වැඩක් නැති නෙලුම් කණු, බාර් ලැයිසන්, කුඩ්ඩො ඇමතිල කරපුව, සුදු වෑන් ට්‍රිප්, බෝම්බ ෆැක්ටරි එක්ක මරාගෙන මැරෙන අයිසිස් කාරයෝ, අයිස් කුක් ල, ඔක්කොමත් හරි කියමුකො, ඒ ඔක්කොටම වඩා අර කාලකන්නි කිසි වැඩක් බැරි අවජාතක හොතම්බු පුත්තු, උන්ගෙ වටේ ඉන්න මැරයෝයි, කුපාඩි රොත්ත, බෙට්ට අරං යන්නත් ආමි කාරයෝ ඕන වේස ගෑනි, කපුටු කාක් කාක් කාක්, අපිට ඕන කොමිස් කොමිස් බුවා, ලන්කට්ටප්පුහාමි මල්ලි.

      ලංකාවටම එකයි. මේ වගෙ මයිනෝ. උං හොඳ හදිස්සි වෙලාවට දරට ගන්න හරි අකුණු ගහන වෙලාවට මිදුලට විසි කරන්න හරි විතරයි

      Delete
    7. මයිනට වඩා හොදයි ගල් අගුරුවලින් හොරාකෑ ලප කොටා පිච්චුවනම්.

      Delete
  2. munge gonkame lost eka

    ReplyDelete
    Replies
    1. පිස්සුද? අපේ අනුර සහෝදරයට ගල් අගුරු කාල බලල ටෙස්ට් කරන්න බැරි උනානෙ. ඒකයි මේ ප්‍රරස්නෙ.

      Delete
  3. දැන් ඉතින් ලෝකෙත් නැති ගානකට ගලගුරු ගත්තහැකි

    ReplyDelete
Previous Post Next Post