පවතින පීඩාකාරී බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2021/2022 වර්ෂවලින් පසු මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2,500කට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවත්, වටිනා මානව සම්පත රැකගැනීම උදෙසා ඉදිරි අයවැය මඟින් වෘත්තිකයන් සුරකින සාධාරණ බදු ප්‍රතිපත්තියක් වහා ක්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අවධාරණය කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය යූ. කේ. බී. වරකගොඩ මහතා පෙන්වා දෙන්නේ, ව්‍යාපාරිකයන්ගේ ලාභය මත පමණක් බදු අයකරන පසුබිමක, සේවා නියුක්තිකයන්ගේ සමස්ත වැටුප මතම බදු අයකිරීම අතිශයින් අසාධාරණ බවයි.
සිය වැටුපෙන් 36%කට ආසන්න ප්‍රමාණයක් සෘජු බදු ලෙස ගෙවන අතරතුර විශාල වක්‍ර බදු බරක් දැරීමට ද වෘත්තිකයින්ට සිදුව ඇති බවත්, පසුගියදා සිදුකළ සුළු බදු සංශෝධන ඉහළ ජීවන වියදම හමුවේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් එම සංගමය සඳහන් කරයි.
අදාල නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනය
වෘත්තිකයන් සුරකින බදු ක්‍රමවේදයක අවශ්‍යතාව, පරිපාලන වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු.
2022 වර්ෂයේ මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුයේ මෙරට රාජ්‍ය ආදායම් සහ බදු ආදායම් ඉහළ නැංවීමයි.
ඒ අනුව 2023 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලද අතර එම බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වැඩියෙන්ම පිඩාවට පත් වූයේ වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ය.
විශේෂයෙන් එවකට හඳුන්වා දුන් උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සමස්ත වෘත්තීයවේදින්ගේ සහ සේවා නියුක්තිකයින්ගේ මුලු වැටුපටම බදු අය කිරීමට කටයුතු කරන ලදී. ව්‍යාපාරිකයින්ගේ ලාභයට පමණක් බදු අය කරන පසුබිමක සේවා නියුක්තිකයින්ගේ සමස්ත වැටුපටම බදු අයකිරීම අතිශයින් අසාධාරණ තත්ත්වයක් නිර්මාණය කරන ලදී.
ආර්ථික අර්බුදයේ පීඩනයට අමතරව පනවන ලද ඉතා අධික බදු බර හේතුවෙන් අවසානයේ මෙරටට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යවරුන් දහස් සංඛ්‍යාත පිරිසක් අහිමි විය. 2021/2022 වර්ෂයෙන් පසු මෙරට අතහැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2500 කට අධික අතර එයට බලපාන ප්‍රධානතම හේතුවක් බවට පත් වුයේ ක්‍රියාත්මක කරන ලද අසාධාරණ හා පීඩාකාරි බදු ප්‍රතිපත්තියයි.
වැටුප මෙන්ම ප්‍රවාහන ඇතුලු ඇතැම් දීමනා ද වසර ගණනාවකින් යාවත්කාලීන නොවූ පසුබිමක සහ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින ගෙවීම් වලින් 1/3 ක් කප්පාදු කල පසුබිමක තවමත් වෛද්‍යවරුන් මත පටවා තිබෙන මෙම බදු බර තුලින් අවසානයේ සිදු වනුයේ දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් දිගින් දිගටම මෙරටට අහිමි වීම පමණි.
2022 වර්ෂයේ සිටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිකුත් සියලුම වෘත්තීයවේදින් සමඟ එක්ව ලංකාව තුල සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් ස්ථානය කිරීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදි සිටියි.
බදු නිදහස් ආදායම් සීමාවේ බදු ප්‍රතිශයන්හි සහ බදු අය කරන ආදායම් කාණ්ඩයන්හි සාධාරණ සංශෝධන හරහා ගෙවිය හැකි බදු මුදලක් සහ සාධාරණ බදු ප්‍රතිපත්තියක් වෛද්‍යවරුන් ප්‍රමුඛ මෙරට වෘත්තීයවේදින් සහ සේවා නියුක්තිකයින්ට හදුන්වා දිය යුතු බව අපගේ විශ්වාසයයි.
මේ සදහා වන විශ්ලේෂණාත්මක යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තනිව මෙන්ම අනිකුත් වෘත්තීය කණ්ඩායම් සමඟ එක්වද සියලු බලධාරින් හට ලබා දීමට කටයුතු කර ඇත.
එම ඉල්ලීම් වලට අනුව පසුගිය අයවැයේදි උපයන විට ගෙවීම් බදු ප්‍රතිපත්තියේ යම් සංශෝධනයක් වත්මන් ආණ්ඩුව සිදු කල ද පවතින ආර්ථික වපසරියත්, ඉන්ධන සහ ප්‍රවාහන වියදම් මෙන්ම ණය පොලි අනුපාතිකයන් සමඟ සංසන්දනය කිරීමේදි එම බදු සංශෝධනයන් හරහා ලැබුණු ප්‍රතිලාභය ප්‍රමාණවත් නොවන බව වෘත්තීයවේදින්ගේ හැඟිමයි.
ස්වකීය වැටුපෙන් 36% කට ආසන්න ප්‍රමාණයක් ඍජු බදු ලෙස ගෙවන අතරතුරදි, වක්‍ර බදු ලෙසද විශාල බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම තුල වත්මන් බදු ප්‍රතිපත්තිය තුල මෙරට වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින් මුහුණ පා ඇති ඛේදනීය අර්බුදය මනාව ඉස්මතු කරයි.
රට තුල පැවති ආර්ථික අර්බුදය සමනය වෙමින් දේශීය ආර්ථිකය යම් ස්ථාවරයකට පත් වෙන පසුබිමක අර්බුද සමයේදි ආර්ථිකය නංවාලීම වෙනුවෙන් තම වගකීම ඉටු කරන ලද වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදීන්ට සාධාරණයක් ඉටු විය යුතු බව අප දැඩි සේ විශ්වාස කරමු.
පසුගිය වසරේ බදු ආදායම රු. බිලියන 5400 ඉක්මවා ගිය අතර එය ඉතිහාසයේ ඉහළම බදු ආදායමයි. එමෙන්ම උපයන විට බදු ගෙවීමේ ක්‍රමවේදයේ යම් සංශෝධනයක් සහ සහනයක් ලබා දී තිබියදිත් 2025 වර්ෂයේ සමස්ත උපයන විට ගෙවීමේ බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා 30% කට වඩා වැඩි ප්‍රමාණයකින් ලැබි තිබිම සුවිශේෂි කරුණකි.
ඉතිහාසයේ දුෂ්කරතම මොහොතේදි තම පටි තද කරගනිමින් රට වෙනුවෙන් වගකීම සහ යුතුකම ඉටු කරන ලද වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ට වහාම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සහනයක් සහ සාධාරණයක් ලැබිය යුතු බව අපගේ විශ්වාසයයි.
රජය විසින් පසුගිය සමයේදි උපයා ගත් බදු ආදායම් සංඛ්‍යා ලේඛන සංසන්දනය කිරීමේදි ඒ සදහා ඕනෑ තරම් අවස්ථාව ඇති බව මැනවින් තහවුරු වේ.
සමස්ත බදු ආදායමට හානියක් නොවන පරිදි වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ට සාධාරණය බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීම සදහා වූ විද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක යෝජනා මෙවර අයවැය වෙනුවෙන් ජනාධිපතිතුමන් වෙත ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කටයුතු කර ඇත.
රටේ වටිනාම සම්පත වන බුද්ධිමය ශ්‍රමය ආරක්ෂා කර ගනිමින් අනාගත දැනුම කේන්ද්‍රිය ලෝකය ජය ගැනීම උදෙසා මෙරට වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීම සදහා මේ මොහොතේ වහාම ක්‍රියාත්මක විය යුතුයි.
දැනුම කේන්ද්‍රිය ආර්ථිකයක් සහ අනාගතයක් වෙනුවෙන් ස්වකීය රාජ්‍යයන් දැනුමෙන් සන්නද්ධ කරමින් ලෝකය තම බල කදවුරු ශක්තිමත් කරන මොහොතක මෙරට වටිනා මානව සම්පත සහ දැනුම රට තුල රැදි සිටීම දිරිමත් කිරීම වෙනුවෙන් තිරසාර උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අනාගතයේදි ශ්‍රී ලංකාව දැනුම් කාන්තරයක් බවට පත් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
GMOA Urges Government for Fair Tax Policies to Retain Medical Professionals
In a pointed statement, the Government Medical Officers' Association (GMOA) highlighted the exodus of over 2,500 medical specialists from Sri Lanka since the 2021/2022 fiscal years, attributing this trend to the burdensome tax policies currently in place. The association stresses the urgent need for a fair tax system in the upcoming budget to help retain valuable human resources in the medical sector.
In a media release, GMOA Secretary Dr. U.K.B. Warakagoda stressed that taxing based solely on the total salaries of workers, while the business sector is taxed only on profits, creates a deeply inequitable scenario. He revealed that professionals are shouldering approximately 36% of their salaries as direct taxes, alongside the heavy burden of indirect taxes, which he argued is unacceptable amid increasing living costs.
The situation has escalated to a critical point, prompting the GMOA to issue a formal statement that underlines the need for a revised tax system that would ensure fair treatment for professionals amid the ongoing economic reforms aimed at stabilizing the country’s finances.
The new tax policy implemented from January 1, 2023, has disproportionately impacted physicians and other professionals, with a particularly unjust income tax structure that applies to their entire salaries. The GMOA argues that this unfair taxation structure has largely driven medical practitioners to seek opportunities abroad, resulting in thousands of lost healthcare professionals in the country.
With the escalation of taxes amidst a dire economic crisis, the association warns that the continued financial strain has made it increasingly challenging to attract and retain qualified medical staff. The current tax system has also seen transport and other allowances stagnating for years, while third of additional benefits such as extra duty allowances and leave payments have been cut, further intensifying the burden on medical professionals.
Since 2022, the GMOA has joined forces with other professionals to advocate for the establishment of a fair and transparent tax policy in Sri Lanka. There is a strong belief among the medical community that introducing reasonable amendments to tax brackets and burden categories could help alleviate the financial strain on medical workers.
The recent income tax revenue exceeded Rs. 5.4 billion, representing the highest collection in history. Despite this, medical professionals and other workers indicate that the government’s recent amendments to the income tax policy still fall short, with benefits from these changes inadequate when contextualized against the prevailing economic crisis.
During a time when medical professionals are upholding their responsibilities to aid the nation amidst one of the most challenging economic periods in history, the GMOA insists it is crucial that the government provides immediate relief and equity concerning tax policies. They assert that the essential human resource of skilled medical personnel must be retained to ensure a stable future for Sri Lanka.
As the country gradually moves toward stabilizing its economy, the GMOA emphasizes the necessity of a sustainable strategic plan that not only retains local expertise but also encourages healthcare professionals to contribute to the nation’s recovery and development.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

koththamalli bila inna
ReplyDeletePaw oi, me mama inna rate lankawe dostarala Uber duwanawa, cleaning jobs karanawa.
ReplyDeleteAulak na, meheth tax nam gewanna one monawa kalath
මිනිස්සු කියන වේසෙන් ඉන්න බහුතරයක් අමන සක්කිලි ජාතියක් බව මතක් කර දුන් මාලිමාවට අපගේ හදපිරි ස්‍ටුටිය.
Deleteඅනිත් පක්ශෙ එකාව බොරුවට නඩු වලට පැටලෙනවට කැමති, අනිත් පක්ශෙ එකාගේ ගේ ගිනි තියනවට කැමති, අනිත් පක්ශෙ එකා පවුලේ දරුවො එක්කම මැරෙනවට කැමති, සිංහල බෞද්ධයන්ව මැරෙනවට කැමති කුරුස ඉස්ලාම් අන්තවාදීන් ඉන්න පාහර සමාජයක ඉන්නා බව ඔබ අපිට පෙන්නා දුන්නේය.