මාර්ග සංවර්ධනයට පස් සහ සිමෙන්ති මිශ්‍රණයක්.. සිමෙන්ති 3%යි.. ඉතිරිය පස්..


වයඹ පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා සිමෙන්ති ස්ථායීකරණ ක්‍රමය (Cement Stabilization) හඳුන්වාදී තිබේ.

බොරලු ඇතිරූ මාර්ග කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා පවත්නා ප්‍රතිපාදන ඌනතාවය හේතුවෙන් බොරලු ඇතිරීම වෙනුවට මෙම ක්‍රමවේදය අත්හදා බැලීම සිදුකෙරේ.

මෙහිදී මාර්ගයේ ඇති පස් ස්ථරය පරීක්ෂා කර ඒ සඳහා සීයට තුනේ සිට හය (3% - 6%) දක්වා ප්‍රමාණයක සිමෙන්ති මිශ්‍ර කර ඒකාකාරී ලෙස මාර්ගය පුරා පතුරුවා පස් සහ සිමෙන්ති හොඳින් මිශ්‍ර කිරීමෙන් අනතුරුව නියමිත තෙතමනයකින් යුතුව සම්පීඩක යන්ත්‍ර භාවිතයෙන් මාර්ගය හොඳින් තළමින් ශක්තිමත් කර සංවර්ධනය කිරීම සිදුකෙරේ.

ඒ අනුව මෙහි පළමු අදියර කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරණාරත්නගේ සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතීඥ ගීතා හේරත්ගේ සහභාගීත්වයෙන් පොල්පිතිගම ඉරුදෙණියායේදී ආරම්භ කෙරිණි.

පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල





Cement Stabilization Technique Introduced for Rural Road Development in the North Western Province

A new method of cement stabilization has been introduced to enhance the development of rural roads in the North Western Province. This innovative approach aims to address the ongoing challenges in road repair, particularly in areas where the existing infrastructure has deteriorated significantly.

Instead of conventional pothole repairs, officials are testing the cement stabilization technique due to the inadequacies of current resources. This process involves assessing the subgrade of the road, then mixing a cement proportion of three to six percent (3% - 6%) into the existing materials. The mixture is spread uniformly across the road, followed by thorough compaction to create a strong, durable surface under optimal moisture conditions.

The initial phase of this project was launched in Polpitigama, Irudeniyaya, with the participation of Agriculture and Livestock Resources Minister Namal Karunarathna and Kuruunegala District Parliament member Attorney-at-Law Geetha Herath. This marks a significant step forward in the bid to improve road conditions for local communities.

Reported by Puspakumara Jayarathna - Kurunegala



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. අප්‍රිකානු ක්‍රමේ. අප්‍රිකාවේ හිඟන රටවල් වලට කොන්ක්‍රීට්, තාර දාන්න සල්ලි නැති නිසා ඔය වැඩේ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අප්‍රිකාවේ කාන්තාර වලට ඒක අවුලක් නෑ වහින්නෙ නැති නිසා. ලංකාවෙ පාරවල් වලට හරියන්නේ එක්කෝ කාපට් නැත්තන් කොන්ක්‍රීට්. පස් හෝදගෙන යනවා.

      Delete
    2. අප්‍රිකාවේ මිනිස්සු කියන්නේ තමිල්නාඩුව, ලංකාව හිඟන රටවල් කියලා. මම ඊයෙ පෙරේදා ගියා ටැන්සානියා, මම ලංකාවෙන් කිව්වම උන් අහනවා උඹලට කන්ඩත් නෑ නේද කියලා, අහලා මට හොඳට කන්ඩ දුන්නා, මෙහෙ ඉන්නකම් අපි හොඳින් සලකන්නම් කියලා, පවු.

      Delete
  2. වැලි කොට්ට වගේ තමයි. එක වැස්සයි වහින්න ඕන. පාරක් හොයා ගන්න වත් හබ්බ වන්නේ නෑ.

    ReplyDelete
  3. සූර පප්පා කියලා නම දාගත්තු රෝමන් කාරයාගේ නවතම සූඩාන ආකාරයේ ලැජ්ජා නැති වැඩ

    ReplyDelete
  4. හොඳින් තලන්න
    හහ් හා!!!

    ReplyDelete
  5. මේක මෙහෙට හරියන්නේ නෑ .. ටික කාලෙකින් කැඩෙනවා .. පස යට තෙත් උනාම වාහන බරට පුපුරල යනවා .. උමා ඔයේ හිල වගේ ..

    ReplyDelete
    Replies
    1. මේ ඕන් නැති ඒවට එන්ට එපා. හරිද

      Delete
    2. ado uba aththa kiyanna kawda

      meka PACHORISGE rate

      uganda salli walin naya gewala iwaray

      Delete
Previous Post Next Post