2026 වසරේ මුල් මාස හත තුළ මෙරට වෙළඳ හිඟය පෙර වසරට සාපේක්ෂව සියයට 69 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 සැප්තැම්බර් 25 දිනැති "සතිපතා ආර්ථික දර්ශක" (Weekly Economic Indicators) වාර්තාවේ මෙම කරුණු ඇතුළත් වේ.
වාර්තාවට අනුව 2025 වසරේ මුල් මාස හත තුළ (ජනවාරි - ජූලි) ඇමෙරිකානු ඩොලර් මිලියන 3,850.1 ක්ව පැවති වෙළඳ හිඟය, 2026 වසරේ එම කාලසීමාව තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,506.9 (ඩොලර් බිලියන 6.5 ඉක්මවා) දක්වා සියයට 69 කින් පුළුල් වී තිබේ. රුපියල් අගයෙන් ගත් කල මෙම වෙළඳ හිඟය රුපියල් බිලියන 1,148.5 සිට රුපියල් බිලියන 2,088.1 දක්වා සියයට 81.8 කින් ඉහළ ගොස් ඇත
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපනයන ආදායම සුළු වශයෙන් වර්ධනය වෙද්දී ආනයන වියදම දැවැන්ත ලෙස ඉහළ යාමයි. ජනවාරි - ජූලි කාලසීමාවේදී මෙරට සමස්ත ආනයන වියදම සියයට 25.8 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 14,643.2 ක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 28.2 කින්ද, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 25.6 කින්ද, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 23.0 කින්ද ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම ආනයනික බොරතෙල් බැරලයක මිල සියයට 56.0 කින් ඉහළ යාම ආනයන වියදම් දැඩි ලෙස ඉහළ නැංවීමට හේතු වී තිබේ.
ඊට සාපේක්ෂව, සමස්ත අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ සියයට 4.4 ක මන්දගාමී අගයකින් වන අතර, ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර කිහිපයකම ආදායම් කඩා වැටී ඇත. ඒ අනුව, කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 0.8 කින්ද, ප්‍රධාන අපනයන ඉපැයීම් මාර්ගයක් වන රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම සියයට 6.4 කින්ද පහත වැටී තිබේ.
2026 සැප්තැම්බර් 25 වන විට වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.2 කින් අවප්‍රමාණය වී ඇති අතර, එදින වන විට ඇමෙරිකානු ඩොලරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 334.81 ක් ලෙස සටහන් විය . එසේම, වාණිජ බැංකුවල ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) පදනම් අංක 18 කින් ඉහළ ගොස් සියයට 10.94 ක් දක්වා වැඩි වී ඇති අතර, ඉල්ලුම් මුදල් වෙළඳපොළේ පොලී අනුපාතිකද ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය (දළ දේශීය නිෂ්පාදිතය - GDP) 2025 දෙවන කාර්තුවේ වාර්තා වූ සියයට 5.0 සිට 2026 දෙවන කාර්තුවේදී සියයට 4.2 දක්වා පහත වැටී ඇත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කෘෂිකාර්මික අංශය සෘණ සියයට 2.3 කින් (-2.3%) ලෙස සංකෝචනය වීමයි.
2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ තේ සහ රබර් නිෂ්පාදනය අඛණ්ඩව පහත වැටී ඇති අතර පොල් නිෂ්පාදනයද සැලකිය යුතු ලෙස අඩු වී ඇත. කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව ඇඟලුම් නිෂ්පාදනය සියයට 13.4 කින්ද, රසායනික හා රසායනික නිෂ්පාදන සියයට 17.5 කින්ද, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන සියයට 19.3 කින්ද පහත වැටී තිබේ.
විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් පෙන්නුම් නොකරන අතර, 2026 ජනවාරි - අගෝස්තු කාලයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 2,061.1 ක් දක්වා සියයට 10.0 කින් පහත වැටී ඇත. එම කාලය තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාවද සියයට 2.0 කින් අඩු වී තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සුළු පසුබෑමක් වාර්තා කරද්දී, විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළෙන් සිය ආයෝජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, වාර්තා වන සතිය තුළ පමණක් ශුද්ධ විදේශ විකුණුම් රුපියල් මිලියන 193.33 ක් දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ සමස්ත මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 29,994.69 සිට 2026 මැයි මස අවසන් වන විට රුපියල් බිලියන 30,795.04 (රුපියල් ට්‍රිලියන 30.79) දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මෙයින් විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,319.36 සිට රුපියල් බිලියන 12,185.61 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, විදේශ ආයෝජකයින් සතුව පවතින භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රමාණයද සියයට 4.5 කින් පහත වැටී ඇති බව මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි
Sri Lanka's Trade Deficit Surges by 69% in Early 2026
The Sri Lankan trade deficit has escalated significantly, rising by 69% in the first seven months of 2026 compared to the previous year, according to a report released by the Central Bank of Sri Lanka.
This alarming trend is detailed in the "Weekly Economic Indicators" for September 25, 2026, published by the bank's Department of Census and Statistics.
In the period from January to July 2025, the trade deficit stood at approximately USD 3.85 billion. However, for the same period in 2026, this figure soared to around USD 6.51 billion, marking a substantial increase. In Sri Lankan rupee terms, the deficit expanded from LKR 1,148.5 billion to LKR 2,088.1 billion, representing a staggering 81.8% rise.
The primary driver of this sharp increase is attributed to a significant hike in import expenses, while export revenues saw only a slight rise. Total imports in the same period escalated by 25.8% to USD 14.64 billion. Imports of consumer goods jumped by 28.2%, intermediate goods by 25.6%, and investment goods by 23.0%. Notably, the price of imported crude oil surged by 56.0%, heavily impacting overall import costs.
On the flip side, total export earnings increased at a much slower pace of 4.4%. Several key export sectors suffered setbacks; agricultural exports dipped by 0.8%, while apparel and clothing exports fell by 6.4%.
As of September 25, 2026, the value of the Sri Lankan rupee against the US dollar had depreciated by 6.2%, with the average exchange rate recorded at LKR 334.81 per US dollar. The average weighted prime lending rate (AWPR) in commercial banks rose by 10.94% after an increase of 18 basis points, alongside a rise in the money market interest rates.
The growth rate of Sri Lanka's economy, measured by Gross Domestic Product (GDP), fell from 5.0% in the second quarter of 2025 to 4.2% in the second quarter of 2026. This decline was primarily due to a contraction of 2.3% in the agricultural sector.
From January to July 2026, production levels for tea and rubber continued to decline, with a significant reduction in coconut production as well. According to industrial production indices, manufacturing in textiles decreased by 13.4%, chemicals by 17.5%, and rubber and plastic products by 19.3%.
Tourism, a vital source of foreign exchange earnings, also showed no signs of growth, with tourism revenues dropping by 10.0% to USD 2.06 billion from January to August 2026. The number of tourist arrivals during this period fell by 2.0%.
In the Colombo Stock Exchange, a slight downturn was observed in the stock price index, coinciding with a trend of foreign investors pulling out their investments from Sri Lankan equities, with net foreign sales climbing to LKR 193.33 million during the reported week.
The total public sector debt rose from LKR 29,994.69 billion at the end of 2025 to LKR 30,795.04 billion by the end of May 2026. Concurrently, the amount of foreign debt increased from LKR 11,319.36 billion to LKR 12,185.61 billion, while the volume of treasury bills and bonds held by foreign investors decreased by 4.5%, further highlighting the fiscal challenges facing Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

No comment
ReplyDeleteOnna arthikaye eththa paththa. Mewa wedi denekuta notherena nisa despalu boruwalata athoudi gahanawa. Thawamath hariyatama lankawata kelaune neha.
ReplyDelete