මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් උරණ වූ දහහත් හැවිරිදි පුත්‍රයෙකු විසින් සිය මවට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් යාපනය, අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අච්චුවේලි, පුතූර් බටහිර, ශිව දේවාල පාරේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.
අපරාධය සිදු කළ සැකකාර පුත්‍රයා යාපනය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබමින් පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ (A) නවයක් හිමිකරගත් දක්ෂ සිසුවෙකු බව අනාවරණය වී ඇත.
කෙසේවෙතත්, පාසල් සමයේදීම මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් ඔහු ඇතුළු සිසුන් තිදෙනෙකු පාසලෙන් නෙරපා හැරීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබිණි.
පාසලෙන් ඉවත් කෙරුණද මත් උවදුරින් මිදීමට නොහැකි වූ මෙම සැකකරු, නිරන්තරයෙන් මවට බියවද්දා මුදල් ලබා ගැනීමට හුරුව සිට ඇත.
විදේශගතව සේවය කරන සෙසු දරුවන් විසින් මවගේ නඩත්තුව සඳහා එවන ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක්ද මොහු විසින් තර්ජනය කර ලබාගෙන මිතුරන් සමඟ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට වැය කර ඇති බව හෙළිව තිබේ.
පසුගිය 14 වනදාද ඔහු සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇති අතර, ඇය ඊට දැඩි ලෙස විරෝධය පා මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන් දැඩි ලෙස කෝපයට පත් සැකකරු සිය මවට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු විය.
පොලිසියට ලද තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවෙස තුළ තිබී මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Tragic Murder in Achchuvelli: Son Kills Mother Over Drug Money
A shocking incident in Achchuvelli, Jaffna, has led to the tragic killing of a 74-year-old woman by her own son, who reportedly wanted money to purchase drugs. The horrific attack has sent waves of disbelief through the local community.
The victim, who resided on Shiva Devalaya Road in Putthur West, succumbed to fatal injuries inflicted by her son, who is a student at a Hindu College in Jaffna. Known for his academic excellence, he had recently achieved outstanding results in his General Certificate of Education Ordinary Level examinations.
Despite his potential, the young man had fallen into a dangerous habit of substance abuse during his school years, prompting the principal to take action and expel him from the institution alongside two other students due to drug-related issues.
Unable to break free from his addiction, the son frequently pressured his mother for money, often intimidating her into compliance. It has been revealed that a considerable amount of funds sent by his siblings working abroad for their mother’s care had been misappropriated by him to finance his drinking and drug habits.
On the 14th of this month, he demanded money from his mother in his usual manner, but she firmly refused, triggering an explosive reaction from him. The son confessed during police investigations that his mother’s rejection led him to attack her with a stick, ultimately resulting in her death.
Following a tip-off, local police conducted a search of the residence and discovered the deceased woman's lifeless body inside the house. Officers have since launched a thorough investigation into the heinous crime.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

lankawe dan KUdu nahane
ReplyDeleteavurudu 2 gihin dan
අවු 17ක් නම් අම්මට ලමය හම්බවෙලා තියෙන්නෙ 60දි. වෙන්න පුලුවන් දෙයක්ද? 🤔
ReplyDelete60 දි නෙවෙයි, 57 දි.
ReplyDeleteඅම්මා නෙවෙයි, ආච්චි අම්මා වෙන්න පුළුවන්.
ReplyDelete