බදුලු දුම්රිය දෙසැම්බරයේ එනවා..- මාලිමා මන්ත‍්‍රී...


නාවලපිටියේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

දිට්වා සුලි කුණාටුවෙන් නායයැමට ලක් වු ග්‍රේඩ්වෙස්ටර්න් සහ නානුඔය දුම්රිය ස්ථානය අසළ දුම්රිය මාර්ගය නාය ගිය ස්ථානයේ මේ දිනවල සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සදහා (07) දින නිරික්ෂණ චාරිකාවකට එක් වීමේන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීවරයා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශමත ස්ථායිකරණ ක්‍රමවේදය මගින් නායයැමේ අවධානම අවම කිරිමේ ව්‍යාපෘතිය (RLVMMP) යටතේ නාය ගිය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවත්, පෞද්ගලික සමාගමක් විසින් සිදු කරන එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙම නිරික්ෂණ චාරිකාවට නානුඔය දුම්රිය ස්ථානයේ විධායක ඉංජිනේරුවරයා සහ නුවරඑළිය දිස්ත්‍රික් විධායක ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරුන්ද සහභාගි වී සිටියහ.

- රංජිත් රාජපක්ෂ 





Train Services from Naavalapitiya to Badulla Set to Commence in December

The long-awaited train service connecting Naavalapitiya to Badulla is set to commence in December of this year, as announced by Manjula Suraneeraarachchi, the Chairman of the Nuwara Eliya District Coordination Committee and Member of Parliament for the district.

During a media briefing following an inspection tour on the 7th of December, Suraneeraarachchi noted that the railway route near the Grade Western and Nanu Oya stations, which had succumbed to landslides due to the Ditwa Sulikuna storm, is currently undergoing crucial repair work.

The MP further explained that the project, aimed at minimizing the risk of future landslides, is being implemented under the Landslide Risk Management and Mitigation Project (RLVMMP), with recommendations from the National Building Research Organization and the Japan International Cooperation Agency (JICA). He emphasized the urgency and efficiency of the rehabilitation efforts being carried out by a private company.

Joining the inspection tour were the executive engineer from the Nanu Oya railway station and engineers from the Nuwara Eliya District Engineering Office, highlighting the collaborative effort in rebuilding the vital transport link.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. නොදකින් මෙච්චර කාලයක් පොල් ගෑවද පපෝ.

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් කියන්නේ හදලා ඉවර වුනාම කියන දෙයක් තාම හදලා ඉවර නෑ අනික මේ කියන්නේ 2027 දෙසැම්බර් ගැන එතකොට ඡන්දෙ ළඟයි ඉතින් අලුතින් තීන්ත ගාල ලංකාවේ ප්‍රථම වතාවට ඛදුල්ලට කෝච්චියක් ගෙනාව විදියට උත්සව තියෙල කියුබාවේ චීනයේ නායකයෝ ගෙනල්ල ලොකු මද්‍ය සංදර්ශනයක් දාන්න පුලුවන් මෙ රටේ තවමත් ඉතිරි වෙලා ඉන්න ගොන්නු ටික රවටන්න

      Delete
  2. ඔන්න අපේ ජේවීපී ආණ්ඩුව කොළඹ ඉඳන් බදුල්ලට කොච්චි පාරක් හදලා දුන් ඡන්දය ගැන ආඩම්බරයි
    මීට හොඳ දාර ගොන් මෝඩ dobi කෙනෙක්

    ReplyDelete
Previous Post Next Post