කොල්ලුපිටියේ වෙඩි තියයි.. දෙන්නෙක් රෝහලට..


 කොල්ලුපිටිය, 6 වන පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක අද (04) අලුයම කාලයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සිදුවූ ආකාරය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තුවාල ලැබූ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ද මෙතෙක් හෙළි කර නොමැති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ද පියවර ගෙන තිබේ.

තුවාල ලැබූවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.





Two Injured in Shooting Incident in Kollupitiya

Tragedy struck in a residential complex located on the 6th Patumaga in Kollupitiya early this morning, as two individuals sustained injuries from a shooting, according to police reports.

The circumstances surrounding the incident and the motive remain unclear, with authorities yet to disclose the identities of the injured parties.

In response, the Kollupitiya police have initiated an extensive investigation, including a review of local security camera footage to identify any suspects connected to the shooting.

Reports indicate that the injured individuals are currently receiving medical treatment in a nearby hospital.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post