නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ, ඩී.වී චානක මහතා
‘සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය කියන එක ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා ඕනෑම නඩුවකදී. දැන් පළමුව බලුවොත් කාගේ සාක්ෂියක් පදනම් කරගෙනද මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්න. මං හිතන්නේ මේක 2016. මේක 2016 ඇතිවෙච්ච මුලින්ම නඩු කටයුත්තක් ඇති වෙලා තියෙනවා එකම සාක්ෂිකරු මේ නිමල් පෙරේරා කියන දූෂිත ව්‍යාපාරිකයා.
ඔහුට මේ එකක් නෙවෙයි නඩු 100ක් විතර තියෙන ඒ දූෂිත ව්‍යාපාරිකයාගේ කටඋත්තරය සැරින් සැරේ සැරින් සැරේ වෙනස් කරලා.
මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ ආණ්ඩුවේ ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයාගේ දකුණු අත වගේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයා. මේ නිමල් පෙරේරා මහත්තයා එක්ක එකට බිස්නස් කරන්නේ මේ ආණ්ඩුවේ අමාත්‍යවරයා. ඒ අමාත්‍යවරයාත් මේ නිමල් පෙරේරාත් එකතු වෙලා තුන් වතාවක සාක්ෂි තුනක් දෙනවා.
පළවෙනි වතාවේ කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට මිලියන 50ක් දුන්නා කියලා. දීපු තැනක් නැහැ, දීපු දවසක් නැහැ, දීපු විදියක් නැහැ.
ඊට පස්සේ දෙවෙනි වතාවට කියනවා නැහැ මම රුපියලක්වත් දුන්නේ නැහැ.
ඊට පස්සේ තුන්වෙනි වතාවට දැන් කියනවා මිලියන 100ක් දුන්නා. හැබැයි කවද්ද දුන්නේ කියලා ඇහුවම දවසක් නැහැ. ලංකාවට සල්ලි ආපු විදිය ඇහුවම ආපු විදියක් නැහැ. ඊට පස්සේ මොන කාලෙද කිව්වම ඒ පිළිබඳවත් දන්නෙ නැහැ.
ඊට පස්සේ CID එකේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ පක්ෂයේ, මාලිමාවේ ශානි අබේසේකර මහත්තයා 2019 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට 195/16 කියන මේ නඩුවට ගිහිල්ලා කියනවා මේ නිමල් පෙරේරා කියන්නේ බොරුකාරයෙක්, ඔහුගේ සාක්ෂිය ඔහු සැරින් සැරේ වෙනස් කරන බොරුකාරයෙක් කියලා.
එතකොට ඒ බොරුකාරයා කියපු, ශානි අබේසේකර කියපු බොරුකාරයා, ඒ වගේම මේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ බිස්නස් පාට්නර්, ව්‍යාපාරික සගයාගේ සාක්ෂිය පාවිච්චි කරලා නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්නේ.
දැන් මේ විදියට ගියොත් මොකක් හරි දූෂණයකට කෙනෙක් අහුවුනාම ඔහුව අරන් ගිහින් සිරගත කරලා, එහෙමත් නැත්නම් ඔහුව වෙන රටකට යවලා, ඒ සියලුම පහසුකම් දීලා කවුරුහරි දේශපාලනකයෙක්ගේ නම කියන්න කියනවා.
දැන් මේ විදියටම හෙට 22 වෙනි සංශෝධනයට හරිනි අමරසූරිය මැතිනිය තීරණය කරොත්, යම්කිසි ආකාරයකින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව 22 වෙනි සංශෝධනයට විරුද්ධ වෙනවා කියලා, හෙට නිමල් පෙරේරා කියයි සල්ලි දුන්නේ නාමල් රාජපක්ෂට නෙවෙයි හරිනි අමරසූරියට කියලා. අද කියනවා නාමල් රාජපක්ෂ, හෙට කියනවා නැහැ දුන්නේ නැහැ, ඊට පස්සේ ගාන වෙනස් කරනවා, අනිද්දා කියයි හරිනි අමරසූරිය කියලා.
මේ වගේ දූෂිත ව්‍යාපාරිකයෝ අල්ලගෙන, මේ ආණ්ඩුවේ ගනුදෙනු, ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරපු මේ කණ්ඩායමක් එකතු කරගෙන තමයි මේ උත්සාහය. හැබැයි පැහැදිලිවම අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ, අනුර කුමාර දිසානායක මහත්තයාට, ඔබතුමාගේ අදහස ලංකාව තුළ, විශේෂයෙන්ම වී මිලට ඔබතුමන්ලා පොරොන්දු වෙච්ච රුපියල් 150 ලබා දීපු නැති එකේ ප්‍රතිඵලය අද රටේම ගොවි මහත්තුරු ටික එක තැනකට එකතු වෙමින් ඉන්නේ.
ඒ එකතුවෙන ගොවි මහත්තුරුන්ට නායකත්වය දෙන්න නාමල් රාජපක්ෂ මැතිතුමා 12 වෙනිදා රටේම ඉන්න ඒ ගොවි මහත්තුරුන්ගේ ප්රශ්නය එකතු කරලා ඒ විරෝධතා රැලිය ආරම්භ කරනවා. ඒක කඩාකප්පල් කරන්න සූදානම් වෙනවා නම් ඔබතුමාට කියන්න කැමතියි, කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒ වගේම රටේ ජනතාව සූදානම් නැහැ අඩියක් නෙවෙයි කිසිම දෙයක් පිටිපස්සට ගන්න අපි සූදානම් නැහැ.
ඒ වගේම තමයි 12 වෙනිදා අපි අනිවාර්යයෙන්ම මේ රැලිය සූදානම් කරනවා, මං හිතන්නේ ඊයේ දිනේ ඉඳන්. අපි හිතුවා නාමල් රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට අරගෙන බය වෙයි කියලා තමයි කට්ටිය බලාපොරොත්තු වුණේ. හැබැයි ඊයේ දිනේ ඉඳන් වෙනදටත් වැඩිය, වෙනදටත් වැඩිය සහභාගීත්වය දැන් වැඩි වෙනවා මිසක් අඩු කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ.
ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි රටේ ජනතාවට, මේ ආණ්ඩුවේ පච වලට රැවටිච්ච, මේ ආණ්ඩුවේ දූෂණයට විරුද්ධ කණ්ඩායමට මේ තනිකර එක පැත්තකින් 12 වෙනිදා රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණ, ඒ වගේම ගොවි ජනතාවට ඇතුළු මේ කණ්ඩායමට නායකත්වය දෙන නාමල් රාජපක්ෂ මැතිතුමාව මර්දනය කිරීම, විපක්ෂය මර්දනය කිරීම, අනෙක් එකෙන් ගල්අඟුරු වංචාව, ඒ වගේම කන්ටේනර් වංචාව ඇතුළු මේ හොරකම් ටික වහගන්න, තමන්ගේ දූෂිතයන් ආරක්ෂා කරන්න මාධ්‍ය සංදර්ශන වලට තවදුරටත් ජනතාව රවට්ටන්න බැහැ කියන එක අනුර කුමාර දිසානායක මහත්තයාට පැහැදිලිව කියන්න කැමතියි.
දැන් ඔබතුමා පොඩ්ඩක්, වැඩිය ඕනේ නැහැ, ඔය මාධ්‍ය වලින් දාන වීඩියෝ ටික බලන්න. එදා එනකොටම ආපු ඒ වීඩියෝ වලට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අනුර කුමාර දිසානායක මහත්තයා බැලුවනම් ඔබතුමාට දැනගන්න පුළුවන් ඔබතුමාගේ තත්වය. ඒක හින්දා පැහැදිලිවම අපි කියන්න කැමතියි, ඔය මර්දනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණවත්, රාජපක්ෂවරුන්වත්, නාමල් රාජපක්ෂ මැතිතුමාවත් බය නැහැ කියන පණිවිඩය අපි දෙන්න කැමතියි.
Accusations of Corruption Surface Against Namal Rajapaksa, Claims D.V. Chanaka
Allegations have emerged linking Namal Rajapaksa to corruption, as highlighted by D.V. Chanaka, a key campaigner for the Sri Lanka Podujana Peramuna. Chanaka claims that the individual providing evidence against Rajapaksa, identified as Nimal Perera, has a questionable background, alongside being a business associate of a prominent minister in the current government.
While addressing journalists at the party headquarters on Nelum Mawatha, Chanaka underscored the need to assess the reliability of Perera's testimony. He pointed out that the government appears to be leveraging this evidence in an attempt to implicate Rajapaksa in a corruption scandal reminiscent of past legal proceedings from 2016, involving the same dubious witness.
According to Chanaka, Perera has been inconsistent in his statements, seemingly changing his narrative whenever it suits his interests. He elaborated that this businessman, linked to a powerful minister associated with Anura Kumara Dissanayake, was pivotal in multiple testimonies aimed at incriminating Rajapaksa.
Chanaka detailed the evolution of Perera’s claims, stating the first assertion involved a payment of 50 million rupees to Rajapaksa, yet he failed to specify when or how this occurred. In subsequent testimonies, Perera denied making any payment at all, only to later claim he had delivered 100 million rupees, again lacking specific details about the timing or method.
Furthermore, Chanaka referenced a court case from 2019, where Perera was labeled a liar and his credibility questioned by a member of the attorney general's chambers, Shani Abeysekara. He insinuated that the government is exploiting the testimony of an unreliable witness to target Rajapaksa.
Highlighting the implications of such allegations, Chanaka discussed a broader pattern in which individuals caught in corruption scandals are increasingly pressured to implicate political figures, thereby sensationalizing their testimonies for personal gain. He expressed concerns that if a corrupt individual is apprehended, they might be coerced into fabricating evidence against public figures in exchange for leniency.
Looking ahead, on the 22nd amendment, Chanaka emphasized the importance of standing against political manipulation and asserted that the public must remain vigilant against corruption. He reaffirmed the party's commitment to leading farmers and citizens to organize a protest rally aimed at both voicing their grievances and demonstrating solidarity against governmental mismanagement.
Chanaka remarked that the public response is growing despite attempts by the government to instill fear regarding potential arrests, revealing that apprehension about Rajapaksa’s legal scrutiny has only galvanized support for the opposition.
In conclusion, Chanaka called on the authorities, specifically Anura Kumara Dissanayake, to acknowledge the repercussions of the government's actions and highlighted that the people are united against the prevailing corruption and injustices within the political system.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හරක් හොරාගෙ පුතා කිව්වනං ඉතින් හරි ඇති. 🤣
ReplyDeleteකවුද බන් හරක් හොරාගෙ පුතා?, නානගෙ පුතා පච කොටාද?
Deleteපොට්ට වසන්ත සමරසිංහ කියන පල් හොර දුශීත ඇමතියා නේද
Deleteහරක් කොටා ජනාධිපති වෙච්ච එකේ හරක් හොරෙක්ගෙ පුතෙක් දේශපාලනය කිරීමද උඹ වගේ මෝල් මී හරක්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ?
Deleteනිමල් පෙරේරා මහනුවර ටෙලිෆික්ස් එකේ වැඩට ලස්සන කෙල්ලෝ ඇරං දූෂණය කරලා, පසුව පොලීසියේ, නීති අංශයේ සහ රජයේ ඉහළ තැන්වල අයට ඒ කෙල්ලෝ දීලා සෙක්ස් සීන් හොරෙන් වීඩියෝ කරලා කප්පම් ගත්ත එකෙක්. ඔය කෙල්ලෝ සහ පූජිත වගේ උං දන්නවා වෙච්ච දේ. මේකාගේ අපරාධවලට නඩු අහන්න නම් වෙනම උසාවියක් විවෘත කරන්න වෙයි.
Deleteඇයි චානක බය නැතිව ඇමතිගේ නම කියපන්කෝ මෙච්චර බයද පලයං එහෙම නම් ගෙදර.පාර්ලිමේන්තුවේදි හරි කියපන්.බලපන් අර්ඡුන.
Deleteබය.. හිනා ගස්සන්න එපා..
Deleteරජීව් අමරසූරිය , සජියා එක්ක සම්බන්ධ වෙලා කුමන්ත්‍රණ කරනවා කියලා පාර්ලිමේන්තුවේදී පොර ටෝක් දීපු ජෙප්පා ..
TV එකේ සාකච්චාවේදී බය වෙච්ච හැටි කොහොමද.. මීක් නෑ මල්ලේ පොල් වගේ වෙන එකක් කියවා කියවා හිටිය හැටි කොහොමද ..
හිකිස්!
කුණුහරුප ලියන්නෙ නැතිව මෙම චොදනාවට තාක්ෂණික ව උත්තර ලියන්න පුළුවන් කෙනෙක් පැහැදිලි කරන්න.
ReplyDeleteතායිලන්තය ශ්‍රී ලංකාවට නිදහස් වීසා අත්හිටුවයි..
Deleteනිමල් පෙරෙරාගේ සාක්ශිවල විශ්වසනීයත්වය බිදීම මතම පමණක් අධිචෝදනා ගොනු කළ පසු නාමල් නිදොස් කොට නිදහස් වේ. තවද නිමල් පෙරෙරාගෙන් නාමල්ට මුදල් ලැබුනු බවට කිසිම සාක්ශියක් නැත.
DeleteNimal perera is pohottu friend
ReplyDeleteEverybody know it 😂😂😂😂
කෙඳිරි ගාන්න එපා. වරදක් කරලා නැත්නම් බේරෙයි නේ
ReplyDeleteබංගලිදේශයේ දූෂිත විනිසුරු වරුන් සිය ගානක් පාරවල් දිගේ ලයිට් කණුවල එල්ලා මරා දැම්මේ ඉතා මෑත කාලයේදී බව අමතක නොකළ යුතුය. කිසිදු රජයක් සදාකාලිකව නොපවතින අතර ආන්ඩුව පැරදුණු දිනෙක ආන්ඩුවට කත් ඇදපු විනිශ්චය කරුවන් මරණ වරෙන්තුවක් ලබන්නකු බවට පත්වේ
ReplyDeleteකෙඳිරි ගාන්න එපා. වරදක් කරලා නැත්නම් බේරෙයි නේ
ReplyDeleteoya nimal perera ekka pohottuwo hodata sapa gaththa.....dan babala wage labbak kiyawanawa me kota....uge birthday ekata gihin beela natala namal ,ajith niwad la nimal ekka kochchi dance ekath kala...eka ballek na kiyanawada?u ekka hodata hora kaala million 100 ka pagawath gahala dan u hoda na kiyanna katinda pukenda gon kotoo???
ReplyDelete