නාමල් හා එයාබස් සමාගම අතර ඊමේල් හුවමාරුවක් නෑ.. එකම සාක්කිය නිමල් පෙරේරා..


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ අදාළ ගුවන් සමාගම අතර කිසිදු ඊමේල් පණිවිඩ හුවමාරුවක් සිදුව නොමැති බවත්, අධිකරණයට ඉදිරිපත් වූ කිසිදු ඊමේල් පණිවිඩයක ඔහුගේ නම හෝ සඳහන්ව නොමැති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව විසින් අධිකරණයේ සිදුවූ කරුණු විකෘති කරමින් සමාජගත කිරීමට උත්සාහ දරන බවයි.

පසුගිය දිනවල කතාබහට ලක්වූ ඊමේල් පණිවිඩ හුවමාරු වී ඇත්තේ අදාළ සමාගමේ අභ්‍යන්තර නිලධාරීන් කිහිපදෙනෙකු අතර පමණක් බවත්, නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් හෝ අල්ලස් ලබාගැනීමක් පිළිබඳව එහි කිසිදු සඳහනක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

එමෙන්ම, ෂමීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට මුදල් බැරවූ බවට පළවන වාර්තාද පූර්ණ අසත්‍යයක් බව නීතිඥවරයා කියා සිටියේය.

මෙම නඩුවට අදාළව මේ වන තෙක් යොදාගෙන ඇති එකම සාක්ෂිය වන්නේ නිමල් පෙරේරා නමැති අය රජයට ලබාදුන් ප්‍රකාශය පමණක් බව සඳහන් කළ ඒ මහතා, සාක්ෂි ආඥාපනතට අනුව අපරාධයක අපසහායකයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ නොහැකි බව නීතිය දන්නා ඕනෑම අයෙකු පිළිගන්නා කරුණක් බව පෙන්වා දුන්නේය.

නාමල් රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් මර්දනය කිරීමේ අරමුණින් පොදු දේපළ පනත අවභාවිත කරමින් ඔහුව සිරගත කිරීමට රජය උත්සාහ කරන බවට චෝදනා කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා, නාමල් රාජපක්ෂ මහතා සිරගත කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ජනතා නැගිටීම කිසිසේත්ම පාලනය කළ නොහැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.





No Evidence of Email Exchange in Airbus Deal, Claims Namal Rajapaksa’s Attorney

The ongoing controversy surrounding SriLankan Airlines' Airbus deal has taken an intriguing turn, with attorney Manoj Gamaghe asserting that there were no email exchanges between Member of Parliament Namal Rajapaksa and the relevant airline officials. He emphasized that the judicial proceedings have not produced any emails bearing Rajapaksa's name.

Speaking to the media in the court premises, Gamaghe pointed out that certain factions within the government appear to be misrepresenting court findings and attempting to publicize them misleadingly.

The recent discussions regarding email communications were limited to interactions among several internal officials of the airline, without any implication of Rajapaksa's involvement or allegations of bribery, he underscored.

Moreover, he dismissed as completely false reports suggesting that funds had been transferred to the account of Shamiendra Rajapaksa.

Gamaghe noted that the only evidence presented thus far in this case is a statement made by an individual named Nimal Perera to the government. He clarified that under legal parameters, a person can’t be deemed a perpetrator solely based on the statement of an accessory to a crime, a principle acknowledged by anyone knowledgeable about the law.

Further allegations were made by attorney Manoj Gamaghe, who asserted that the government is attempting to imprison Namal Rajapaksa under the guise of public property laws for political repression. He warned that even if Rajapaksa were imprisoned, it would be impossible for the Sri Lanka Podujana Peramuna or the public uprising to be quelled.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. Ithin oka apita kiyala wadak na ne..Oka kiyapan Courts waladi....Moko C-News kiyanne Courts newe ne..Eka Ranil kiyana ponnaya ge website ekak ne🤣🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. ඉතිං උබට තියන puke අමාරුව මොකක්ද

      Delete
    2. puke අමාරුව

      MOKADA ME KOMIS ARAGENA BALU WADE KELYE


      MOKADA MEKE PUDGALIKA BUDALE WAGE USE KALE

      Delete
    3. Puke Amaruwa thiyenne apita newe Bayyonta..Unta mole kachal wela , puke amaru hadila , courts wala kiyanna one dewal C-news walata kiyanawa....Oya buruwa thama kiwwa Pansal wala dunnu adara apahu denne na kiyala kiwwe...Puke amaruwa nisa uta therenne na Govt. Institution walin ( NSB Bank) ganna salli e wage thiya ganna ba kiyala......Kathirayak kala deyak🤣🤣🤣🤣🤣

      Delete
    4. Munge me kari padanguwa baiyo witharai ban kiyawanne. Unta choon wenna daana news mewa.

      Anik minissu wadiya hithanne na me magule yana huththawal gana.

      Mama nam mekata ennema baiyek dennekta arala podi sapak aran yanna.

      Delete
  2. අනුර පුස් ඌරා හෙන ගැම්මෙන් ඉන්නෙ අපේ නාමල්❤ සර් හිරේ දාලා. 😂😂

    ReplyDelete
    Replies
    1. අදත් කූඩුවට තමයි හැබැයි 🤣

      Delete
  3. ආ මේ ලෝයර් මහත්තයා කිව්වා නම් ඉතින් අපි පිළිගන්නම්. 🤣

    වගකීමෙන්ද දන්නෑ කියන්නේ.

    ඕවට කියන්නේ මහත්තයෝ මුට්ටිය දාලා බලනවා කියලා. මුට්ටිය දාන එවුන්ට ඔලු කුඩු වෙන්න පොලු පාර තමයි හම්බවෙන්නේ 🤣🤣🤣

    ReplyDelete
  4. පිටරටවල ස්ථානගත කර ඇති ආනයන අපනයන ආදායම ඩොලර් බිලියන පහකට අධික මුදල පිළිබඳව වහා ක්‍රියාත්මක වනු,.!September 18, 2026 at 12:16 PM



    සිංගප්පූරැවේ සිට ක්‍රියාත්මක වන, ගිනිබත්කල නැව් වල වන්දිමුදල් බැරකරගත් ආනයනය අපනයන සහ බොරතෙල් ගල් අඟුරැ අල ලූනු පරිප්පු වාහන ආනය කිරීම සඳහාම ලියාපදිංචිකරනාලද ජරාපකකසකස මාපියාවේ දහසයකට වැඩි සමාගම් පිළිබඳව වහාම විමර්ශණ ආරම්භ කරනු,.!

    ReplyDelete
  5. ලපේගේ මෝඩ වහල්ලු දාලා තියන ගොන් කමේන්ටි දැක්කාහම උන් කොච්චර මෝඩයො කියලා හිතා ගන්න පුලුවන්

    ReplyDelete
  6. ඊ මේල් දාල කොමිස් ඉල්ලන්න තරම් මෝඩයො නෙමෙයි බේබිලා. අනෙක් කාරණය වෙන අපතයන්ට කොමිස් ගහගන්න ඉඩ දෙන්න තරම් මෝඩයොත් නෙමෙයි.

    ReplyDelete
  7. කියන විදිහට, ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියත් අවසන්ලු…
    කපිලගේ බිරිඳගේ ගිණුමට ඩොලර් ආවලු…
    නිමල් ඒවා රුපියල් කළාලු…
    ඊට පස්සේ නාමල් සහ ශෂීන්ද්‍ර අතර බෙදාගත්තාලු… 😏

    ප්ලේන් එකක්වත් දැකලා නැති අය,
    ගුවන් ගමනක්වත් ගිහින් නැති අය,
    Airbus ගනුදෙනුව ගැන මෙච්චර දඟලන්නේ ඇයි? 😂

    ReplyDelete
Previous Post Next Post