ඉරාන සහාය ලබන යේමනයේ හුති සටන්කාමීන් රතු මුහුදේ උපායමාර්ගික මුහුදු පිවිසුම් මාර්ගයක් ආසන්නයට වේගයෙන් ළඟා වීමත් සමඟ, ඔවුන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දුරකතන ඇමතුම් දෙකක් ඔස්සේ දැඩි ඉල්ලීමක් කර ඇති නමුත් ජනාධිපති ට්‍රම්ප් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මේ මොහොතේ හුති සටන්කාමීන්ට එරෙහිව සෘජු හමුදාමය මැදිහත්වීමක් සිදු කිරීමට වොෂින්ටන පරිපාලනයට කිසිදු සැලසුමක් නොමැති බව ඇමෙරිකානු නිලධාරීහු අවධාරණය කරති.
යේමනයේ මොකා නමැති උපායමාර්ගික වෙරළබඩ නගරය හුතිවරුන් විසින් අත්පත් කර ගැනීමත් සමඟ, ගෝලීය වෙළෙඳාමට මෙන්ම සෞදි තෙල් අපනයනයට අතිශය වැදගත් වන බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වෙත ඔවුන් තවදුරටත් ආසන්න වී තිබේ.
දැනටමත් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කරමින් සිටින පසුබිමක, බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ පාලනය ද හුතිවරුන් සතු වීම මඟින් එක්සත් ජනපදයට සහ එහි ගල්ෆ් කලාපීය මිත්‍ර පාර්ශ්වයන්ට එරෙහිව ටෙහෙරානයට දැවැන්ත උපායමාර්ගික බලපෑමක් එල්ල කිරීමේ හැකියාව හිමිවනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
යේමනයේ උත්සන්න වන මෙම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ඇමෙරිකාව, සෘජු යුද මෙහෙයුම්වලින් වැළකී සිටින අතරතුර සෞදි අරාබියට ලබා දෙන සහයෝගය ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව හදිසි සම්බන්ධීකරණ සාකච්ඡා සඳහා ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පසුගිය බ්‍රහස්පතින්දා සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබේ.
සෘජු ප්‍රහාර ප්‍රතික්ෂේප කළ ද, හුති ඉලක්ක පිළිබඳ බුද්ධි තොරතුරු සහ ඉලක්කගත දත්ත සෞදි අරාබිය වෙත ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය එකඟ වී ඇති අතර, ප්‍රහාරක නොවන සහයෝගය ලබා දීම සඳහා ඇමෙරිකානු හමුදා නිලධාරීන් 200ක පමණ පිරිසක් දැනටමත් සෞදි අරාබියේ ස්ථානගත කර සිටිති.
සෞදි හිතවාදී යේමන හමුදා පසුබසිමින් හුති සටන්කාමීන් ඉදිරියට ඇදී එද්දී සල්මාන් කුමරු ජනාධිපති ට්‍රම්ප් අමතා මෙම හමුදාමය සහය ඉල්ලා ඇත. පසුගිය ජූලි මාසයේදී හුති තර්ජනයට තනිව මුහුණ දිය හැකි බව වොෂින්ටනයට දැනුම් දුන් සෞදි අරාබිය, මෙලෙස සෘජු ඇමෙරිකානු මැදිහත්වීමක් අපේක්ෂා කිරීම ඔවුන්ගේ ස්ථාවරයේ කැපී පෙනෙන පසුබැසීමක් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු හමුදා ප්‍රධාන වශයෙන් ඉරානය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බවත්, තවත් යුද පෙරමුණක් විවෘත කිරීමෙන් වැළකිය යුතු බවත් ට්‍රම්ප්ගේ උපදෙස වී ඇති බව අදාළ සාකච්ඡා පිළිබඳ දන්නා ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජූලි මාසයේදී ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ අවමංගල්‍යයට සහභාගී වී ආපසු පැමිණි ජ්‍යෙෂ්ඨ හුති නියෝජිතයන් රැගත් ඉරාන ගුවන් යානයකට සනා ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සෞදි අරාබිය විසින් වළක්වනු ලැබීමත් සමඟ මෙම ගැටුම යළි උග්‍ර අතට හැරුණි.
ඊට ප්‍රතිචාර ලෙස හුතිවරුන් රතු මුහුදේ සෞදි තෙල් ප්‍රවාහන නෞකාවලට සහ එරට බලශක්ති මධ්‍යස්ථානවලට පහර දීම ආරම්භ කළ අතර, සෞදි අරාබිය සිය මිත්‍ර හමුදා සමඟ එක්ව ගුවන් හා ගොඩබිම් ප්‍රහාර මඟින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.
රතු මුහුදේ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම සහ තම මූලික ජාතික ආරක්ෂක අවශ්‍යතා සුරක්ෂිත කිරීම කෙරෙහි වොෂින්ටනය ප්‍රමුඛත්වය ලබා දෙන නමුත්, කලාපීය ආරක්ෂක අර්බුද කළමනාකරණය කර ගැනීමේ වගකීම ප්‍රාදේශීය හවුල්කරුවන්ට භාර දීම සිය ප්‍රතිපත්තිය බව ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Escalating Tensions in Yemen Lead Saudi Arabia to Seek US Military Support
As Houthi insurgents backed by Iran advance toward strategic maritime entry points in the Red Sea, Crown Prince Mohammed bin Salman of Saudi Arabia has made an urgent appeal to US President Donald Trump through two phone calls, requesting airstrikes against the insurgents. Reports from American officials indicate that Trump's administration has rejected this appeal.
Currently, US officials emphasize that there are no plans for direct military intervention against the Houthis. This decision comes as the insurgents have captured the coastal city of Mocha, bringing them closer to the Bab-el-Mandeb strait, a crucial hub for global trade and Saudi oil exports.
The backdrop of Iran already obstructing maritime traffic in the Strait of Hormuz heightens concerns, as the Houthi's potential control over Bab-el-Mandeb could give Tehran a significant strategic advantage against the United States and its Gulf allies, analysts suggest.
In light of these escalating conflicts in Yemen, the US is exercising caution by avoiding direct military operations while enhancing its support for Saudi Arabia. To bolster cooperation, Admiral Brad Cooper, head of the US Central Command, was dispatched to Saudi Arabia late last week for urgent discussions.
While direct attacks have been declined, the Trump administration has agreed to provide intelligence and target data on Houthi positions to Saudi Arabia. Approximately 200 US military personnel are currently stationed in the Kingdom to offer non-combat assistance.
As Saudi-supported Yemeni forces retreat from the advancing Houthis, Crown Prince Salman has reinforced his request for military assistance from President Trump. Notably, during a past meeting in July, Saudi Arabia signaled its capacity to face the Houthi threats independently, making the expectation of direct American involvement appear as a significant shift in their stance.
However, discussions indicate that President Trump has directed military focus primarily on Iran and the Strait of Hormuz, advising against opening another front of conflict in the region.
Recent clashes reignited when Saudi Arabia blocked the landing of an Iranian plane carrying senior Houthi representatives returning from a funeral in Iran, further intensifying the conflict.
In retaliation, the Houthis began targeting Saudi oil transport vessels in the Red Sea and energy infrastructure, leading Saudi Arabia to respond with air and ground strikes alongside its allied forces.
The US is prioritizing the assurance of freedom of navigation in the Red Sea and the protection of its core national security interests; however, an American senior official highlighted that the responsibility for managing regional security crises rests with local partners.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හූතින්ට ගහන් නෑ කිව්ව කිව්ව ලු ද? ඇයි ඒ? ව්යාග්රා බොන්ඩ කියන්ඩ.
ReplyDeleteපරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ සිසුවියන් 53 දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.
ReplyDeleteඑවිට ජාත්‍යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 20ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය 1985 මැයි 14 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රහාරයක් එල්ල කළේය.
Deleteඅනුරාධපුර සමූලඝාතනය ලෙස හැඳින්වෙන මෙම සිදුවීමේදී, එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පූජනීය බෝධි පරිශ්‍රයට ඇතුළු වී භික්ෂූන් වහන්සේලා,
මෙහෙණින් වහන්සේලා සහ වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ට වෙඩි තබා සිවිල් වැසියන් 140 කට වැඩි පිරිසක් ඝාතනය කළහ.
කෝ දැන් කවුරුවත් මේවගැන කථා කරනවද?
තෝ දන්න මගුල. සෙන්චෝලෙයි කියන්නෙ කොටින්ගෙ ලමා සොල්දාදුවන් පුහුණු කරපු තැනක් කියන එක හැමෝම දන්නව,
Deleteකොටින්ට පුකදෙන තොපිවගේ අමනයො ඇර.