සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශිවරාජා අනෝජන් නැමැති ශ්‍රී ලාංකික තරුණයාට සමාව ලබා ගැනීම සඳහා රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි උත්සාහයක නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව අනෝජන්ට රාජකීය සමාව ලබා දෙන ලෙස සෞදි රජුගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධියට පසුබිම් වූයේ, යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවෙන් ගමන් කළ වන්දනා නඩයක සිටි සුනඛයෙකුට කල්මුණේ ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු විසින් පහරදීමේ සිදුවීමක් මුල් කරගනිමින්, අනෝජන් විසින් ඉස්ලාම් දහමට අපහාස වන අන්දමින් සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝවක් පළ කිරීමයි. එම වීඩියෝව ඔස්සේ ආගමික අපහාසයක් සිදු කළ බවට එල්ල වූ චෝදනාව මත සෞදි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව එරට අධිකරණය මඟින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.
එම දඬුවම ලිහිල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට පිහිටි තානාපති කාර්යාලය මැදිහත් වෙමින්, සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 24 වන දින අභියාචනයක් ගොනු කරන ලදී.
කෙසේවෙතත්, අභියාචනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බලාපොරොත්තු වූවාට වඩා බරපතළ අතට හැරී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අනාවරණය කළේය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා,
"අපේ තානාපති කාර්යාලය මැදිහත් වෙලා, අභියාචනා කරලා, නීතිඥවරුන් සම්බන්ධ කරගෙන එම දඬුවම ලිහිල් කරගන්න විශාල උත්සාහයක් ගත්තා තවමත් ගනිමින් සිටිනවා. නමුත් දැන් තත්ත්වය ඊට වඩා බයානක අඩියකට පැමිණ තිබෙනවා. එම දඬුවම ලිහිල් වෙනවා වෙනුවට ඊටත් වඩා බරපතළ කරමින් ඔහුට මරණ දඬුවම ලබාදීමට අධිකරණය සූදානම් වන බවට තොරතුරු ලැබී තියෙනවා."
මෙම අවදානම් සහගත වාතාවරණය හමුවේ තරුණයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් සෞදි රජය සමඟ සාකච්ඡා කර සහනදායී විසඳුමක් ලබා ගැනීමට උපරිම පියවර ගනිමින් සිටින බව රජය අවධාරණය කරයි.
Sri Lankan Government Seeks Pardon for Youth on Death Row in Saudi Arabia
The Sri Lankan government is making concerted efforts at the state level to secure a pardon for Anojan, a young Sri Lankan facing the death penalty in Saudi Arabia, according to Health and Media Minister Dr. Nalinda Jayatissa.
Member of Parliament Rishad Bathiudeen has revealed that all Muslim representatives in Parliament are coming together to formally request the Saudi King grant a royal pardon for Anojan.
The incident leading to Anojan's death sentence stemmed from a video he posted on social media, perceived as disrespectful to Islam. This was triggered by an assault on a stray dog during a pilgrimage walk from Jaffna to Katharagama in the Kalmune area, after which Anojan’s provocative comments sparked significant backlash. Consequently, he was arrested by Saudi authorities on charges of religious insult.
Subsequently, a Saudi court sentenced him to five years in prison and imposed a fine of three million Saudi Riyals.
The Sri Lankan Ministry of Foreign Affairs, along with its consulate in Saudi Arabia, has intervened by filing an appeal to the Eastern Regional Court in Saudi Arabia on August 24, aiming to reduce the harsh sentence.
However, Foreign Minister Dinesh Gunawardena pointed out that following the submission of the appeal, the situation had worsened beyond expectations.
“Our consulate has stepped in, filed an appeal, and engaged legal counsel to make significant efforts toward reducing this sentence. Yet the situation has escalated further. Instead of mitigating the sentence, the court appears ready to impose an even harsher penalty, possibly a death sentence,” he disclosed.
With this alarming climate, the government emphasized that both at the state and parliamentary levels, they are committed to negotiating with the Saudi government to find a humanitarian resolution to save the young man’s life.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තොපිව කවුරුත් ගනන් ගන්නේ නෑ.
ReplyDelete
ReplyDeleteඉතින් එහෙම උනේ නැත්නම් නේ පුදුමේ
දැන් උබල එකත් ඉගෙන ගත්තනේ
උබ ඕක සිංහලෙන් ඉල්ලුවනම් ඔහොම වෙන්නෙ නෑ😂😂😂😂
ReplyDeleteඉතින් සහෝදරවරුනි, කොටින්ම කියනවා නම් ඔන්න ඕකයි අපේ විදේශ තානාපති කාර්යාල වල ලෙවල් එක.
ReplyDeleteඉතින් සහෝදරවරුනි,
Deleteජෙප්පන්ට කිසිම දෙයක් හරියට කරන්න බෑ. හැමතැනම ඇනගන්නවා. කෙබරකොටාගෙ කටේ සැර අපිට විතරයි. ජත්‍යන්ත්‍යන්තරය ඉදිරියේ බලුකුක්කො වගේ කෙඳිරිගානවා. උන් පඩේකට ගණන්ගන්නෙ නෑ.
ReplyDeleteජෙප්පෝ උපරිමයෙන් වෑඩ...මොකද දෙමල තරුනයෙක් මුස්ලිම් ආගමට අපහාස කල්ලා.....දෙගොල්ලොම ජෙප්පොන්ගේ යාලුවෝ.....මෙතන එක පාර්ශවයක් සින්හල බෞද්ද උනානම් ජෙප්පෝ මෙලහකට ඒ පාර්ශවයට හොදට නෙලලා මෙලහකට .....ජෙප්පෝ කියන්නේ සත්තු ජාතියක්
ReplyDeleteසිරා. මේ කොල්ලා සිංහල බෞද්ධයෙක් උනා නම්, දෙමළ උනුයි, හම්බයොයි, කුරුසයෝයි, නිරා ලිබරල් සෙට් එකයි ඔක්කොම එහෙනම් ඌට බනිනවා. ඌව ඉක්මනටම මරන්න කියලත් පෙත්සම් ගහයි. ඒ තරම් වෛරයක් සිංහල බෞද්ධයන් ගැන මුන් ඔක්කොටම තියෙන්නේ.
Delete