රාජපක්‍ෂ පවුල රටේම සිහින මරපු පවුලක්..


 රාජපක්ෂ පවුල යනු සමස්ත රටේම ජනතාවගේ සිහින විනාශ කළ පවුලක් බවත්, ඔවුන් සිදුකළ වැරදි සහ අපරාධ වෙනුවෙන් නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය මහජනතාව සමඟ පවත්වන සබඳතා, රැලි හෝ ජන හමුවීම් කිසිසේත්ම නතර නොවන බවයි.

අද වන විට විපක්ෂයට ජනතා පදනමක් නොමැති බවත්, නිවසකට වී තේ කෝප්පයක් බීමට හෝ හතර පස් දෙනෙකු එක්රැස් කර ගැනීමට නොහැකි අසරණ තත්ත්වයකට ඔවුන් පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

එම හේතුවෙන් ජනාධිපතිවරයා ජනතාව අතරට යාම විපක්ෂයට දරාගත නොහැකි ප්‍රශ්නයක් වී ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දේවානන්ද සුරවීර මහතා මෙසේද සඳහන් කළේය.

"නාමල්ලා හිරේ දානවද නැද්ද කියන එක තීරණය කිරීම ජාතික ජන බලවේගයේ කාර්යභාරයක් නෙවෙයි. නාමල්ලා කරපු දේවල් තමයි දැන් ඔවුන් ඉදිරියට ඇවිත් තියෙන්නේ. රාජපක්ෂ පවුල කියන්නේ හොරකම, වංචාව සහ දූෂණයෙන් පිරුණු පවුලක් බව මුළු රටම දන්නවා. පසුගිය කාලයේ මහජන දේපළ කොල්ලකෑ, අයථා ලෙස ධනය උපයාගත් පුද්ගලයින්ට එරෙහිව අදාළ ආයතන සහ නීතිය මේ වන විට ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතන ගන්නා තීන්දු තීරණ මත ඔවුන්ගේ අනාගතය තීරණය වේවි."

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙරට ජනතාව කිසිසේත්ම නාමල් රාජපක්ෂ මහතාට රටේ නායකත්වය ලබාදීමට සූදානම් නොමැති බවත්, ඔහුට අවශ්‍ය නම් බන්ධනාගාරය තුළ සිටින සිය සගයන් සමඟ එක්ව එහි ජනාධිපති විය හැකි බවත්ය.





The Rajapaksa Family's Legacy of Failure Highlighted by MP Devananda Surawira

Devananda Surawira, a member of the National People’s Power party, emphasized that the Rajapaksa family is responsible for the devastation of the nation’s hope and will face penalties for their wrongdoings and crimes under the law.

Speaking to the media, Surawira underscored the President's commitment to maintain an ongoing dialogue with the public through rallies or town hall meetings, despite the political opposition's current ineffectiveness.

He pointed out that the opposition is now in a state of helplessness, lacking a grassroots support base, and is even unable to convene small gatherings, underlining their isolation.

“This predicament has made it unmanageable for the President to engage with the public — a challenge that the opposition cannot withstand,” he noted.

When asked about the potential arrest or imprisonment of Namal Rajapaksa, Surawira clarified that deciding his fate is not the responsibility of the National People’s Power party. He stated, “What Namal has done has brought them to this point. The entire country recognizes the Rajapaksa family as a lineage rife with theft, fraud, and corruption. Institutions and the law are now actively responding to those who have exploited public assets or accumulated wealth illicitly. Their future will be determined by the decisions made by these bodies.”

Further expressing his views, Surawira stressed that the people of Sri Lanka are absolutely unwilling to see Namal Rajapaksa assume leadership of the country. He quipped that if he desired to be president, he could do so alongside his associates from within prison.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. තොපි මිනිමරුවො තරම් සිහින මැරුවෙ නෑ කවුරුවත්. කාලකන්නි හැතිකරේ. රටේ සාපෙ. තොගෙ මුස්පේන්තු මූන බලාපිය කන්නාඩිය ලගට ගිහින්. තෝ පෝට් සිටි එකක ඩමියක් වත් හදලද කතාකරන්න කාලකන්නියා . තෝ ගමට කරපු වැඩක් කියාපිය. තොපේ මහ එකා පච විද විද යනවා. අපේ රාජපක්ශ ල තමයි යුද්දෙ නවත්තල ස්ංවර්දනය කරේ. තොපි 76අවුරුද්දක් මිනී මරල රට ගිනි තිබ්බා. හිපාටුවා

    ReplyDelete
    Replies
    1. THOPIWA ISSARAHATA GENALLA

      THOPI PATTA BORUKARAYO TIKAKA KIYALA MINISSU PENNUWA

      EKA WIJAYAGRAHANAYAK

      UBALAGE KAIYA WITHARAY

      CAMPUS WALATH EHEMAY

      KATHAWA SAMANTHMATHAWA, EKALETH KATA KADAGENA KAWA

      WIRUDDA UNOTH GAHAWWA

      Delete
    2. ජෙපි සාපය ඉක්මනින්ම රටින් තුරන් වේවා! පුන්නක්කු ජෙප්පොන්ගේ බලය අවසන් වේවා!!
      159ට සාප වේවා!!!

      Delete
  2. Praba ge sihineth nathi kala ne ban ... thopita thiyenne eee amaruwa

    ReplyDelete
  3. රටේම සිහින මරුවේ අවුරුදු 76 ක්ම තොපි ….. මිනීමරු ගල්කටස් තිරිසන් ජෙප්පෝ හෑම ආන්ඩුවක්ම කරන්න හදපු හෑම සන්වර්දනයක්ම කඩාකප්පල් කලා… නෑවෑත්තුවා…. තිරිසන් පච රෑල අද කොටි එක්ක එකතුවෙලා බලය තියා ගන්න

    ReplyDelete
  4. බලය තියා ගන්න කොටි ත්‍රස්තයන් එක්ක එකතුවෙලා උන් කියන දේවල් කරන ද්‍රෝහී මිනීමරු ගල්කටස් JVP පච රෑල.September 20, 2026 at 7:39 AM

    බලය තියා ගන්න කොටි ත්‍රස්තයන් එක්ක එකතුවෙලා උන් කියන දේවල් කරන ද්‍රෝහී මිනීමරු ගල්කටස් පච රෑල.......කොටින්ට තමා රාජපක්ශ සහ රනවිරුවන් නෑති කිරීමේ ගාය තියෙන්නේ......ජෙප්පෝ කියන්නේ තිරිසන් මිනීමරුවෝ රෑලක් කොටි ත්‍රස්තයන් වගේම.....

    ReplyDelete
  5. කොටියා කීයක් දුන්නද පකෝ ?

    ReplyDelete
  6. Thopi LTTE Ekatah Wada Rata Vinasa Karapu Thuppahi Jana Kotasak ..........

    ReplyDelete
  7. රාජපක්ෂලා දැන් කොටිත් එක්ක එකතු වෙලා රට වනසන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකද තොපි තිලීපන්ගේ ප්‍රතිමාවක් හදලා මල් තියලා වැන්දේ. පාහර ජෙප්පො

      Delete
  8. ගොන් තකතීරු සුරවීරයෝ ඔයා කථා කරන්නෙ මොන මුඛයෙන් ද කියලා දන්නේ ඔයාම තමයි.රටේ ජනතාවගේ ප්‍රාණය පවා සිහිනයක්ව තිබූ කාලයක එම සිහිනය සැබෑවක් ම කිරීම කලේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් ප්‍රධාන රණවිරුවන් නේද කියලා මතක් වෙන්න ඉතින් හෙට අනිද්දා හොඳ පොලු පාරක් ඔයාගේ ඔළුව ස්පර්ශ කරාම තේරුම් ගනීවි යයි සිතමි.

    ReplyDelete
  9. මේවගේ සෙප්පඩයන්ගේ පිටි පස්සෙන් හරි හිටගෙන ෆොටෝ වලට ඉන්න කට්ටිය කව්ද දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවිද ඒ බෙරි වෙච්ච මුණවල් ටික.

      Delete
Previous Post Next Post