මුදල් අමාත්‍යංශ ලොක්කෙක් ආයතන දෙකකින් වැටුප් ගනිමින්.. රජයේ වියදමින් බිරිද එක්ක කැනඩා ගිහින්...


මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා අපනයන හා ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා රජයේ ආයතන දෙකකින් වැටුප් සහ වරප්‍රසාද ලබාගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

අදාළ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඔහු විශ්වවිද්‍යාලයෙන් හිමිවන පූර්ණ වැටුප සහ අනෙකුත් සියලු දීමනා ලබාගන්නා බව සඳහන් කළේය.

ඊට අමතරව, අපනයන හා ණය රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය වෙනුවෙන් හිමිවන රියැදුරු දීමනා, වෛද්‍ය දීමනා ඇතුළු සියලුම දීමනාවන් ද ඔහු එකවර භුක්ති විඳින බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

එමෙන්ම, අදාළ සභාපතිවරයා පසුගියදා සිය බිරිඳ ද කැටුව කැනඩාවේ සංචාරයක නිරත වී ඇති බවත්, ඒ සඳහා ගුවන් ටිකට්පත් වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැය කරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කළේය.

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් සම්බන්ධයෙන් වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කර ඇති පසුබිමක, රුපියල් ලක්ෂ විස්සකට අධික මෙවැනි වංචාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයා යටතේ පවතින අදාළ ආයතනය තුළ සිදුවන මෙම අක්‍රමිකතා පිළිබඳව වහාම සොයා බලා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ද චාමර සම්පත් දසනායක මහතා මෙහිදී මුලාසනයෙන් ඉල්ලා සිටියේය.





MP Exposes Allegations of Misappropriation at Sri Lanka Export Credit Insurance Corporation

In a striking revelation during today's parliamentary session, MP Chamara Sampath Dasanayake accused the chairman of the Sri Lanka Export Credit Insurance Corporation, operating under the Ministry of Finance, of receiving dual salaries and perks from two government institutions.

Highlighting that the current chairman also serves as a university lecturer, Dasanayake emphasized that he receives a full salary along with various allowances from the university, while simultaneously benefiting from the benefits associated with his chairman role.

Furthermore, the MP disclosed that the chairman is enjoying multiple compensations, including transportation and medical allowances, making a significant financial gain from both positions at the same time.

Dasanayake did not hold back in his accusations, mentioning that the chairman's spouse had recently traveled to Canada, with reports suggesting that over Rs. 2 million was reportedly expended solely on airline tickets, indicating a massive financial fraud.

Amidst the backdrop of former Minister Piyankara Jayaratne being subjected to a seven-year rigorous imprisonment regarding a Rs. 3.4 million scam, Dasanayake questioned why such large-scale fraudulent activities, reportedly exceeding Rs. 2 million, remain unprosecuted under current legislation.

He urged for an immediate and impartial investigation into these irregularities at the institution that operates under the presidency, calling for accountability and transparency in the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. වඩේබඩා වඩේ වඩේ ගගා ඉන්නැතුව ගිහිල්ලා පැමිණිලි කරපන් අල්ලස් දුෂණ කොමිසමට.
    නිකම් බොරුවට මේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා වේ ටීවී එකේ මූණ පෙන්නගන්න බෑගිරි දෙනවා. මූණ කිව්වට මූණ පේන්නෙත් නෑ ටීවී එකේ තඩි බඩ ගෙඩිය තමයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. OYALGE KUMARAYATH

      OKA THAMA KOLE .

      ANTHIMATA APITA DAN REWILA INNE

      Delete
    2. චාමර මොකටද නඩු ගොනු කරන්නේ. ලප ආන්ඩුව පිරිසිදු නම් උන්ට පුලුවන් එලවල දාන්න. නියමයි චාමර.

      Delete
    3. මේ මෝඩ කථා නොවේ බං අන්න අරූ බලු කුක්කා තවත් ඉංදියන් ගිවිසුම් ගහලා අත්පුඩි ගහගන්නවා.ඉංදියන්කාරයාගේ මූණ ඉපිලී ගිහින් අපේ එකාගේ නිවට නියාලු මුහුණ බලපන්.

      Delete
  2. මේ මෝඩ කථා නොවේ බං අන්න අරූ බලු කුක්කා තවත් ඉංදියන් ගිවිසුම් ගහලා අත්පුඩි ගහගන්නවා.ඉංදියන්කාරයාගේ මූණ ඉපිලී ගිහින් අපේ එකාගේ නිවට නියාලු මුහුණ බලපන්.

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣🤣

      උඹ ලිඳේ හිටියට අනිත් එවුන් ළිඳට බහින්නේ නෑ බං

      Delete
    2. thoge hora paga nilakasa horu wage nam ratata narakak karanne na....

      Delete
  3. මු අල්ලස් එකට ගිහින් පැමිණිලි කරන්න භයයි.

    ReplyDelete
    Replies
    1. EKE KAIYANAYKE SUPPU

      NADUWA DAPU EKA HOYANAWA

      Delete
  4. පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් කීවට පස්සේ තොපි හොයපියකෝ පකෝ

    ReplyDelete
Previous Post Next Post