තහනමට පෙර චොකා රටින් පිටවේ.. දැන් තායිලන්තයේ..


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමට පෙර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනාවරණය කර තිබේ.

පසුගිය සිකුරාදා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලබන ඔක්තෝබර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

කෙසේ වෙතත්, එම ගමන් තහනම ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ ජයසේකර මහතා පසුගිය අගෝස්තු 31 වැනිදා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා කර ඇත.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 2015 වසරේ කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය මගින් ලබාදුන් මරණ දඬුවමින් ඔවුන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව, ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.

ප්‍රේමලාල් ජයසේකර මහතා සමඟ හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන්ට ද මෙම චෝදනා එල්ල වී තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේ එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ රැලියකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මරණ දඬුවම නියම වී තිබුණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනුණු අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම ගමන් තහනම පනවන ලදී.





Former Sri Lankan Deputy Minister Premalal Jayasekara Flees Abroad Ahead of Travel Ban

The Criminal Investigation Department (CID) has revealed that former Deputy Minister of the Sri Lanka Podujana Peramuna, Premalal Jayasekara, has left the country before a travel ban could be enforced by the Supreme Court.

Last Friday, the Supreme Court imposed a travel restriction on Jayasekara and two others, ordering them to appear before the court on October 21. However, it was discovered that Jayasekara had already departed for Thailand on August 31, just as the CID took steps to implement the travel prohibition. The CID has subsequently reported this information to the Attorney General's Department.

This travel ban was issued as a result of a Supreme Court ruling regarding an appeal against a death sentence linked to a murder that occurred in 2015 in the Kahawatta area. The court was deliberating over an appeal challenging a decision made by the Ratnapura High Court to release the suspects.

Alongside Jayasekara, former Sabaragamuwa Provincial Council member Nilantha Jayasinghe and the former chairman of the Kahawatta Pradeshiya Sabha, Vajira Darshana de Silva, face similar charges.

These individuals were sentenced to death in connection with the shooting incident at a political rally organized in support of Maithripala Sirisena during the 2015 presidential election, which ultimately led to his victory.

The petition was examined before a panel of judges comprising Chief Justice Priyantha Jayawardena, Achala Wengappuli, and Gihan Kulathunga, following a request made by Deputy Solicitor General Janaka Bandara to impose this travel restriction.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. සුරසේන පාදිලියාගේ හොර තීන්දු රෝල් කරලා පුකේ ගහගන්න කියපන් ඌට

    ReplyDelete
    Replies
    1. ඕවා හින්දා තොපේ ලොක්කන්ට ඇප දෙන්නේ නෑ කපෙත් 😂😂😂

      Delete
    2. Pako. Got a iddi Hora theendu deela nidahas karagatta minimaruwek oka. Den wede hariyata weddi maru una. Eth berenna be. Ussan enawa. Onna balapan

      Delete
    3. ඒ චන්ඩියා එලියට ඇවිත් කියපන්කො කොන්ද පන තියෙනවනම් ano කොමෙන්ට් දාන්නේ නැතුව

      Delete
  2. මේ ඉන්නෙ නීතිය බල්ලෙක්ට ගණන් ගන්නේ නැති උන් තමයි. උන් ඉතින් ආයෙ මේ රට කරලා ඉවරයි. ගිය දිහාවක මකබෑවෙලාම ඉඳපන්

    ReplyDelete
    Replies
    1. He has gone to the heaven. Enjoy the life until Mr. Olugala comes there.

      Delete
  3. gothabaya janapathi una gaman kare me wage pohottu minimaruwange nadu nidahas karapu eka thamai

    ReplyDelete
  4. දේපල තහනම් කරන්න

    ReplyDelete
  5. mu thai badu walin aids ehema hdagena awith hire yai...

    ReplyDelete
  6. Methumata mukuth kiyanna epa. methuma thama ape namal janapathi ge cabinet minister kenek. jayawewa.aya meheta enna ape namal janadipathi unama

    ReplyDelete
    Replies
    1. Ay ban dan janadhipathi neda kohomath? Friday දිවුරුම් දුන්න නේද?

      Delete
  7. මාලිමාව දැන් මුලු රටේම ගිහි පැවිදි ජනතාව බේද බින්න කරවමින් වෛර කරවමින් විනාශ මුඛයට ගෙනියමින් සිටින බව සංවේගයෙන් දන්වමි.

    ReplyDelete
    Replies
    1. පුකද මේක ඉන්නේ? පල ඉතිං තොලොංචි වෙ​ලා

      Delete
  8. මුගෙ මල්ලිලා දෙන්නෙ​ක් තමා ඒ දවස් වල ගල්කිස්ස, රත්මලාන, දෙහිව​ල, බම්බා පැත්තේ spa දාගෙන කෙල්ලො ඩීල් කලේ. පස්සෙ පස්සේ ක්ලබ් දාන්න ගිහින් බංකොළොත් වෙලා කොළඹින් පැනලා ගියේ

    ReplyDelete
Previous Post Next Post