රට තුළ පැවති දැඩි සහල් හිඟය පියවීම සඳහා සහල් ආනයනය කිරීමට පියවර ගත් බවත්, පසුගිය පාලන සමයන්හිදී මෙන් කිසිදු පුද්ගලයෙකුට සහල් ආනයනය සඳහා විශේෂ බලපත්‍ර ලබාදීමට කටයුතු නොකළ බවත් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රශ්න කර සිටියේ, 2024 වසර සහල් ආනයනය කරන අවසන් වසර බවට අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබියදීත්, 2025 වසරේදී මෙට්‍රික් ටොන් 180,000ක සහල් තොගයක් ආනයනය කළේ මන්දැයි යන්නයි.
කීරි සම්බා වෙනුවට මෙට්‍රික් ටොන් 64,000ක් ගෙන්වූ බව පැවසුවද, මෙරට නිෂ්පාදනය කළ හැකි අනෙකුත් සහල් වර්ග ද ආනයනය කර ඇත්තේ අතීතයේ මෙන් ජාවාරම්කරුවන්ට මුදල් ඉපැයීමට ඉඩ සලසමින් දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, 2024 වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් සිට 2025 මාර්තු දක්වා කාලය තුළ මෙරට සහල් නිෂ්පාදනයේ විශාල අඩුවක් පැවති බවත්, එම හිඟය පියවා ගැනීම සඳහා මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූහතර දහසක පමණ සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට රජයට සිදු වූ බවත්ය.
පසුගිය රජයන් මෙන් හිතවතුන්ට සහල් ගෙන්වීමේ බලපත්‍ර බෙදාදීමට සිය රජය කිසිසේත්ම කටයුතු නොකළ බව අවධාරණය කළ අමාත්‍යවරයා, ආනයන සීමා ලිහිල් කර කිලෝවකට රුපියල් 65ක බද්දක් යටතේ නිශ්චිත කාලසීමාවක් තුළ ඕනෑම අයෙකුට විවෘතව සහල් ආනයනය කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දුන් බව පැවසීය.
ඒ අනුව ස්වර්ණ නාඩු, කීරි පොන්නි සහ GR 11 වැනි සහල් වර්ග ආනයනය කරමින් රට තුළ පැවති හිඟය සාර්ථකව පාලනය කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Minister Vasantha Samarasinghe Reveals Steps Taken to Address Rice Shortage in Sri Lanka
The Sri Lankan government has initiated measures to import rice in response to the severe shortage affecting the country. Minister of Trade Vasantha Samarasinghe disclosed in Parliament that during previous administrations, no individual was granted special permits for rice imports.
Samarasinghe made these remarks while responding to a question posed by opposition MP Hesanth Vithanage. The MP questioned Samarasinghe about his earlier statement that 2024 would be the last year for rice imports, and sought clarification on why 180,000 metric tons of rice were imported in 2025.
While acknowledging the import of 64,000 metric tons instead of the requested Kiri Samba variety, Vithanage raised concerns about whether other rice types being imported might benefit smugglers, as had been seen in the past.
In his response, the minister outlined the significant decrease in local rice production from October to December 2024, extending to March 2025, which necessitated the government's decision to import approximately 114,000 metric tons of rice to mitigate the shortfall.
Emphasizing accountability, Samarasinghe pointed out that his government has not engaged in the practice of distributing permits for rice imports to friends, unlike previous regimes. He noted that import restrictions have been eased, allowing anyone to import rice within a stipulated timeframe, subject to a tax of 65 rupees per kilogram.
Through these steps, the minister highlighted that the government has effectively managed the rice shortage in the country, successfully importing varieties such as Swarna Nadu, Kiri Ponn, and GR 11.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Goviyage vee tika okkoma kilo eka120 gane gaththa. Goviyo sathvanak preethiyen pina gihin sitinawa.
ReplyDeleteගහන්න අප්පුඩියක්
ReplyDeleteDoing Nadar's job like Bandula during Rajapaksa era.
ReplyDeleteඅපරාදෙ ජවිපෙට ආණ්ඩුව නොලැබුණේ.
ReplyDeleteජවිපෙ ආණ්ඩුව ගත්තනං එක පෑන් පාරයි - හාල් ප්‍රශ්නේ ඉවරයි