සේවා රැසකට සහතිකය අනිවාර්ය කෙරේ..


ලබන නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මූල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් සේවාවන් ලබාගැනීමේදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.

  •       නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණයපත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම
  •       මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම
  •       ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම
  •       සමාගම් කොටස් පැවරීම

මෙම නව ක්‍රමවේදය ඔස්සේ මෙරට බදු පදනම තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම සමස්ත මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.





Mandatory TIN Submission for Key Financial Transactions Starting November 1

The Department of Inland Revenue has announced that a Taxpayer Identification Number (TIN) certificate will be mandatory for various key financial and legal transactions starting from November 1.

Effective from this date, individuals will be required to present their TIN certificate when engaging in the following services:

  • Opening new bank accounts and applying for credit cards
  • Registering motor vehicles and renewing vehicle revenue licenses
  • Obtaining approvals for building plans
  • Transferring company shares

This new procedure aims to further broaden the tax base in Sri Lanka and enhance transparency in all financial transactions, according to the Department of Inland Revenue.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post